ජූඩ් නිශාන්ත පියතුමා කතෝලික සභාවට එරෙහිවෙලා - ධුරයෙන් නෙරපන්නැයි වතිකානුවට පැමිණිල්ලක්..
නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ,විදේශ කටයුතු නියෝජ්‍ය ලේකම් විදුර අල්ගම මහතා හා මුල්‍ය කටයුතු ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා ශුද්ධාසනයේ තනාපති කාර්යාලය සඳහා ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කල වගකීම් විරහිත මරණ දඩුවම ලබා දීමේ ප්‍රකාශය සම්බන්ධව නිසි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් බාර දෙන ලදී.
එහිදි අදහස් දැක් වු පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජුලි මස 20 වන දින ලංකා කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් මරණ දඩුවම අරබයා කරන ලද ප්‍රකාශය හේතුකොට ගෙන සමස්ත කතෝලික ජනතාවම අප්‍රසාදයට ලක් වී ඇති බවය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිත ප්‍රකාශය පාදක කරගෙන නිලන්ත ජයවර්ධන එල්ලා මැරිය යුතු බව ප්‍රකාශ කිරීම දැඩි සේ හෙලා දකින බවය.
සාමාන්‍යෙයන් අපි දන්නා පරිදි වතිකානුවේ හා ලෝක කතෝලික සභාවේ හා අතිඋතුම් පාප් වහන්සේ මරණ දඩුවම ප්‍රතික්ශේප කරලා තියෙනවා. විශේෂයෙන්ම බයිබලයට ,දස පනතට , කිතුනුදහමට දනුව මරණ දණ්ඩනය පටහැනියි. සාමයේ සංකේතය වු ජෙසුස් වහන්සේගේ දහම දේශනා කරන අයෙකු විදිහට එතුමාගේ දර්ශනය වනුයේ මිතුරාට ද සතුරාටද ප්‍රේම කරන ලෙසය. ඒ අනුව මෙවැනි කරුණක් ප්‍රකාශ කරන්නේ ඔහු කෙසේද යන්න අපිට ගැටළුවක් පවතිනවා.
2017 ලංකා කතෝලික සභාව මරණ දණ්ඩනය නිල වශයෙන් ප්‍රතික්ශේප කර තියෙනවා. මෙම ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ලංකා කතෝලික සභාවට හා ලෝක කතෝලික සභාවට පටහැනිව මෙම ප්‍රකාශය සිදු කරලා තියෙන්නේ. ලංකා කතෝලික සභාවේ නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියේ මිනිසාට ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ නිසා මිනාසාගේ මරණය තීරණය කිරීමට බාහිර පාර්ශවයටකට අවසරයක් නැති බවය.
එසේ තිබියදි ජූඩ් ක්‍රිශාන්ත පියතුමාගේ ක්‍රියා කලාපය නිසා සමස්ත කතෝලික ජනතාව දැඩි අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ. අපි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කලා මේ පිලිබඳ විනය ක්‍රියා මාර්ග ගෙන ඔහු තනතුරෙන් නෙරපා හැරලා කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරලා ඔහුගේ පූජකත්වය ඉවත් කරන්න කියලා. අපි සතියක් යනතුරු මේ පිළිබද ක්‍රියා මාර්ගයක් ගනීද කියලා බලා සිටියා. කිසිදු ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් නොගත් නිසා අද දින පාප් තුමන්ට ඒ පිලිබඳව අප විසින් පැමිණිලි කරන්න යෙදුනේ.
මෙවැනි වෛරීය අදහස් පතුරවන වහසි බස් ප්‍රකාශ කරන ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගෙන ඔහු පුජක තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය වියනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලංකාවේ කාදිනල් හිමාපාණන්ට නියෝග කරන ලෙස ඉල්ලා අද දින අති උතුම් පාප් වහන්සේට ලිපියක් බාර දීම සිදු කරන ලදී.
මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන පමණක් නෙමේ වැරදි. ඔහු අවස්ථා 330 ක දී බුද්ධි තොරතුරු ලබා දී තියෙනවා. මෙලෙස බුද්ධි තොරතුරු ලබා දුන් වෙනත් නිලදාරියෙක් නැ. මෙලෙස ලබා දුන් බුද්ධී තොරතුරු ඔස්සේ ගොස් පරීක්ෂණ කර අත්අඩංගුවට ගැනීම සිදු කල යුත්තේ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනවිරත්න විසින් සිදු කල යුතු කාරණාවක්.
මහජන පොලිස් ලේකම් රවි සේනවිරත්න මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතායි යන දෙදෙනාම එවකට සිටියේ රහස් පොලිසියේය (CID) . ප්‍රහාරය එල්ල වෙන්නේ කවදාද? කොහොදිද? ඒ සඳහා පැමිණෙන්නේ කොයි වගේ පිරිසක්ද? යනාදි නිවැරදි සියලු තොරතුරු ලබා දුන් නිලන්ත ජයවර්දනට මරණ දඩුවම දෙන්න ප්‍රකාශ කරද්දි ලබා දුන් තොරතුරු අධ්‍යයනය නොකල රවි සෙනවිරත්නට හා ශානි අබේසේකරට තනතුරු වරදාන වරප්‍රසාද ලබා දෙන්න තීරණය කරනවා. එය කොතරම් සහසිජනක කාරණාවක් ද?
එමනිසා පෝරකයට යවන තීරණය කල යුත්තේ උසාවිය මිස කතෝලික සභාව හෝ කතෝලික පල්ලිය නොවන බව ප්‍රකාශ කර සිටිනවා. අපිත් බලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයකින් උසාවියෙන් සාධාරණයක් ඉටු වේ කියා. වගකීම් විරහිත බාවය අනුව නිලන්ත ජයවර්ධනට දඩුවම් දී තිබෙන පරිදි රවි සෙනවිරත්නට හා ශානි අබේසේකර ඇතුළු එම කාල සීමාවේ සියලු නිළධාරින්ට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්