රණවිරු දඩයම සහ ඔත්තු සේවා බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය අද උච්චතම අවස්ථාවට පැමිණිලා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
2015 දී යහපාලන ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික මැදිහත්වීම යටතේ ආරම්භ වූ රණවිරු දඩයම සහ ඔත්තු සේවා බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය අද වන විට උච්චතම අවස්ථාවට පැමිණි ඇති බවත්, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම මගින් එය වඩාත් සනාථවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිරිතලේ ඔත්තුසේවා ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන සියලු ලේඛන සීල් තැබූ බවත්, මිලේනියම් සිටි සිදුවීම මගින් ඔත්තුසේවා නිලධාරීන් පාවාදීම සිදුවූ බවත්, මේ ක්‍රියාවලිය හරහා ඔත්තු සේවා බිඳවැට්ටවීම ක්‍රමක්‍රමයෙන් සිදුකළ බවත් ඒ මහතා චෝදනා නගයි.
අද වන විට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම තුළින් ආණ්ඩුව ප්‍රදර්ශනය කරන්නේ අභිසාරිකාවක් සල්ලාලයෙක් සතුටුකරන්න උත්සාහ දරනවා සේ ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය බව වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩයස්පෝරාව පිනවීමට ආණ්ඩුව දරන උත්සාහය මගින් ආරක්ෂක හමුදා බිඳවැටීම සිදුවන බවත්, නාවික හමුදාව සමග ඩයස්පෝරාවට වෛරයක් පවතින බව හා ඒ එල්.ටී.ටීඊ යුද බලය මැඩලීම සඳහා විශාල භූමිකාවක් නාවික හමුදාව මගින් ඉටුකිරීම නිසා බවත් ඒ මහතා පවසයි.
ආණ්ඩුව විසින් දඩයම්කරුවන් පත්කළ ද එම දඩයම්කරුවන් නියෝග ලබාගන්නේ ආණ්ඩුවෙන් පමණක් නොවන බව ආණ්ඩුව තේරුම්ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..