News Category
From Date
To Date
Maximum Number of Result

ඖෂධ සහ උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛයෙන් ගැටලු රැසක්.. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්..

Jul 23, 2025 at 10:45 AM
|

රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ ප්‍රායෝගික ගැටලු රැසක් පවතින බව පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහළින්..

රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ ප්‍රායෝගික ගැටලු.

පසුගිය දින කිහිපයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත සාමාජිකත්වයෙන් සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව රෝහල් පද්ධතිය තුල ඇති ඖෂධ සහ උපකරණ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ද රටේ ජනතාවගේ ද අවධානය අඛණ්ඩව යොමු කරවා ඇත. 

රෝහල් පද්ධතිය තුළ දිනෙන් දින උග්‍ර වන ඖෂධ සහ උපකරණ හිඟය හමුවේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ගුණාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇත්තේ සීමාව ඉක්මවා කැපවීම් කරමින් සේවාවන් සපයන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් හේතුවෙන්ය.

ඖෂධ හිඟය මඟ හරවා ගැනීම සඳහා රජය කඩිනමින් කල යුතුව තිබුණු හිඟ ඖෂධ රෝහල් වලට  ලබා දීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කර ඇත්තේ කඩිනමින් චක්‍රලේඛ නිකුත් කර රෝගීන්ට ඖෂධ පිටතින් මිලදී ගැනීමට යොමු කරවීමය. 

ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන්, රෝහල තුල හිඟ ඖෂධ රෝගීන් බාහිරින් ලබා ගැනීම සදහා සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගත් විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් නෛතික සහ පරිපාලනමය ගැටළු ගණනාවක් පසුගිය සමයේදි මතුවිය. 

අවදානමක්ද දරමින් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිලිවෙලක් මෙතෙක් නැත. 

රෝහල් පද්ධතිය තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබාගැනීමට අදාල මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පසුගිය සතියේදී නිකුත් කරන ලදී. මෙම ගැටළුව සම්බන්ධයෙන් සමස්ත වෛද්‍ය ප්‍රජාව තුල ප්‍රබල සාකච්ඡාවක් මතු වී ඇති අතර පවතින තත්ත්වය සහ නිකුත් කර ඇති ඒ චක්‍රලේඛය පිළිබඳ සමාලෝචනය කිරීම සදහා මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවක් පසුගිය 2025.07.21 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදි පැවැත්විණි. 

එහිදි, මෙම චක්‍රලේඛය රෝහල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීමේදි මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු ගණනාවක් පිළිබඳ සාකච්ඡාවට ලක් විය. මේ වන විටත් සංකීර්ණ ගැටළු ගණනාවක් මධ්‍යයේ සෞඛ්‍ය සේවා සපයන අතර, නිකුත් කර ඇති ප්‍රායෝගික නොවන සහ ගැටලුකාරි චක්‍රලේඛයක් හරහා සිදුවනුයේ රෝගී සත්කාර සේවාවන්ට තවත් බාධා වීම පමණි. 

අද දින වන විට චක්‍රලේඛය නිකුත් කර දින ගණනාවක් ගතව ඇතත් එය ප්‍රායෝගික නොවන බව රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, වෛදවරුන්ගේ සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ මතය වී ඇත. 

අප සොයා බැලු කරුණු අනුව දිස්ත්‍රික් ගණනාවක රෝහල් වල හිඟ ඖෂධ ලේඛනය ඉදිරිපත් කර නැත. කුමන ඖෂධ හිඟ දැයි, දිනපතා සායන, බාහිර රෝගී අංශ, වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක ඇතුළු  සෞඛ්‍ය සේවා සපයන සියලු ඒකක වෙත අධ්‍යක්ෂවරු විසින් සහතික කොට එවිය යුතු නමුත් බහුතරයක් රෝහල් වල එම කාර්යය අද දින වන විටත් සිදු වී නැත. 

එමෙන්ම සායනයේ සිටින සියලුම රෝගීන්ට ඖෂධ ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරයා වෙත පෝරමයක් ඉදිරිපත් කර සහතික කරගැනීමෙන් පසු එය පෞද්ගලික ෆාමසියෙන් ගැනීමට සිදු වී ඇත.

ඖෂධ නොමැතිව පිඩාවට පත්ව සිටින රෝගීන්ට ඒම ඖෂධය මිලදි ගැනීමට අවසරය ලබා ගැනීම සඳහා   පෝරමයක් පුරවා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් රෝහලේ විවිධ කාර්යාල සහ ඒකක වෙත යාමට සිදුවීමම තවත් පිඩාවකි. 

චක්‍රලේඛයේ පවතින ඇතැම් නිර්ණායක සහ මාර්ගෝපදේශ අනුව රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර ලබා දීම පසෙකලා ලියකිවිලි සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට සිදු වීමේ තත්ත්වයක්ද මතු වී ඇත. 

එමෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුල පවතින සංකීර්ණත්වය, විවිධත්වය සහ නූතන ප්‍රවණතා කිසිවක් ද නොසලකා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. 

මෙම සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ පවතින ගැටලු සහ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් ජනතාවට සහ රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන පීඩාව පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමටද විධායක සභාව විසින් පියවර ගන්නා ලදී.

මෙම සියලු කරුණු අද දින පැවති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

එහිදී තහවුරු වූයේ මෙම චක්‍රලේඛය මඟින් මෙරට ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවය සහ ඖෂධ ලබාගැනීමට ඇති අයිතිය තවත් කප්පාදු කිරීමක් සිදුවන බවයි.

පවතින ප්‍රායෝගික ගැටළු සමග මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික සහ සාර්ථක නොවන බව විධායක සභාවේ නිගමනයයි.

මෙම ගැටළුව සහ චක්‍රලේඛය සම්බන්ධයෙන් ඉදිරියේදි සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු. 

සැබවින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වනුයේ, චක්‍රලේඛ නිකුත් කර ඖෂධ හිඟය සඟවා දැමීම නොව, සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ අඛණ්ඩව ඉහළ ප්‍රමිතියෙන් යුතුව සපයා දීමයි. එම වගකීම පැහැරහරිමින්, ඖෂධ හිඟයට විසඳුම් ලබානොදී කල් මැරීම වෙනුවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමට උරදීමට පාලකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.

ස්තූතියි.

මීට විශ්වාසී,‍

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,

ලේකම්. 


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව මුලින්ම විර්ශෂයක් ආරම්භ කරන්නේ එංගලන්තය විසින් බවත්, එහි අවසාන වාර්තාවේ කිසිඳු තැනක ලංකාවේ දේශපාලනඥයකු අල්ලස් ගැනීමට සම්බන්ධවූ බවට සඳහනක් නොමැති බවත් නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.