ලලිත් – කූගන් නඩුවට සාක්‍ෂි දෙන්න ගෝඨා ලෑස්තියි!
යාපනය ප්‍රදේශයේදී 2011 වසරේදී අතුරුදන්වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති හබයාස්කෝපුස් පෙත්සම් විභාගයේදී තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (30දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව පැවැසීය.
එම නඩුවට සාක්ෂි ලබාදීම සඳහා සිය සේවාදායකයාට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට යෑම ඔහුගේ ආරක්ෂාවට ගැටලුවක් විය හැකි බැවින්, එම සාක්ෂි විභාගය කොළඹදී පැවැත්වීමට හැකි නම් වඩාත් සුදුසු බවද යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
එම ඉල්ලීම යාපනය මහෙස්ත්‍රාත්වරයාගෙන් කරනා ලෙස විනිසුරු මඬුල්ල ඔහුට දැනුම් දුන්නේය. අභියාචනාධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම හබයාස්කෝපුස් පරීක්ෂණ ආරම්භ කොට තිබිණි. එකී මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කර තිබූ අතර එම සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කොට තිබිණි. අභියාචනාධිකරණයේ එකී නියෝගයට එරෙහිව ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන්ගේ ඥාතීන් ඉදිරිපත් කොට තිබූ අභියාචනාව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදීමට එකඟවීම නිසා එකී අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්ත අවසන් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාව අනුව විනිසුරු මඬුල්ල නියෝග කළේය. නීතිඥ නුවන් බෝපගේ මහතා ලලිත් – කූගන් ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටියේය.
මේ අතර මෙම මළසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී පෙරේදා (29දා) පස්වරුවේ සිදුකර ඇති අතර එහිදී එම මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.
විපක්ෂනායකවරයා, බිරිඳ හා දියණියට කිසියම් පෙති වර්ගයක් බීමට දී ඔවුන්ගේ ගෙල සිරකර මරා දමන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් ස්ථිර යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ අදාළ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසුව බව පොලිසිය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ