වෙනිසියුලානු නගර සභා මැතිවරණයේ ප්‍රතිඵල වලින් කියවෙන ලෝක අධිරාජ්‍ය විරෝධී ප්‍රවනතාවය කියවා ගනිමු!
(ඉකුත් දා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් සම්පාදිත ලිපියකි)
පසුගිය ජූලි 27 වනදා වෙනිසියුලානු රාජ්‍යයේ නගර සභා 335 කට ඉදිරි කාලය සඳහා සභිකයන් පත්කර ගැනීම වෙනුවෙන් 2025 වෙනිසියුලානු නගර සභා මැතිවරණය පැවැත්වුණි. එයින් නගරසභා 285කම ජයග්‍රහනය චාවේස්ටා ව්‍යාපාරය ජයග්‍රහණය කරනු ලැබීය. එම අගයට රාජ්‍ය අගනගර 24න් 23ක්ම ඇතුලත්ව තිබීම චාවේස්ටා ව්‍යාපාරය ලද දැවැන්ත ජයග්‍රහනයකි.
මෙම ජයග්‍රහනය බොලිවේරියානු විප්ලවයට සහ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස්ට සහාය දෙන වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද දේශපාලන බලවේගයන්ගේ සන්ධානයක් වන මහා දේශප්‍රේමී ධ්‍රැවය හෙවත් චාවිස්මෝ , 2021 වසරේදී නගර සභා 212 ක ජයග්‍රහණය ලබමින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වඩාත් තහවුරු කරනු ලැබූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, විපක්ෂය දිනාගත් නගරාධිපති ධුර 50 හිමි නගර සභා හොඳින් පාලනය කිරීමට බැඳී සිටින නව වෙනිසියුලානු විපක්ෂයක උපත සනිටුහන් කරන බව තමන් විශ්වාස කරන බව පැවසීය.
එලෙසම විපක්ෂයේ ලද ජයග්‍රහණය අධිරාජ්‍යයවාදී කඳවුර ශක්තිමත් නොකරන වෙනිසියුලානු ජනයාගේ යහපත වෙනුවෙන් යොදවන විපක්ෂයක් බවට වර නැංවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද අවධාරණය කළේය.
නිකොලස් මදුරෝ නායකත්වය දෙන කඳවුරේ ජයග්‍රහණය හියුගෝ චාවෙස් විසින් එළි පෙහෙළි කළ මග අනුගමනය කිරීම හේතුවෙන් ලද ජයග්‍රහණයකි. එලෙසම දකුණු අමෙරිකානු කලාපයේ රටවල් පහක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ දර්ශනය මත පිහිටා හියුගෝ චාවේස් තම දේශපාලන දර්ශනය නිර්මාණය කර ගැනීම හේතුවෙන් වෙනිසියුලානු ජනයාට මෙම ජයග්‍රහණය ලැබී ඇති බව අපගේ කියවීමයි.
වත්මන් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මෙහෙයවන වෙනිසියුලානු ආණ්ඩුව අමෙරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත සම්බාධක හරහා වුවද වෙනිසියුලානු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරලීමට සාර්ථක මෙහෙයක් ඉටු කරමින් සිටී. වෙනිසියුලානු ජනයාට අමෙරිකානු සම්බාධක හේතුවෙන් ලබා ගැනීමට නොහැකිව තිබෙන අත්‍යවශ්‍යය ඖෂධ වෙනිසියුලාව තුලම නිපදවා ගැනීමට හැකියාව 80% කින් පමණ අත්පත් කරගෙන ඇත.
වෙනිසියුලානු නායකත්වය කෙරෙහි වෙනිසියුලානු ජනයා තබා තිබෙන විශ්වාසය මෙලෙස ජනතාවට ප්‍රතිලාභ ලෙස පෙරලා ලැබී තිබේ.
කියුබානු විප්ලවය ජයග්‍රහනය කරා මෙහෙයවමින් වසර 60 කට වැඩි කාලයක් අධිරාජ්‍ය අත පෙවීම් මධ්‍යයේ කියුබාව මෙහෙයවූ අසාහය විප්ලවවාදියා වූ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්ව භූමිකාවෙන් විහිදෙන රැස් වළලු වෙනිසියුලානු දේශපාලන භූමිය මත වැටී ඇති බව වෙනිසියුලාව මෙලෙස ජයග්‍රහනයේ පෙලහැර පෑම විසින් පැහැදිළි වේ.
දකුණු අමෙරිකාවේ වෙනත් රටවල ජනයා වෙනිසියුලානු සහ කියුබානු අත්දැකීම් මනාව කියවා ගෙන තම රටවල දේශපාලන අනාගතයේ හැඩතල නිර්මානය කර ගැනීම අධිරාජ්‍ය විරෝධී කඳවුර ශක්තිමත් වීමට හේතු වන බව අපගේ අවධාරණයයි.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදියගේ ස්වභාවික මරණය හමුවේ නැගී එන චීනය රුසියාව ප්‍රමුඛ බහු ධ්‍රැවීය ලෝකය තුළ තම රටවල අනන්‍යතාවය සටහන් කර ගත් හැක්කේ ඒ අනුව බව අප විශ්වාස කරමු.
එළඹි සියවස අධිරාජ්‍යාවාදීන්ගේ ස්වභාවික මරණය සනිටුහන් කරන සියවසක් වීම යථාර්ථයක් වන්නේ එමගින් පමණක් බවට අප අවධාරණය කරමු.
ජීවන්ත ජයතිස්ස,
ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..