BYD පාකිස්ථානයේ හදන්න චීනය සූදානමින්..
චීනයේ විද්‍යුත් වාහන දැවැන්තයා වන BYD, කලාපය තුළ ඔවුන්ගේ විද්‍යුත් සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලබන වසරේ ජූලි හෝ අගෝස්තු වන විට පාකිස්තානයේ එකලස් කරන ලද පළමු මෝටර් රථය එළිදැක්වීමට සැලසුම් කර ඇති බව සමාගමේ විධායකයෙක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථාන මෙහෙයුම් මධ්‍යස්ථානය නැගීඑන වෙළඳපොළවලින් ඉහළ යන ඉල්ලුම සපුරාලිය හැකි පරිදි නිෂ්පාදන සිදු කරන අතර, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට එහිදී BYD සමාගමට අවස්ථාව උදාවේ.
එකලස් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඉකුත් අප්‍රේල් මාසයේදී ආරම්භ කර ඇති අතර, එම මධ්‍යස්ථානය පාකිස්තාථායේ කරච්චි නුවර පිහිටා තිබේ.
චීනයේ BYD සහ Mega Motor Company අතර සහයෝගීතාවයෙන් එම කටයුතු සිදුවෙමින් පවතින බව BYD පාකිස්ථානයේ විකුණුම් සහ උපාය මාර්ග පිළිබඳ උප සභාපති දනිස් ඛාලික් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.
BYD සමාගම ඉකුත් මාර්තු මාසයේදී පාකිස්ථානය තුළ ආනයනික විදුලි වාහන බෙදාහැරීම ආරම්භ කර තිබිණි.
පාකිස්ථානය තුළ එම වාහන අලෙවිවන සංඛ්‍යාව සම්බන්ධයෙන් ඛාලික් නිශ්චිත අගයක් ප්‍රකාශයට පත්නොකළ නමුත් මෝටර් රථ සිය ගණනක අලෙවිය හමුවේ අභ්‍යන්තර ඉලක්ක 30% කින් ඉක්මවා ගොස් ඇති බව පැවසීය.
2024 දී මුළු ඒකක 1,000 ක් පමණ වූ පාකිස්ථානයේ විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් මෝටර් රථවල වෙළඳපොළ ප්‍රමාණය 2025 දී තුන් හතර ගුණයකින් වර්ධනය වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
ඒ අනුව BYD සමාගමේ විකුණුම් කොටසේ 30-35% ක ඉලක්කයක් පවතින බව ද ඛාලික් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..