News Category
From Date
To Date
Maximum Number of Result

ෆැසිස්ට්වාදය හේතුවෙන් බැටකෑ මව්වරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී වෙනිසියුලාවේ කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය බිහිවෙයි

Jul 28, 2025 at 06:09 AM
|

ඊයේ(26) කැරකස් නුවර ඇන්ටෝනියෝ ජෝස් ද සුක්‍රේ යෙලෝ හවුස් හි පැවති ෆැසිස්ට්වාදය හේතුවෙන් බැටකෑ  මව්වරුන්ගේ ජාත්‍යන්තර රැස්වීම, මාස හතරක් තිස්සේ  එල් සැල්වදෝරයේ අමෙරිකානු හමුදා කඳවුරක වහල්භාවයේ වෙලී සිටි වෙනිසියුලානු ජාතිකයින් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් "ප්ලාසා ඩි මායෝ හි මව්වරුන්ගේ සංගමයේ" සභාපති කාමන් ඇරියස් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරියේදී පිහිටුවා ගන්නා ලද්දේය. ඒ අනුව ලෝකයේ ඕනෑම තැනකට සංක්‍රමණය වන වෙනිසියුලානු ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑම දිනකම සටන් කිරීමට කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය නිර්මාණය කිරීමට අවශ්‍ය මුලපිරීම ඉදිරිපත් කරන ලදී.


ලෝකයේ සියලුම මව්වරුන් සඳහා වන ව්‍යාපාරයක්

මෙම වින්දිත තරුණයන්ගෙන් එක් අයෙකුගේ මව වන කාර්ලින් ෆුවෙන්ටස් විසින් යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, ඇය සමුළුවේදී අදහස් දක්වමින් මුදවා ගන්නා ලද තරුණයන් 252 දෙනාගේ සියලුම මව්වරුන් සහ ඔවුන්ගේ පවුල් එල් සැල්වදෝරයේ අමෙරිකානු කඳවුරක වහල්භාවයේ සිටියදී විඳදරාගත් දුෂ්කර අත්දැකීම් හෙළිදරව් කළාය.

"අපට අවශ්‍ය වන්නේ මේ තරුණයන් 252 දෙනාගේ මව්වරුන් සඳහා පමණක් නොව, සියලුම මව්වරුන් සඳහා ක්‍රියාත්මක ව්‍යාපාරයක්," යනුවෙන් ෆුවෙන්ටෙස් ප්‍රකාශ කළාය. ලෝකයේ ඕනෑම තැනක සිටින වෙනිසියුලානු සංක්‍රමණිකයෙකු, තම දරුවන් මුහුණ දුන් අපයෝජනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වන සටන දිනපතා අඛණ්ඩව කටයුතු කරන ව්‍යාපාරයක් අවශ්‍ය බවට යෝජනා කළාය. "මෙම ව්‍යාපාරය අප සැමගේ කොටසක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි." ඇය අවධාරණය කළාය.


ෆුවෙන්ටෙස් අපයෝජනයට ලක්වු සියලුම මව්වරුන් තුළ වන ඔරොත්තු දීමේ හැකියාව ඉස්මතු කළ අතර  වෙනිසියුලානු රජයෙන් ලැබුණු සහයෝගයට කෘතඥතාවද පළ කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් වඩාත් දිරිමත් කළ එක් අයෙකු වන්නේ නියෝජ්‍ය අමාත්‍ය කැමිලා ෆැබ්‍රි බවත්, ඔවුන් අත්විඳින අවිනිශ්චිතතාවයේ සහ බිය ජනක හැඟීම් ඇය විසින් පෞද්ගලිකව අත්වින්ද බවත් ඇය සඳහන් කළාය.

බේරාගත් පිරිමි ළමයින් 252 දෙනා වෙනුවෙන් අපයෝජනය කිරීම පිළිබඳ නඩුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීම සඳහා ජිනීවා නුවරට ගිය මව්වරුන්ගෙන් එක් අයෙක් කාර්ලින් වන අතර, ට්‍රම්ප් පරිපාලනයේ තීරණය නිසා දුක් විඳින සියලුම සාමාජිකයන් වෙනුවෙන් කතා කිරීමේ වගකීම ඇයට තිබුණි. මෙම කණ්ඩායම සෑම මවකගේම සාක්ෂි පුවත් වාර්තාකරුවන් සමඟ බෙදා ගත් බව ඇය අවධාරණය කළාය.

"අපි ආහාර ගන්නවද නැද්ද කියාවත් අපි දැනගෙන හිටියේ නැහැ. ඒක ඉතාම දුෂ්කර කාර්යක්. මම කෑවේ මගේ පුතාගේ කටහඬ ඇසුණ නිසා," ෆුවෙන්ටෙස් පැවසුවාය. ඇය ප්ලාසා ඩි මායෝ මව්වරුන්ගේ ව්‍යාපාරයට ස්තූති කළ අතර, එම සංවිධානය අරගල කරන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණයක් මෙන්ම කාන්තා වීරවරියන්ගේ ව්‍යාපාරය එහි නිෂ්චිත ඉලක්ක අනුගමනය කරනු ඇති බවට ආශ්වාදයෙන් යුතුව අදහස් දැක්වූවාය.

සිය දේශනය අවසන් කිරීමට පෙර, කාර්ලින් තරුණයින්ට වෙනිසියුලාවේ වැඩ කිරීමට ආරාධනා කළ අතර, ජනාධිපති නිකොලස් මධුරෝට සියලු දෙනා ඇතුළත් වන සහ රටේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන සැලැස්මක් ඇති බව ඔවුන්ට සහතික විය.

අපේ ඇමරිකාවේ ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානයේ (The Bolivarian Alliance for the Peoples of Our America-ALBA) විධායක ලේකම් රැන්ඩර් පෙඤ්ඤාගේ කතාව අතරතුර දුරකථනයෙන් සම්බන්ධ වූ නිකොලොස් මදුරෝ ජනාධිපතිවරයාටම මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ලැබීම උත්සව සභාවේ සතුටට හේතුවක් විය. 


මානවවාදියෙකු වීම යනු අධිරාජ්‍ය විරෝධී වීමයි

ෆැසිස්ට්වාදයෙන් වින්දිත මව්වරුන්ගේ ජාත්‍යන්තර රැස්වීම සංවිධානය කරන ලද්දේ "දරුවන් මව්බිමට නැවත රැගෙන ඒමේ මහා මෙහෙවරෙහි" සභාපති කැමිලා ෆැබ්‍රි විසිනි. එහිදී ඇය අවධාරණය කරනු ලැබුවේ "ෆැසිස්ට්වාදය පරාජය කළ හැකියි. ඒ වෙනුවෙන් කැපවෙන මිතුරෙකු හමු වූ  විට අප ධෛර්යමත් වෙනවා. මානවවාදියෙකු වීම යනු සංක්‍රමණිකයන් විනාශ කළ යුතු ගැටලුවක් ලෙස දකින අධිරාජ්‍යවාදයේ ප්‍රහාර ප්‍රතික්ෂේප කිරීමයි." ඇය අවධාරණය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සන්නිවේදන උප අමාත්‍යවරිය වන කැමිලා ෆැබ්‍රි අවධාරණය කළේ වෙනිසියුලා රජයට බේරා ගැනීමට හැකි වූ තරුණයින් 252 දෙනාගේ ආගමනය ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස්ගේ සහයෝගීතාවය සහ කැපවීම පිළිබඳ ඉවත දැමිය නොහැකි සාක්ෂියක් බවයි.

ඇය සිය දේශනයේදී, "අහිමි වූ එකම අරගලය අතහැර දැමූ අරගලයයි" බව  අවධාරණය කළ  අතර ප්ලාසා ඩි මායෝහි මව්වරුන්ගේ සංවිධානය වසර 48 කට වැඩි අරගල ඉතිහාසයකට හිමිකම් කීම සම්බන්ධයෙන් සිය  ප්‍රශංසාව ප්‍රකාශ කළාය..

ප්ලාසා ඩි මායෝ මව්වරු, මානව හිමිකම් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ වසර 48ක ඉතිහාසය

 කීර්තිමත් ආර්ජන්ටිනාවේ මවක් සහ ක්‍රියාකාරිනියක් වන ප්ලාසා ඩි මායෝ මව්වරුන්ගේ සංගමයේ සභාපතිනි, කාමන් ඇරියස්, සියලුම වෙනිසියුලානු මව්වරුන් දිරිමත් කරමින් අදහස් දක්වමින්, ඔවුන්ට  "මෙතැන් සිට, ඔබ ලෝකයේ සියලුම සංක්‍රමණිකයින්ට වීරෝදාර මව්වරුන් ලෙස හැඟිය යුතුය." යනුවෙන් සහතික වූවාය.

සංක්‍රමණිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවල උපාය මාර්ගයේ කොටසක් බව මෙම ආර්ජන්ටිනා ජාතික  මව තහවුරු කළ අතර, එම උපායමාර්ගය කම්කරු පන්ති අතර කුසගින්න වැඩි කිරීමට සහ ඔවුන්ගේ සියලු අරගල නිහඬ කිරීම දෙසට යොමු කරන බව අවධාරණය  කළාය. අධිරාජ්‍යවාදීන්ගේ අරගලවල දේශපාලන අරමුණු හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කරන ලෙස ඇය සියළු දෙනාගෙන් ඉල්ලා සිටියාය.

"අත්හරින්න එපා. අධිරාජ්‍යවාදයට අවශ්‍ය වන්නේ අප වේදනාවෙන් හා වරදකාරිත්වයෙන් නැංගුරම් ලා සිටිනු දැකීමටයි. මෙම දුක් වේදනා ඇතිවීමට බලපාන දේශපාලන හේතුව සොයා ගන්න." ඇය අවධාරණය කළාය.

ගාසා තීරය: අධිරාජ්‍යවාදීන් විසින් සොරකම් කරන ලද ගෞරවය

රැස්වීම අතරතුර, පුරාවෘත්තයක් වී ඇති  ආර්ජන්ටිනා-කියුබානු ජාතික අසාහය විප්ලවවාදියා වන චේගුවේරාගේ දියණිය වන කීර්තිමත් ආචාර්ය ඇලීඩා ගුවේරා මාර්ච් මහත්මිය ද අදහස් දැක්වූවාය. ගාසා තීරයේ සමූලඝාතනය කරන ලද පලස්තීන දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් අත් නොහැර සටන් කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය. ගාසාවේ දරුවන්ට ඔවුන්ගේම භූමියේ ගෞරවයෙන් ජීවත් විය නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.


කියුබාව මෙම අපරාධ පිළිබඳව හොඳින් දන්නා බවත් කියුබානු විප්ලවය විකෘති කිරීමට එක්සත් ජනපදය භාවිතා කළ කුරිරු උපාමාරු විස්තර කිරීමටද ඇලීඩා ගුවේරා කටයුතු කළාය. "කියුබානු විප්ලවවාදී රජය කියුබානු දරුවන් සෝවියට් සංගමයට යවා ඔවුන්ට ඉගැන්වීමට කටයුතු කරද්දී, කියුබානු දෙමාපියන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට යන බවට ඔවුන් මුසාවාද ගොතනු ලැබුවා. එම අදහස් වලින් මංමුලා වූ සමහර දෙමව්පියන් තම දරුවන් එක්සත් ජනපදයට යැවූ අතර, එහිදී බොහෝ දෙනෙකු දරුකමට හදා ගැනීම සඳහා අමෙරිකානු පුරවැසියන්ට භාර දෙන ලැබුවා. එහෙත් එම දරුවන් අපයෝජනයට ලක් වූ අතර ඔවුන්ට නැවත කිසි දිනෙක ඔවුන්ගේ පවුල් දැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ." ඇය අනාවරණය කළාය.

 සංක්‍රමණිකයන් ලෙස අමෙරිකාවට ඇතුල් වීමට උත්සහා කළ වෙනිසියුලානු දරුවන් 252 දෙනා අපරාධකරුවන් ලෙස අමෙරිකාව සලකනු ලැබූ අතර ඔවුන් නැවත වෙනිසියුලාවට පැමිණීම ජයග්‍රාහී සැමරීමක් ලෙස මෙන්ම එක්සත් ජනපදයේ පැහැර ගන්නා ලද වෙනිසියුලානු දරුවන් 32 දෙනා බේරා ගැනීමට සටන් කිරීමට පෙළඹවීමක් ලෙස මෙම සමුළුව පවත්වන ලද්දේය. ඒ අනුව අධිරාජ්‍යවාදීන්ගේ වෛරය අභිබවා සහයෝගීතාවය සහ වෙනිසියුලානු දේශපාලන පරිවර්තනය ජය ගත් බව දේශපාලන විචාරකයෝ පවසති.

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.