තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙයි..
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් පවසා ඇති බවය.
මෙය ගැටුම් අවම කර සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය පළමු පියවරක් බවද ඔහු සඳහන් කර තිබේ.
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡා මාලදිවයිනේදී ආරම්භ විය.
මේ සඳහා තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයාචායි සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය යුන් මැනට් එක්ව සිටි අතර සාම සාකච්ඡා හී මැදිහත්කරු ලෙස මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් කටයුතු කරනු ලැබීය.
දෙරට අතර සිදුවූ ගැටුම් හමුවේ තායිලන්තයේ හමුදා සාමාජිකයින් ඇතුළු 33 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එමෙන්ම එරට පළාත් හතක සිවිල් වැසියන් 140,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ නමුත් කාම්බෝජය මෙතෙක් ගැටුම් හමුවේ මරණයට පත්වූවන් සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්