දේශබන්ධු ඉවත් කරන පිළිවෙළ කථානායක කියයි..
විෂමාචාර ක්‍රියා සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගතු බවට පාර්ලිමේන්තු කමිටුවකින් වරදකරු කර ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර දින 05ක් ගත වූ පසු එම යෝජනා සම්මතය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයකදී එය විවාදයට ගත හැකි බව කතානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) ප්‍රකාශ කළේය.
එහිදී පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරයන් මෙම යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය දුනහොත්, ඒ මහතා අප්‍රමාදව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති දැනුම්වත් කරනු ලැබෙන බවද දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවළියේ ඉදිරි පියවර දැනුම්දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
2025 ජූලි 22 වැනි දින සභාගත කරන ලද, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 3 (ඈ) සහ 3 (ඉ) වගන්ති ප්‍රකාරව, පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් සිදු කරන ලදැයි චෝදිත විෂමාචාර ක්‍රියා සහ/හෝ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කර එහි සොයාගැනීම් වාර්තා කිරීම සඳහා එකී පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සභාවට පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
ඒ අනුව,2025 ජූලි 22 වැනි දින සභාගත කරන ලද මෙම වාර්තාවේ මෘදු පිටපත ඉංග්‍රිසි භාෂාවෙන් එදිනම පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි උඩුගත කිරීමට කටයුතු කරනු ලැබ ඇත. තවද, 2025 ජූලි 22 වැනි දින මෙම සභාවේ දී ලද අවසරය ප්‍රකාරව මෙම වාර්තාව මුද්‍රණය කිරීමෙන් පසු මෙම සභාවේ මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා බෙදාහැරීමට කටයුතු කරනු ලැබේ.
මෙම වාර්තාව අනුව, පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා වරදකරු බවට තීරණය වී ඇති බැවින්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට ඉන් අනතුරුව කටයුතු කරනු ලැබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමෙන් සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන අතර, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයක දී විවාදයට ගත හැකි වේ.
පාර්ලිමේන්තුවේ (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරයන් මෙම යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය දුනහොත්, එකී පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව ඒ මහතා අප්‍රමාදව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගරු ජනාධිපතිවරයා දැනුම්වත් කරනු ලැබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්