වෙනිසියුලානු ජනපති අත්අඩංගුවට ගැනීමට ලබා දෙන ඔත්තුවකට ඩොලර් මිලියන 50ක් පිරිනැමීමට අමෙරිකාව ගත් තීරණය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු! - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
වෙනිසියුලානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට ලබා දෙන ඔත්තුවකට ඩොලර් මිලියන 50ක් පිරිනැමීමට අමෙරිකා එක්සත් ජනපදය ගත් තීරණය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.
එහි ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා තිබේ.
අදාළ නිවේදනය පහළින්..
පසුගිය අගෝස්තු 8 වනදා එක්සත් ජනපද නීතිපති පෑම් බොන්ඩි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට හැකි වන ඔත්තුවක් සපයන්නෙකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක පිරිනමන බවයි. අමෙරිකා එක්සත් ජනපදය ප්‍රථම වතාවට වෙනිසියුලානු ජනාධිපතිවරයා පිළිබඳව ලබා දෙන ඔත්තුවකට ත්‍යාග පිරිනමන බව පැවසූවේ වර්ෂ 2020 දීය. ඒ ඩොලර් මිලියන් 15ක ත්‍යාගයක් ලෙසය. එම අගය 2025 ජනවාරි මාසය වන විට ඩොලර් මිලියන 25 දක්වා නැවත ඉහළ දමන ලද්දේය. මේ සෑම අවස්ථාවකම මදුරෝට එල්ල කළ චෝදනාව වූයේ මත්ද්‍රව්‍ය ජාවරම් කරනවාය යන්නයි. නිකොලොස් මදුරෝ යනු මේ වන විට දෙවතාවක්ම වෙනිසියුලානු ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයෙකි. ඒ අනුව ඔහු ඉන්නා තැන දැන ගැනීමට අළුතින් ඔත්තු අවශ්‍ය වන්නේ නැත. අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලානු ජනාධිපතිවරයාට ඊනියා මත්ද්‍රව්‍යය චෝදනා එල්ල කිරීමෙන් පමණක් නැවතුනේ නැත. 2018 වර්ෂයේදී මදුරෝ කැරකස් නගරයේදී රැළියක් අමතමින් සිටියදී ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඝාතනය කිරීමට උත්සහා කළේය. එලෙසම 2024 සැප්තැම්බර් මාසයේදී, වෙනිසියුලානු පොලිසිය විසින් මදුරෝ ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් ව්‍යවර්ත කළේය. වෙනිසියුලාව තරම් ස්වාභාවික සම්පතින් අනූන නොවූ කියුබාව නම් කුඩා දිවයිනේ අසාහය විප්ලවාදියා වූ ෆිදෙල් කස්ත්‍රොගේ ජීවිතය බිළි ගැනීමට අමෙරිකානු අධිරාජ්‍යවාදියා 637 වතාවක් උත්සහා කළේය. ලිබියාවේ ගඩාෆිගේ ඉරාකයේ සදාම් හුසේන්ගේ ආණ්ඩු අභූත චෝදනා එල්ල කර ආක්‍රමණය කර විනාශ කර දමන ලද්දේය. ඉරානය, උතුරු කොරියාව, සිරියාව සහ කියුබාව ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලෙස නම් කර තිබේ. මුලින් කී රටවල් තුන යුදමය වශයෙන් බලවත් වුවද කියුබාව එවැනි යුදමය හැකියාවක් ඇති රටක් නොවේ. කියුබාවට ඇත්තේ සමස්ත ලෝක ජනයාගේ ආදරය සහ ගෞරවය නොමදව දිනා ගැනීමේ ශක්තිය පමණය. අමෙරිකානු අධිරාජ්‍යා එවැනි අහිංසක ශක්තියකට පවා ඇත්තේ පුදුමාකර බියකි. වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යන චෝදනාව ඉදිරිපත් කරන අමෙරිකාව ඇල්බේනියානු-ඉක්වදෝර මත්ද්‍රව්‍ය ජාලය තම හුරතලුන් ලෙස සැලකීම ලෝක ජනයාගේ පුදුමයට හේතුවේ.
වෙනිසියුලානු ජනාධිපතිවරයාට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු යන චෝදනාව කිරීමෙන් නොනැවතී වෙනිසියුලානු මොනාගාස් ප්‍රාන්තයේ අගනුවර මෙන්ම වෙනිසියුලාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ උපකරණ ගවේෂණය සහ සංවර්ධනය වෙනුවෙන් වෙන් වූ මධ්‍යස්ථානය වන මැටුරින් නගරයේ දැවැන්ත පිපිරීමක් කිරීමට අධිරාජ්‍යවාදී බලවේග සැලසුම් සකස් කර තිබුණි. මහජනයා ඉලක්ක කර කරනු ලබන පුපුරුවා හැරීමකින් පසුව ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමට තරම් ප්‍රමානවත් තරමේ ආයුධද මෙම කණ්ඩායම සතුව තිබුණි. එලෙසම පසුගිය ජූනී මාසයේදී කැරකස් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් ආශ්‍රිතවද දුරස්ත පාලකයක් මගින් පුපුරුවා හැරීමක් සූදානම් කර තිබුණි. මෙවැනි මානව විරෝධී කඩකප්පල්කාරී ක්‍රියා සියල්ල අවශ්‍ය වන්නේ ෆැසිස්ට් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් වලට මිස සාමය සහ සතුට අවශ්‍ය ප්‍රගතිශීලී බලවේග වලට නොවන බව අපි අවධාරණය කරමු.
අවසාන වශයෙන් අධිරාජ්‍යවාදී බලවේග වල පවිටු වුවමනාවන් ගැඹුරින් අවබෝධ කරගෙන දකුණු අමෙරිකානු රාජ්‍යයන් වල වෙසෙන ජනතාව ෆිදෙල්ගේ, චේගේ, චාවේස්ගේ සහ අනෙකුත් අධිරාජ්‍ය විරෝධී දකුණු අමෙරිකානු නායකයන්ගේ ආදර්ශයන් අනුව පෙළ ගැසෙන ලෙස ශ්‍රි ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. එලෙසම ආසියානු අප්‍රිකානු කළාපයේ වෙසෙන අධිරාජ්‍ය විරෝධී බලවේග එක මිටකට ගොනු වීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමු. එසේ දැනුවත්ව සංවිධානය වීමකින් තොරව චීනය , රුසියාව ප්‍රමුඛ රටවල් ආශ්‍රිතව ගොඩ නැගෙන නව බහු ධ්‍රැවීය බලකේන්ද්‍රයන් වලින් ලැබෙන වාසිය ආසියා අප්‍රිකා ලතින් අමෙරිකා කළාපයේ වෙසෙන පීඩිත දිළිඳු ජනයාට අත්පත් කර ගැනීමට නොහැකි බවද අපි අවධාරණය කරමු.
ජීවන්ත ජයතිස්ස
ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..