News Category
From Date
To Date
Maximum Number of Result

සියලුම පැවති ආණ්ඩු තරුණ සේවා සභාව අවභාවිතා කළා - තරුණ පරපුර සංවිධානයේ කැදවුම්කරු දුලාජ් මනතුංග

Aug 6, 2025 at 09:51 PM
|

තරුණ පරපුර සංවිධානය පසුගිය දින (2025/08/04) මාධ්‍ය සාකච්චාවක් කැදවනු ලැබු අතර එහි අරමුණ වුයේ වත්මන් මාලිමා රජය විසින්  යෞවන සම්මේලන දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වු අතර ඒ සදහා තරුණ පරපුර සංවිධානයේ කැදවුම්කරු දුලාජ් මනතුංග සහ තරුණ පරපුර විධායක සභික රුක්ෂාන් හදුගල සහභාගි විය. ඒ අවස්තාවේ දී අදහස් දැක්වු සදහා තරුණ පරපුර සංවිධානයේ කැදවුම්කරු දුලාජ් මනතුංග තරුණ සේවා සභාවේ ආරම්භය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.

“1979 අංක 69 දරණ පනත යටතේ තමයි මේ තරුණ සේවා සභාව ආරම්බ වෙන්නේ. එතකොට ජනාධිපති වෙලා හිටපු ජේ ආර් ජයවර්ධන මහතා ප්‍රමුඛ ආණ්ඩුව මේ පනත ගෙනල්ලා මේ තරුණ සේවා සභාව පිහිටුවන්නේ. එතකොට එකට මුලික වෙච්ච කාරණාව තමයි 71 තරුණයන් විසින් කරපු අරගලයක් පැවතුනා මේ රටේ.එතකොට එවැනි අරගලයක් තවදුරටහ් සිද්ධ නොවීමටයි මේ තරුණ සේවා සභාව පිහිටවන්නේ”

“ඉන්පසුව බලයට ආපු රජයන් විසින් සහ දේශපාලන පක්ෂ විසින් මේ තරුණ සේවා අඩු වැඩි වශයෙන් භාවිතා කරපු ආකාරය අපි දැක්කා.නමුත් මේ වනවිට තත්ත්වය උග්‍ර අතට හැරි තියෙනවා”

“තරුණ සේවා සභාවේ දැක්ම අපි ගත්තොත් බලසතු වු ශ්‍රි ලාංකික තරුණයෙක්. මෙහෙවර විදියට සදහන් කරන්නේ.දේශිය හා ජාත්‍යන්තර අවස්තා උපයෝගී කොටගෙන ජිවිත අභියෝග සදහා මුහුණ දීමට ශ්‍රි ලාංකීක තරුණය සවිබල ගැන්වීම සදහා පහසුකම් සැපයීම.”

“එතකොට මේ තරුණ සේවා සභාව බිම් මට්ටමේ ඉදන් දිස්ත්‍රික්ක මට්ටම සහ ජාතික මට්ටම දක්වා මේ ව්‍යුහය ඉතාමත් දිගු ව්‍යුහයක් දක්වා පැතිරිලා තියෙනවා.එතකොට වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළින් ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් වසරකට ඉස්කෝලෙන් එළියට එනවා.එහෙම තරුණයට උසස් අධ්‍යාපනය සදහා විසදුමක් ලෙසත් මෙන්න මේ තරුණ සේවා සභාව කටයුතු කරගෙන ගියා. ”

“ගම්වල හේන් කොටන අම්මලා තාත්තාලගේ දරුවන්ගේ සිට ඉදිරියේ දී නායක්තවය දරන්න කටයුතු කරන තරුණ තරුණියෝ මේකට එනවා.එතකොට ඒ හැමෝමටම තෝතැන්නක් වුණේ ජාතික තරුණ සේවා සභාව.”

ජාතික තරුණ සේවා සභාව දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් අදහස් දැක්වු එම මහතා මෙලෙස සදහන් කරා.

“දැන් කරලියේ තියෙන මාතෘකාවක් තමයි ඔය නිල් බලකාය.ඒ වගේම තරුණ්‍යයට හෙටක් ඔය වගේ සංවිධානය දැන් කරළියට ඇවිල්ලා තියෙනවා.ඇත්තටම පැවති සියලුම ආණ්ඩු අඩු වැඩි වශයෙන් තරුණ සේවා සභාව අවභාවිතා කරා.එතකොට වත්මන් රජය බලයට එන්නේම ආපහු එවැනි දේවල් නොවෙන්න ඒ ආණ්ඩු කරපු වැරදි නිවැරදි කරනවා කියන තැනින් තමයි මේ මාලිමාව පත් වෙන්නේ”

“එතකොට මාලිමාව මේ මුලික අරමුණෙන් බැහැර වෙලා මේක වෙනස් කරන්න හදනවා කියන කරණාව. මේකේදී පේනවා, මේ ආණ්ඩුවට කරන්න තිබ්බ දේ තමයි යෞවන සම්මේලන වල ඉන්නවා කාලයක් තිස්සේ මේකේ ඉදලා මේ කැපකීරිමක් කරලා මේකේ කට්ටක් කාලා ඉන්න හොද තරුණ තරුණියෝ.මොකද අර හැමෝටම මේකේ කාඩ් එක ගහන්න බැහැ මේකේ වංචා කරලා තියෙනවා කියලා.”

“අනාගතේ රටේ නායකත්වයට පත්වෙන්න ඉන්න තරුණ තරුණියෝ තමයි මේකේ ඉන්නේ.එතකොට මාලිමාවට හරි විදියහට කරන්න තිබ්බේ මේ හැමෝම එකතු කරගෙන වැඩේ කරන්න.එතකොට සිස්ටම් චේන්ජ් කරන්න කියලා මෙතනට ඇවිල්ලා මේ එක පාරට අලුතින් සිස්ටම් එකක් ගෙනල්ලා මෙතනට දාන එක නෙවෙයි හරියන්නේ.”

“ගමෙන් පටන් ගත්ත තරුණ සේවා සභාවේ තරුණ සමිතියේ එකට හිටපු තරුණ තරුණියෝ අද දෙපැත්තකට වෙලා.දැන් මේක ද මාලිමාවට කරන්න ඕන වුණේ.එකට කාලා බීලා හිටපු තරුණ තරුණියෝ විරසක කරලා මේගොල්ලෝ මේ කරන්න යන වෙනස මොකක්ද? එකට හිටපු අය ඇයි මේකට සම්බන්ධ කර නොගන්නේ?ඇයි මේ අයව එකපාරටම මෙහෙම එළියට දාන්නේ? අන්න එතනින් තමයි මේ ගැටලුව පටන් ගන්නේ”

“මේ හිටපු අයත් එක්ක සාකච්චා කරලා මේ අයගෙන් පිරිසක් අරගෙන මාලිමාවෙත් පිරිසක් දාලා මෙන්න මේ වගේ සියලු දෙනාම එකතු කරගෙන මේ වැඩේ කරන්න තිබ්බා.නමුත් එක පාරටම පැරෂුට් එකකින් ගෙනල්ලා බැස්සුවා වගේ සිස්ටම් එකක් මේකට දාලා මේ අපේ කට්ටිය මේකට දාගන්න ඕන කියලා කරන්න ගියාම මේ වගේ ප්‍රශ්ණ ඇති වෙනවා.”

“අපි පැහැදිලීවම කියනවා කරුණාකරලා මේකේ ගැටුම් ඇති කරන්න එපා,ගැටුම් ඇතිකරගන්න තැනට මේ තරුණ තරුණියෝ පත් කරන්න එපා.මොකද එහෙම වුණොත් රටේ අනාගතය භාරගන්න මේ තරුණ තරුණියෝ දෙපැත්තකට බෙදිලා ගැටුමක් ඇති කරගන්න ගියාම අපි කොහොමද ඉස්සරහට යන්නේ?තව අවුරුදු 10ක් විතර ඉස්සරහට යද්දී මේ අය තමයි රට භාරගන්න ඉන්නේ”

වැඩිදුරටත් අදහස් දැක්වු දුලාජ් මනතුංග ඉල්ලා සිටියේ මාලිමාව ප්‍රමුඛ ආණ්ඩුවෙන් තරුණ සේවා සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසයි.

“කරුණකරලා මේ තරුණ සේවා සභාව ස්වාධීනව පවතින්න ඉඩ දෙන්න.මේ තරුණයාට ස්වාධීනව කටයුතු කරන්න අලුතෙන් හිතන්න ව්‍යවසායකයන් බිහිවෙන්න මේ තියෙන දේවල් වලට ස්වාධීනව තියෙන්න ඉඩ හරීන්න.”

එමෙන්ම එතුමා තරුණ සේවා සභාවට අනුයුක්ත කර ඇති පුහුණූ අභ්‍යාසලාභීන් සම්බන්ධයෙන් ද අදහස් දක්වන ලදී.

“මේ ප්‍රාදේශිය ලේකම් කාර්‍යල වල ඉන්නවා තරුණ සේවා නිලධාරීන්.මෙයාලව අනුයුක්ත කරලා තියෙන්නේ පුහුණු අභ්‍යාසලාභීන් විදියට.මෙයාලට දීලා තියෙන්නේ මාස හයෙන් හයට අලුත් වන පත්වීම්.මාස හයේ තියෙන පත්වීම් වලට කොන්දේසියක් දාලා කිසිදු මැදිහත් වීමක් කරන්න බෑ කියලා.මෙයාලව හිර කරලා තමයි මේ පත්වීම් දිලා තියෙන්නේ.”

“මාස දෙක තුනක් ඉදන් මේ අයගේ පත්වීම අලුත් වෙලා නෑ.කණින් කොනින් ආරංචි වෙනවා මේ පත්වීම අහෝසි කරලා මාලිමාවේ ආධාරකරුවන් පත්කරගන්න සුදානම් වෙනව කියලා.නමුත් ඒ සම්බන්ධයෙන් ස්තීර තොරතුරු ලබා දීමේ හැකියාවක් නෑ.”


සම්බන්ධිත පුවත් | Related News

පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජීවත්වන 160,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් එළැඹෙන 23 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.