News Category
From Date
To Date
Maximum Number of Result

බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසිද? - ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව ජනපති අනුරගෙන් අසයි..

Jul 23, 2025 at 03:27 PM
|

හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයා  විසින් ඉකුත් දා රූපවාහිනී වැඩසටහනක දී බුද්ධ ශාසන අමාත්‍යංශයක් දැන් නැති බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව විමසීමක් කර ඇත.

 අදාළ ලිපිය පහළින්..

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ 1.

ගරු ජනාධිපතිගේ අවධානයට,

බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසිද?

පසුගිය දිනක ගරු. මහාචාර්ය. හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිතුමා විසින් මධයේ ප්‍රකෂවූ බුද්ධශාසන අමාත්‍යංශය අහෝසි බාව යැයි ජනතාව අතර මතයක් ඇතිවී ඇති අවස්ථාවක, අප විසින් බුද්ධශාසන අමාත්‍යංශයේ වෙබ් පිටුව පරික්ෂා කිරීමේදී, එදා, තිබුණු බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනුවට “බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය" වශයෙන් සඳහන් වේ.

ඉදිරියට සොයා බැලීමේදී, මේ වෙබ් අඩවියට පිවිසීමේදී අප දුටු දෙයක් වනුයේ, මේ වෙබ් පිටු 2025 අප්‍රේල් මාසයේ නැවත සංස්කරණය කොට ඇතිබව පෙනේ.

නමුත්, මෙහි සඳහන් අනෙකුත් පිටු පරීක්ෂණ වෙනුවෙන් සඳහන් ලින්ක් සොයා බලද්දී පෙනී ගියේ "බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව" සහ "හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව" සඳහන් වෙබ් පිටු වසා හෝ මෙය හිතා මතා කගේ වුවමනා වකට විය හැක. මෙය ඔබගේ පක්ෂයේ උවමනාවකට විය හැකිය.

මෙවැනි වෙබ් අඩවියක් පවත් වන්නේ, ඕනෑම පුද්ගලයෙකුට හෝ විදේශිකයෙකුට මේ මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ බෞද්ධ කටයුතු, බෞද්ධ ස්ථාන ගැන දන ගැනීමට පිණිස වේ.

මේ අවස්ථාවේ, මේ පිටු වසා ඇත්නම්, මොවුන්ට මේ විස්තර වලට පිවිසීමට භාදාවක් නොවේද? මෙය සිත මත කල දෙයක් බව හැගේ. මේ පිටු වල ඇති විස්තර වසාදැමීම රජය විසින් සිත මතා හෝ කට හෝ කඩේ යන බව හැගේ.

එම නිසා, වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වෙබ් පිටු කාලීනව සකසන්න.

මේ රටේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල අවුරුදු 2000 වැඩි ඉතිහාසයක් ඇති, ඓතිහාසික උරුමය මහාවංශය වැනි පුරාණ වංශකථාවල සඳහන් වන්නේ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 3 වන සියවස) මෙම ස්ථානයේ හෝ ඒ ආසන්නයේ මුල් තිස්ස මහා විහාරය ආරම්භ කළ බවත්, එය උතුරු ශ්‍රී ලංකාවේ සැලකිය යුතු මුල් බෞද්ධ විහාරස්ථානයක් බවට පත් කළ බවත්ය. මේ තිස්ස මහා විහාරය සතු අක්කර 15ක් සහ මුල් පන්සල් අඩිපාර අක්කර ~1.25 බව සඳහන් වේ.

එදා බුදුරජනන්වනස ලංකාවට වැඩමකළ නාගදීප විහාරය ඉතිහාසයේ සඳහන් වේ, එමෙන්ම, 1980 ගණන්වල දෙමළ අන්තවධින් විසින් මේ නාගදීප විහාරය කඩා දැමු බව මතකද?

පුරාණ වංශකථාවල සඳහන් වන්නේ අවුරුදු 2000 ඉහතදී මේ රටේ විශිෂ්ට රජෙකු වූ, දුටුගැමුණු රජුගේ පියාණන් විසින් ඉදිකළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පොතුවිල් ප්‍රදේශයේ අක්කර 264 ඉදිකළ  "මුහුදු මහා විහාරය" සඳහන් වේ. අද අන්තවධින් විසින් බලහත් කාරයෙන් මේ විහාරයට අයිති ඉඩම් අත්පත් කරගෙන සහ 1951 රජයේ ගැසට් එකට අනුව අක්කර 72 වුවද 2023දී මෙය අක්කර 56 බව සඳහන් වේ.

මෙයට අමතරව මහනුවර රජ දවසේ, මහා නුවර දළදා මාලිගාවට පුජා කළ අක්කර 85 භුමිය අද අනෙකුත් පුද්ගලයින් විසින් පරිහරණය සහ එම භූමියට අයත් කොටස් වල අන්‍යාගම් ඔවුන්ගේ පල්ලි සතුව ඇත.

රජය, හිතාමතා මේ වෙබ් පුටුවලින්, මේ බෞද්ධ උරුමයන් සහ අනෙකුත් දේ වසා මේ කරන්නේ දෙමළ ඩයස්පෝරාවට කඩේ යැමක්ද? එසේ නොමැති නම්, විදේශ බලවේග සහ අන්‍ය ආගම් වලට සහය දැක් වීමක්ද? එසේ නොවේ නම් නිරගාමී පිළිවෙතක් ද? මේ බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කොට  “බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය" වශයෙන් වෙනස් කිරීම කගේ උවමනා වකටද?

එම නිසා, වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වෙබ් අඩවිය නැවත පිළිසරණ කොට, අපේ බෞද්ධ උරුමයන් සඳහන් විස්තර ඇතුලත් කරන්න. මේ රටේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ උරැමයන් මහා වංශයට අනුව සකස් කරන්න.

2025 අප්‍රේල් මස සංස්කරණ කල මේ වෙබ් අඩවිය අදට මාස 3කට කාලයක් ගතවී ඇතත්, මේ දක්වා මෙය සකස් නොකොට කරන්නේ, ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුත් සහ බෞද්ධ ඉතිහාසය වසා දැමීමක් නොවේද?

මේ අවස්ථාවේ, කැනඩාවේ ඩයස්පෝරාව විසින් උතුරු නැගෙනහිර වෙන් කරන මෙන්, ඔබ ජනාධිපති වී බලයට ආ විගස ඉල්ලා

ඔබ වෙත ඉල්ලමින් ලිපියක් ඒවා තිබුණු අතර, මේ සනාථ කිරීමටද? විදේශයට පෙන්වීමට ද? මේ  “බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය" වෙබ් පිටුවෙන් බෞද්ධ ඉතිහාසය මකා දැම්මේ කුට උපක්ක්‍රමයක් හෝ රජයේ උවමනාවට මේ රටේ බෞද්ධ උරුමයන් වසා දැමීමේ පිළිවෙතක් ද?

මේ රටතුළ, ජාතිභේද, අගම්භේද, ජතිවධින් අවශ්‍ය නොවේ. මේ රට, ඒකීය රටක්තුළ සැමටම එකසේ ජිවත්වීමේ ක්‍රම වේදයක් සහ නීති පද්ධතියක් සදහන් කරන්න.

මේ රට රැක ගැනීම, මේ රටේ ජනතාව පත් කරන රජයන් සහ ආණ්ඩු වල වග කීමක්. සියලුම පාලකයින් බලයට පැමිණ දිවුරුම් දෙන්නේ මේ රටේ බෞද්ධ උරුමයන් සහ බුද්ධ ශාසනය රැක ගන්නවා බවට සහ සියලුම ජාතින්, ආගම් ආරක්ෂා කොට රට රැක ගන්න බවය.

අපි බෞධයන් හැටියට ඉල්ලා සිටින්නේ මේ වෙබ් පුටු සියල්ලම නිසි පරිදි සකසන්න, එමෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශය නැවත ස්ථාපනය කොට සහ අනෙකුත් ආගම් කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ එක අමාත්‍යවරයෙක් වීම ගැන කිසිදු වරදක් නොවේ.

මෙයට, ඒකීය රටක් වෙනුවෙන් අපි එකමුතුව.

ජයන්ත වෙදසිංහ.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.