වෙනිසියුලාවේ මහ නගර සභා මැතිවරණය පවත්වා අවසන්! ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි!
ඊයේ( 27 ) වෙනිසියුලාවේ නගර සභා වලට නගරාධිපතිවරුන් 335 දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරුන් 2,471 දෙනෙකු ඉදිරි වසර හතරක ධුර කාලය සඳහා පත් කර ගැනීම වෙනුවෙන් වෙනිසියුලානු ඡ්න්දදායකයෝ ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ. නාගරික මන්ත්‍රිවරු 2,741න් මන්ත්‍රීවරු 1,420 දෙනෙකු පක්ෂ ලැයිස්තුවෙන් තෝරා ගනු ලබන අතර 982 දෙනෙකු පළමු මහජන ඡන්දයෙන් තෝරා ගනු ලැබේ.එලෙසම වෙනිසියුලානු ස්වදේශික ප්‍රජාවන් ඔවුන්ගේ සම්ප්‍රදායන්ට අනුකූලව තවත් නියෝජිතයින් 69 දෙනෙකු පත් කරනු ඇත.
මැතිවරණ බලධාරීන්ට අනුව, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් පුරවැසියන් මිලියන 21.6 ක් සිටිති. ඡන්ද පත්‍රිකාවේ ජාතික පක්ෂ 36 ක් සහ කලාපීය පක්ෂ 10 ක්ද ඇතුළත් වේ.
පාලක එක්සත් සමාජවාදී පක්ෂය (PSUV) සහ මිත්‍ර පක්ෂ 12 ක් එකතුව ගොඩ නගා ඇති මහා දේශප්‍රේමී ධ්‍රැවය (GPP) මෙවර මැතිවරණය ජයග්‍රහනය කරනු ඇතැයි වෙනිසියුලානු දේශපාලන නිරීක්ෂකයෝ මත පල කරති.
පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී, අන්ත දක්ෂිණාංශික අපේක්ෂක එඩ්මන්ඩෝ ගොන්සාලෙස් උරුටියා, වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ විසින් ඡන්ද මිලියන 1 ක පරතරයකින් පරාජය කරන ලදී.
පසුව, අන්ත දක්ෂිණාංශිකයින් ඡන්දය වංචා කර ඇති බව ප්‍රකාශකරමින් මදුරෝගේ ආණ්ඩුව ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට උත්සාහ කළහ. දක්ෂිනාංශික බලවේග මෙලෙස ප්‍රචන්ඩත්වය මුදා හැර බලය ලබා ගැනීමට උත්සහ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවීය.
කෙසේ වුවද ප්‍රචන්ඩ ක්‍රියා මර්දනය කිරීමට මදුරෝගේ සමත් වූ දා සිට වෙනිසියුලානු විපක්ෂය ඡන්දය වර්ජනය කරන ස්වයං ප්‍රකාශිත ජනාධිපති එඩ්මන්ඩෝ ගොන්සාලෙස්ට සහාය දක්වන රැඩිකල් කන්ඩායම ලෙස සහ මැතිවරණවලට සහභාගී වීමට කටයුතු කරන මධ්‍යස්ථ කන්ඩායම් ලෙස බෙදී ගොස් තිබේ.
විපක්ෂය වඩ වඩාත් කුඩා සන්ධානවලට කැඩී යද්දේ ප්‍රජා පාදක ඡන්ද ගැටළුව මත පදනම්ව රජයට සහයෝගය දක්වන පිරිස වැඩි කර ගැනීමට සමත්ව ඇත.
මේ අතර පසුගිය මැයි 25 වන දින පැවති ව්‍යවස්ථාදායක සහ ප්‍රාදේශීය මැතිවරණවලදී, රජය නියෝජනය කරන පාර්ශවය ආණ්ඩුකාරවරුන් 24 න් 23 ක්ම පරාජය කිරීමට සමත් වුවේ ජාතික සභාවේ 2/3 බහුතරයක් පහසුවෙන් ලබා ගනිමිනි.
ඒ අනුව මැතිවරණය මදුරෝගේ රජයට පහසු ඉලක්කයක් බවට පත්වනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
කැරකස් නුවර ආශ්‍රිත නගර සභා පහක් පවති.
ලිබර්ටඩෝර් ප්‍රාන්තය: වත්මන් නගරාධිපති කාමන් මෙලෙන්ඩෙස්, කලක් කැරකස්හි වඩාත්ම භයානක දිස්ත්‍රික්කය වූ ප්‍රදේශයේ අපරාධ මැඩපැවැත්වීමෙන් පසු නැවත තේරී පත්වීමට නියමිතය
බරුටා ප්‍රාන්තය: දිගු කලක් විපක්ෂයේ බලකොටුවක් වූ අතර, සංක්‍රමණ ගැටළුව මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශවලටද බලපාන බැවින් සටන් බිමක් බවට පත් විය.
චාකාඕ ප්‍රාන්තය: දශක 2 කට පසු පළමු වරට තරඟකාරී වනු ඇතැයි අපේක්ෂා කරන කැරකස්හි විපක්ෂ බලකොටුවකි.
සුක්‍රේ ප්‍රාන්තය: කැරකස් ජනගහනයෙන් 40% ක් දක්වා හිමිකරගෙන සිටින සහ ලතින් ඇමරිකාවේ විශාලතම ප්‍රදේශයට නිවහන වන වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන්නේය. වත්මන් PSUV නගරාධිපතිවරයා 2021 දී ලැබූ සියුම් ජයග්‍රහණය මෙවර විශාල පරතරයකින් තම ප්‍රතිවාදීන් පරාජය කරනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..