BYD පාකිස්ථානයේ හදන්න චීනය සූදානමින්..
චීනයේ විද්‍යුත් වාහන දැවැන්තයා වන BYD, කලාපය තුළ ඔවුන්ගේ විද්‍යුත් සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලබන වසරේ ජූලි හෝ අගෝස්තු වන විට පාකිස්තානයේ එකලස් කරන ලද පළමු මෝටර් රථය එළිදැක්වීමට සැලසුම් කර ඇති බව සමාගමේ විධායකයෙක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථාන මෙහෙයුම් මධ්‍යස්ථානය නැගීඑන වෙළඳපොළවලින් ඉහළ යන ඉල්ලුම සපුරාලිය හැකි පරිදි නිෂ්පාදන සිදු කරන අතර, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට එහිදී BYD සමාගමට අවස්ථාව උදාවේ.
එකලස් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඉකුත් අප්‍රේල් මාසයේදී ආරම්භ කර ඇති අතර, එම මධ්‍යස්ථානය පාකිස්තාථායේ කරච්චි නුවර පිහිටා තිබේ.
චීනයේ BYD සහ Mega Motor Company අතර සහයෝගීතාවයෙන් එම කටයුතු සිදුවෙමින් පවතින බව BYD පාකිස්ථානයේ විකුණුම් සහ උපාය මාර්ග පිළිබඳ උප සභාපති දනිස් ඛාලික් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.
BYD සමාගම ඉකුත් මාර්තු මාසයේදී පාකිස්ථානය තුළ ආනයනික විදුලි වාහන බෙදාහැරීම ආරම්භ කර තිබිණි.
පාකිස්ථානය තුළ එම වාහන අලෙවිවන සංඛ්‍යාව සම්බන්ධයෙන් ඛාලික් නිශ්චිත අගයක් ප්‍රකාශයට පත්නොකළ නමුත් මෝටර් රථ සිය ගණනක අලෙවිය හමුවේ අභ්‍යන්තර ඉලක්ක 30% කින් ඉක්මවා ගොස් ඇති බව පැවසීය.
2024 දී මුළු ඒකක 1,000 ක් පමණ වූ පාකිස්ථානයේ විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් මෝටර් රථවල වෙළඳපොළ ප්‍රමාණය 2025 දී තුන් හතර ගුණයකින් වර්ධනය වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ඒ අනුව BYD සමාගමේ විකුණුම් කොටසේ 30-35% ක ඉලක්කයක් පවතින බව ද ඛාලික් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්