ගොඩනැගිල්ල සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර ලක්ෂ ගාණකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධියකට ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනෙකුට අධිකරණයෙන් දුන් නියෝගය..
පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.
විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව ලබන අගෝස්තු මස 22 වනදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්