පොලිස්පතිකමට ලොකු පොරයක්..
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු අතර උද්ගත වී ඇති තරගකාරී තත්ත්වයක් පිළිබඳව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක , සංජීව ධර්මරත්න, රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් ඇතුළත් වෙති.
වාර්තාවලට අනුව, ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බලගතු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පති ධුරය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටිති.
වර්තමාන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙසට ඇතැම් පාර්ශ්වයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ලබන මස 5 වැනි දින විවාදයට ගැනීමට නියමිතය. එම යෝජනාව එදින සම්මත වුවහොත්, ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, පොලිස්පති ධුරය සඳහා සුදුසු නාමයක් කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්