ට්‍රම්ප්ගේ තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි.. බදු අඩුකරගන්න කළ සාකච්ඡා සාර්ථක වී නැහැ..
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම තීරුබදු අඩුකරගැනීම සඳහා අමෙරිකාව සමග සිදුකරමින් පවතින සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ එම සාකච්ඡා සුබවාදීව අවසන් වේයැයි අපේක්ෂා කරන බවයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා
''ඇමරිකා එක්සත් ජනපදය වුණත් ඉතාම හොඳ මට්ටමකට සාකච්ඡා සම්පූර්ණ වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා සුබවාදීව ඉවර වෙයි කියලා. ඒ වගේම අපි රජය හදන ආර්ථික ඉලක්ක ජනතාව අතර බෙදා හදාගෙන ජන සහභාගීත්වයෙන් ඒ ඉලක්ක සම්පූර්ණ කරගැනීම තමයි අපේ අරමුණ''
ලොව රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය පසුගිය අප්‍රේල් දෙවැනිදා අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදෙනු ලැබුවේය.
මෙහිදී දෙරට අතර සියයට 88ක වෙළෙඳ හිඟයක් පවතින බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවට සියයට 44ක් තීරුබදු පැනවූයේ ඉහළ තීරුබදුවලට ලක්වූ මුල් රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරමිනි.
මේ සම්බන්ධයෙන් ලොව රටවල් රැසකින් ලැබුණු ඉල්ලීම් සලකා බලා නව එකඟතාවන්ට පැමිණීමට දින 90ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළේය.
සහන කාලය අවසන්වීමෙන් පසු ඉහළ තීරුබදුවලට ලක්වූ රටවල් සඳහා පැනවූ නව තීරුබදු සීමා සඳහන් කළ ලිපි ඒ ඒ රටවල් වෙත යැවීමට ට්‍රම්ප් කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 30කි.
මේ අතර, ආසියානු කලාපීය තරගකාරී රාජ්‍යයක් වන ඉන්දියාවට සියයට 25ක අන්‍යෝන්‍ය තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..