News Category
From Date
To Date
Maximum Number of Result

ෆැසිස්ට්වාදය හේතුවෙන් බැටකෑ මව්වරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී වෙනිසියුලාවේ කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය බිහිවෙයි

Jul 28, 2025 at 06:09 AM
|

ඊයේ(26) කැරකස් නුවර ඇන්ටෝනියෝ ජෝස් ද සුක්‍රේ යෙලෝ හවුස් හි පැවති ෆැසිස්ට්වාදය හේතුවෙන් බැටකෑ  මව්වරුන්ගේ ජාත්‍යන්තර රැස්වීම, මාස හතරක් තිස්සේ  එල් සැල්වදෝරයේ අමෙරිකානු හමුදා කඳවුරක වහල්භාවයේ වෙලී සිටි වෙනිසියුලානු ජාතිකයින් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් "ප්ලාසා ඩි මායෝ හි මව්වරුන්ගේ සංගමයේ" සභාපති කාමන් ඇරියස් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරියේදී පිහිටුවා ගන්නා ලද්දේය. ඒ අනුව ලෝකයේ ඕනෑම තැනකට සංක්‍රමණය වන වෙනිසියුලානු ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑම දිනකම සටන් කිරීමට කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය නිර්මාණය කිරීමට අවශ්‍ය මුලපිරීම ඉදිරිපත් කරන ලදී.


ලෝකයේ සියලුම මව්වරුන් සඳහා වන ව්‍යාපාරයක්

මෙම වින්දිත තරුණයන්ගෙන් එක් අයෙකුගේ මව වන කාර්ලින් ෆුවෙන්ටස් විසින් යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, ඇය සමුළුවේදී අදහස් දක්වමින් මුදවා ගන්නා ලද තරුණයන් 252 දෙනාගේ සියලුම මව්වරුන් සහ ඔවුන්ගේ පවුල් එල් සැල්වදෝරයේ අමෙරිකානු කඳවුරක වහල්භාවයේ සිටියදී විඳදරාගත් දුෂ්කර අත්දැකීම් හෙළිදරව් කළාය.

"අපට අවශ්‍ය වන්නේ මේ තරුණයන් 252 දෙනාගේ මව්වරුන් සඳහා පමණක් නොව, සියලුම මව්වරුන් සඳහා ක්‍රියාත්මක ව්‍යාපාරයක්," යනුවෙන් ෆුවෙන්ටෙස් ප්‍රකාශ කළාය. ලෝකයේ ඕනෑම තැනක සිටින වෙනිසියුලානු සංක්‍රමණිකයෙකු, තම දරුවන් මුහුණ දුන් අපයෝජනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වන සටන දිනපතා අඛණ්ඩව කටයුතු කරන ව්‍යාපාරයක් අවශ්‍ය බවට යෝජනා කළාය. "මෙම ව්‍යාපාරය අප සැමගේ කොටසක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි." ඇය අවධාරණය කළාය.


ෆුවෙන්ටෙස් අපයෝජනයට ලක්වු සියලුම මව්වරුන් තුළ වන ඔරොත්තු දීමේ හැකියාව ඉස්මතු කළ අතර  වෙනිසියුලානු රජයෙන් ලැබුණු සහයෝගයට කෘතඥතාවද පළ කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් වඩාත් දිරිමත් කළ එක් අයෙකු වන්නේ නියෝජ්‍ය අමාත්‍ය කැමිලා ෆැබ්‍රි බවත්, ඔවුන් අත්විඳින අවිනිශ්චිතතාවයේ සහ බිය ජනක හැඟීම් ඇය විසින් පෞද්ගලිකව අත්වින්ද බවත් ඇය සඳහන් කළාය.

බේරාගත් පිරිමි ළමයින් 252 දෙනා වෙනුවෙන් අපයෝජනය කිරීම පිළිබඳ නඩුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීම සඳහා ජිනීවා නුවරට ගිය මව්වරුන්ගෙන් එක් අයෙක් කාර්ලින් වන අතර, ට්‍රම්ප් පරිපාලනයේ තීරණය නිසා දුක් විඳින සියලුම සාමාජිකයන් වෙනුවෙන් කතා කිරීමේ වගකීම ඇයට තිබුණි. මෙම කණ්ඩායම සෑම මවකගේම සාක්ෂි පුවත් වාර්තාකරුවන් සමඟ බෙදා ගත් බව ඇය අවධාරණය කළාය.

"අපි ආහාර ගන්නවද නැද්ද කියාවත් අපි දැනගෙන හිටියේ නැහැ. ඒක ඉතාම දුෂ්කර කාර්යක්. මම කෑවේ මගේ පුතාගේ කටහඬ ඇසුණ නිසා," ෆුවෙන්ටෙස් පැවසුවාය. ඇය ප්ලාසා ඩි මායෝ මව්වරුන්ගේ ව්‍යාපාරයට ස්තූති කළ අතර, එම සංවිධානය අරගල කරන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණයක් මෙන්ම කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය එහි නිෂ්චිත ඉලක්ක අනුගමනය කරනු ඇති බවට ආශ්වාදයෙන් යුතුව අදහස් දැක්වූවාය.

සිය දේශනය අවසන් කිරීමට පෙර, කාර්ලින් තරුණයින්ට වෙනිසියුලාවේ වැඩ කිරීමට ආරාධනා කළ අතර, ජනාධිපති නිකොලස් මධුරෝට සියලු දෙනා ඇතුළත් වන සහ රටේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන සැලැස්මක් ඇති බව ඔවුන්ට සහතික විය.

අපේ ඇමරිකාවේ ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානයේ (The Bolivarian Alliance for the Peoples of Our America-ALBA) විධායක ලේකම් රැන්ඩර් පෙඤ්ඤාගේ කතාව අතරතුර දුරකථනයෙන් සම්බන්ධ වූ නිකොලොස් මදුරෝ ජනාධිපතිවරයාටම මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ලැබීම උත්සව සභාවේ සතුටට හේතුවක් විය. 


මානවවාදියෙකු වීම යනු අධිරාජ්‍ය විරෝධී වීමයි

ෆැසිස්ට්වාදයෙන් වින්දිත මව්වරුන්ගේ ජාත්‍යන්තර රැස්වීම සංවිධානය කරන ලද්දේ "දරුවන් මව්බිමට නැවත රැගෙන ඒමේ මහා මෙහෙවරෙහි" සභාපති කැමිලා ෆැබ්‍රි විසිනි. එහිදී ඇය අවධාරණය කරනු ලැබුවේ "ෆැසිස්ට්වාදය පරාජය කළ හැකියි. ඒ වෙනුවෙන් කැපවෙන මිතුරෙකු හමු වූ  විට අප ධෛර්යමත් වෙනවා. මානවවාදියෙකු වීම යනු සංක්‍රමණිකයන් විනාශ කළ යුතු ගැටලුවක් ලෙස දකින අධිරාජ්‍යවාදයේ ප්‍රහාර ප්‍රතික්ෂේප කිරීමයි." ඇය අවධාරණය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සන්නිවේදන උප අමාත්‍යවරිය වන කැමිලා ෆැබ්‍රි අවධාරණය කළේ වෙනිසියුලා රජයට බේරා ගැනීමට හැකි වූ තරුණයින් 252 දෙනාගේ ආගමනය ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස්ගේ සහයෝගීතාවය සහ කැපවීම පිළිබඳ ඉවත දැමිය නොහැකි සාක්ෂියක් බවයි.

ඇය සිය දේශනයේදී, "අහිමි වූ එකම අරගලය අතහැර දැමූ අරගලයයි" බව  අවධාරණය කළ  අතර ප්ලාසා ඩි මායෝහි මව්වරුන්ගේ සංවිධානය වසර 48 කට වැඩි අරගල ඉතිහාසයකට හිමිකම් කීම සම්බන්ධයෙන් සිය  ප්‍රශංසාව ප්‍රකාශ කළාය..

ප්ලාසා ඩි මායෝ මව්වරු, මානව හිමිකම් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ වසර 48ක ඉතිහාසය

 කීර්තිමත් ආර්ජන්ටිනාවේ මවක් සහ ක්‍රියාකාරිනියක් වන ප්ලාසා ඩි මායෝ මව්වරුන්ගේ සංගමයේ සභාපතිනි, කාමන් ඇරියස්, සියලුම වෙනිසියුලානු මව්වරුන් දිරිමත් කරමින් අදහස් දක්වමින්, ඔවුන්ට  "මෙතැන් සිට, ඔබ ලෝකයේ සියලුම සංක්‍රමණිකයින්ට වීරෝදාර මව්වරුන් ලෙස හැඟිය යුතුය." යනුවෙන් සහතික වූවාය.

සංක්‍රමණිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවල උපාය මාර්ගයේ කොටසක් බව මෙම ආර්ජන්ටිනා ජාතික  මව තහවුරු කළ අතර, එම උපායමාර්ගය කම්කරු පන්ති අතර කුසගින්න වැඩි කිරීමට සහ ඔවුන්ගේ සියලු අරගල නිහඬ කිරීම දෙසට යොමු කරන බව අවධාරණය  කළාය. අධිරාජ්‍යවාදීන්ගේ අරගලවල දේශපාලන අරමුණු හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කරන ලෙස ඇය සියළු දෙනාගෙන් ඉල්ලා සිටියාය.

"අත්හරින්න එපා. අධිරාජ්‍යවාදයට අවශ්‍ය වන්නේ අප වේදනාවෙන් හා වරදකාරිත්වයෙන් නැංගුරම් ලා සිටිනු දැකීමටයි. මෙම දුක් වේදනා ඇතිවීමට බලපාන දේශපාලන හේතුව සොයා ගන්න." ඇය අවධාරණය කළාය.

ගාසා තීරය: අධිරාජ්‍යවාදීන් විසින් සොරකම් කරන ලද ගෞරවය

රැස්වීම අතරතුර, පුරාවෘත්තයක් වී ඇති  ආර්ජන්ටිනා-කියුබානු ජාතික අසාහය විප්ලවවාදියා වන චේගුවේරාගේ දියණිය වන කීර්තිමත් ආචාර්ය ඇලීඩා ගුවේරා මාර්ච් මහත්මිය ද අදහස් දැක්වූවාය. ගාසා තීරයේ සමූලඝාතනය කරන ලද පලස්තීන දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් අත් නොහැර සටන් කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය. ගාසාවේ දරුවන්ට ඔවුන්ගේම භූමියේ ගෞරවයෙන් ජීවත් විය නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.


කියුබාව මෙම අපරාධ පිළිබඳව හොඳින් දන්නා බවත් කියුබානු විප්ලවය විකෘති කිරීමට එක්සත් ජනපදය භාවිතා කළ කුරිරු උපාමාරු විස්තර කිරීමටද ඇලීඩා ගුවේරා කටයුතු කළාය. "කියුබානු විප්ලවවාදී රජය කියුබානු දරුවන් සෝවියට් සංගමයට යවා ඔවුන්ට ඉගැන්වීමට කටයුතු කරද්දී, කියුබානු දෙමාපියන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට යන බවට ඔවුන් මුසාවාද ගොතනු ලැබුවා. එම අදහස් වලින් මංමුලා වූ සමහර දෙමව්පියන් තම දරුවන් එක්සත් ජනපදයට යැවූ අතර, එහිදී බොහෝ දෙනෙකු දරුකමට හදා ගැනීම සඳහා අමෙරිකානු පුරවැසියන්ට භාර දෙන ලැබුවා. එහෙත් එම දරුවන් අපයෝජනයට ලක් වූ අතර ඔවුන්ට නැවත කිසි දිනෙක ඔවුන්ගේ පවුල් දැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ." ඇය අනාවරණය කළාය.

 සංක්‍රමණිකයන් ලෙස අමෙරිකාවට ඇතුල් වීමට උත්සහා කළ වෙනිසියුලානු දරුවන් 252 දෙනා අපරාධකරුවන් ලෙස අමෙරිකාව සලකනු ලැබූ අතර ඔවුන් නැවත වෙනිසියුලාවට පැමිණීම ජයග්‍රාහී සැමරීමක් ලෙස මෙන්ම එක්සත් ජනපදයේ පැහැර ගන්නා ලද වෙනිසියුලානු දරුවන් 32 දෙනා බේරා ගැනීමට සටන් කිරීමට පෙළඹවීමක් ලෙස මෙම සමුළුව පවත්වන ලද්දේය. ඒ අනුව අධිරාජ්‍යවාදීන්ගේ වෛරය අභිබවා සහයෝගීතාවය සහ වෙනිසියුලානු දේශපාලන පරිවර්තනය ජය ගත් බව දේශපාලන විචාරකයෝ පවසති.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.