ලතින් අමෙරිකාවේ විමුක්තිදායකයා, සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම සංවත්සරය ජාත්‍යන්තර සමුළුවක් ලෙසින් වෙනිසියුලාවෙදී සැමරේ!
වෙනිසියුලාවේ කැරකස් නුවර පිහිටි "ජාතික සර්ව දේව මණ්ඩල" මධ්‍යස්ථානයේ සිට, වෙනිසියුලානු රජය එරට අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වන ජන්ම සංවත්සරය සහ බොලිවේරියානු ජාතික නාවික හමුදා දිනය සඳහා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වීය.
උත්සවය වෙනිසියුලානු ජාතික ධජය එසවීම සහ සයිමන් බොලිවාර්ගේ පිළිමය ඉදිරියේ මල් වඩම් තැබීමෙන් පසු ආරම්ඹ්හ විය. වෙනිසියුලාවේ බොලිවේරියානු හමුදා විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරීන් මෙම උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.
දකුණු අමෙරිකාව පුරා පිහිටි රටවල් හයකට නිදහස ලබා දීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ ජාතීන් හයක නිදහසේ පියා ලෙස විරුදාවලිය ලත් බොලිවාර්ගේ අතීත භූමිකාව සිහිපත් කරමින්, බොලිවේරියානු නාවික හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී අද්මිරාල් අෂ්රෆ් සුලෙයිමාන් ගුටියර්රෙස්, වෙනිසියුලාව නිදහස් කර ගැනීමට සහ ස්පාඤ්ඤ පාලනය වෙනිසියුලානු භූමිය පුරා පවත්වාගෙන ගිය දම්වැල් බිඳ දැමීම ඉලක්ක සහගත කැපවුණු විමුක්තිදායකයාගේ දේහය තැන්පත් කර ගොඩ නැගූ අනුස්මාරකය ඉදිරිපිට ධජය ඔසවන ලද්දේය.
"වෙනිසියුලාවේ ඉතිහාසය සහ එහි නීතිමය අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින වෙනිසියුලානු නාවික හමුදාව, එහි 202 වන සංවත්සරය වෙනුවෙන් මාරකයිබෝ විල සටනේ ඓතිහාසික ජයග්‍රහණය සිහිපත් කරනවා. ජනාධිපති නිකොලස් මධුරෝ විසින් ක්‍රියාත්මක කරන ලද හත පරිවර්තන (T7) රාමුව තුළ අපගේ රට ස්ථිරවම ඉදිරියට ගමන් කරන බව අවබෝධකරගෙන, අපි නාවික හමුදාව ලෙස ඉදිරියට යනවා." ඔහු පැවසීය.
"වෙනිසියුලානු ජනතාවගේ සාමය සහ සතුට සහතික කරන" බොලිවේරියානු ජාතික සන්නද්ධ හමුදාවන්ගේ (FANB) තිරසාර සංවර්ධනය සඳහා වන සෑම ක්‍රියාකාරකම් තුළම සකස් කරනු ලබන, රාජ්‍ය නායකයා විසින් හඳුන්වා දී ඇති උපායමාර්ගික රේඛා හය හෙවත් අයකුචෝ සැලැස්ම ඒකාබද්ධ කරන බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආසිය, යුරෝපා, අප්‍රිකා, ඔස්ට්‍රේලියා මහාද්වීප වලට අයත් රටවල් නියෝජනය කරමින් විවිධ දේශපාලන සංවිධාන වල නියෝජිතයෝ පැමිණ සිටියහ.
සැමරුම් උත්සවය හමාර වීමෙන් පසුව "බොලිවර් සහ පරම සතුට. නව ලෝකය සහ ගෝලීය දකුණේ විකල්ප" යන මැයෙන් වැඩමුලුවක් පැවැත් වුණි. ඉන්පසුව , "ෆැසිස්ට් විරෝධී කථිකාසනය: ජනතාවාදි එකමුතුව! බොලිවාර්ගේ ජීවිතය" නම් වැඩමුළුවද පැවැත්වුණි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..