දැනට ගින්න තිබෙන්නේ අළු යටය..
අනුර ඊයේ තකහනියේ පාර්ලිමේන්තුවට ඇවිත් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරන්න එපා කීවේ වැසිකිලියට ගිහිල්ලා හරියට දෑත් සෝදා ගන්නවත් පණක් නැති විපක්ෂයට නොවේ.😃
හරිණිට සහ ජවිපය නොවන NPP ය ලෙස මෙහෙයවෙන කංඩායමටය. ඒ කංඩායම මෙහෙයවන බාහිර බලවේගයටය..‼️
අනුරගේ කථාව අහන්න..
ඔහු කියනවා පාර්ලිමේන්තුවෙිද රට ඇතුලේ සහ රටෙන් එළියේ ලෙස ඉන්න උගතුන්ට කුමන්ත්‍රණ නම් කුහක වැඩේ කරන්න එපා කියලා.
ඔහුට පාර්ලිමේන්තුවෙි ඉන්න උගතුන් කියන විපක්ෂයේ අය ගැටළුවක්ම නෑ.
ඒ හංදයි ඔහුගේ කථාව ඇතුලේ,ජනාධිපතිවරයෙක්ට නුසුදුසු ලෙස ආචාර්ය හර්ෂද සිල්වාට කබීර් හෂීම්ට වගේ අයට නාලක ගොඩහේවාට වගේ අයට අපහාස උපහාස කර කර කථාව පවතිවාගෙන ගියේ නමුත් හරිණි අමරසුරිය සහ NPP කංඩායමත් එම කංඩායම මෙහෙයවන රටින්,බාහිර කංඩායමටත් ඔහු ජනාධිපති ලෙස අනතුරු ඇගෙව්වා.
ජවිපය සහ හරිණි අමරසුරිය කංඩායම අතර ගැටුම සගවන්න කොතරම් උත්සාහයකි ගත්තත් එය අසාර්ථක වී තිබෙනවා.
කොටින්ම හර්ෂණ සුරියප්පෙරුම (ජාත්‍යන්තර IMF නිර්දේශයට අදාලව ) පාර්ලිමේන්තුවෙන්,ඉවත්ව මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට ගිය පසු
හිස්වුන පාර්ලිමේන්තු ධුරය පවා පුරවාගන්න තවම අසමත් වී තිබෙන්නේ මේ,ගැටුමයි.
රටම දන්නා පරිදි ඉතාමත්ම දුර්වල සහ කල්ලි කංඩායම්,ලෙස පවතින විපක්ෂයට කුමන්ත්‍රණ කරන්න එපා කියමින් විශේෂ ප්‍රකාශ කරන්න හෝ ආර්ථිකය බිදවැටෙනවා වගේ ප්‍රබල මතයන් සමාජගත කරන්න හයියක් නැති බව සත්‍යයකි.
එහෙත් යම් විදිහකට හරිනි ඇතුළු 50ක පමණ කංඩායමක් පාර්ලිමේන්තුවෙි ස්වාධීන වීම එතැනට හරිනිලාගේ කණ්ඩායම මෙහෙයවන ජාත්‍යන්තර උවමනාවට අනුර බිය වුන බව නම් සත්‍යයකි..‼️‼️
අනුර ඇතුළු ජවිප පාර්ශවය හරිණිලාගේ පාර්ශවය සහ ඔවුන්ට ඇති,ජාත්‍යන්තර සහයෝගිතාවය (NGO සහ තානාපති කාර්යාළ සහාය) ඉදිරියේ කුඩා කංඩායමකි.
හැබැයි දේශපාලන රාමුවේ ඔවුන් (ජවිපය) ශක්තිමත්ම කංඩායමය.
මේ,ගැටුම මත හරිණිලා විපක්ෂය සමග එකතු කර නව සංධායනක් ජාත්‍යන්තර බලවේග හදයි කියන සැකය අනුරට සහ ටිල්වින් කංඩායමට ඇත.‼️
ඇත්තටම රාජපක්ෂ පුතාගේ රොකට්ටුව සමග ඇතිවුන කලබගෑණියට හෝ සජිත්,දෙසැම්බර් ජනාධිපති කරනවා කියපඅ එකට කබීර්ට උත්තර දෙන්නවත් උදය ගම්මන්පිල අත් අඩංගුවට ගත්ත නාවුක හමුදාපති ගැන කීව එකටවත් අනුර පාර්ලිමේන්තුවෙි විශේෂ ප්‍රකාශයක් කලා නොවේ.
ඔහු කුමන්ත්‍රණ කරන්න එපා කියන පණිවුඩය කියන්නේ හරිණිලා මෙහෙයවන පාර්ශවයටය. ⭐
ආරක්ෂක නියොජ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂය හරහා එනවිට එයට හරිණි ඇතුළු විපක්ෂයේ කංඩායමක් පක්ෂ වී කතෝලික පල්ලියේ අවශ්‍යතාවය මත නියෝජ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට සුදානම් කරන බවට කථාවක් පැතිරෙමින් පවතින්නේය.
එයට ජවිප පාර්ශවය අකමැති නමුත් NPP ලෙස සිටින හරිණිගේ පාර්ශවය විශ්වාස භංගය පාර්ලිමේන්තුවෙි විවාදයට ගන්න පෙර ආරක්ෂක නියෝජ්‍ය ඇමතිව ඉවත් කරන්න කැමැත්තෙන් ඉන්න බව පවසන්නේය.
අනුර කුමන්ත්‍රණය කරන්න එපා කීවේ ඔන්න ඕවාට බවත් වටහාගන්න සිදුවන්නේය.
බොහෝ දුරට ආන්ඩුවේ මේ දෙදරීම ආරක්ෂක නියොුජ්‍ය ඇමතිවරයාට එරෙහි ලබන සදුදා කථානායකට බාර දෙනවා කියන මේ විශ්වාස භංගය විවාදයට ගතහොත් එදාට බලා ගන්කටහැකි වන්නේය.
එමෙන්ම ඊයේ තකහනියේ අනුර පාර්ලිමේන්තුවෙි කරපු කථාවේ ඇත්ත අවශ්‍යතාවය මොකක්ද යන්නත් එදාට බලා ගන්කට පුළුවන.
පොඩ්ඩක් හොයලා බලන්නකෝ අනුරගේ ඊයේ කථාවෙන් පස්සේ අද හදිසියේ හරිනි කාදිනල් තුමා මුණ ගැහිලාත් තියනවා.
දැනට ගිණි තිබෙන්නේ අළු යටය.
- නුවන් මොණරවිල -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..