අනුලා චෛත්‍යය මිලියන 300කට විකුණුවැයි රනිල්ට එරෙහිව මිහින්තලේ විහාරාධිපතිහිමිගෙන් CIDයට පැමිණිල්ලක්..
වසර දෙදහසකට වඩා පැරණි මිහින්තලයේ අනුලා චෛත්‍යය රුපියල් මිලියන 300කට විකුණා දැමූ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් නවදෙනකුට එරෙහිව මිහින්තලයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණි මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මේ පැමිණිල්ල ගොනුකරනු ලැබීය.
බෝධාගම චන්දිම හිමි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස්, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ, සැලසුම් අධ්‍යක්ෂ අනුර බණ්ඩාර ඇතුළු පුද්ගලයන් නව දෙනෙක් මෙම වංචාවට සම්බන්ධ වූ බවට මිහින්තලය විහාරාධිපති හිමියෝ චෝදනා කරති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිහින්තලේ විහාරාධිපති හිමියෝ මෙසේ සඳහන් කළහ.
“ඉතාම වංචනික ආකාරයට වසර දෙදහසකට වඩා පැරණි අනුලා චෛත්‍යය විකුණලා තියෙනවා. මල්වතු මහා නායක හිමියන්ට ද වංචා කළා. උන්වහන්සේලා මේ ගැන දන්නේ නෑ. රුපියල් මිලියන 300ට විකුණලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරනවා.
මල්වතු පාර්ශ්වයේ මහනායක නාහිමියන් වහන්සේගේ අනුශාසනා හා මඟපෙන්වීම අනුව පසුගිය වසරවල මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ පින්කම් රාශියක් සිදුකරනු ලැබුවා.”
“ඒ අතර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේලා වන අනුලා මහරහත් තෙරණිය ඇතුළු මහරහත් තෙරණීන් වහන්සේලා පන්සිය නමක් වැඩ සිටි භූමිය වන අනුලා මහරහත් තෙරණියගේ ස්තූපය සහිත ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සුවිශේෂී පින්කමක් ලෙස හැඳින්විය හැකියි. අනුලා ස්තූපය සහිත භූමිය පුරාවිද්‍යා භූමියක් වුව ද වසර දෙදහස් ගණනකට පසුව එම භූමිය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ මාගේ උත්සාහය මතයි.
එවකට බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ හට මා විසින් අනුලා ස්තූපය භූමිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව මෙවැනි ඉතා වැදගත් ඓතිහාසික භූමියක් පවතින බව ජනගත වුණා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ අධීක්ෂණය යටතේ මෙහි මූලික කටයුතු සැලසුම් කෙරුණා.
ආරම්භක අවස්ථාවේදී නීත්‍යනුකූල අයුරින් මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කළ ද පසුකාලීනව එම ක්‍රියාවෙන් බැහැරව ක්‍රියාකරන අයුරු දකින්නට පුළුවන් වුණා. විහාරාධිපතිත්වය සහ භාරකාරීත්වය මා යටතේ පවතින අනුලා ස්තූපය සහිත භූමියෙහි සංරක්ෂණ කටයුතු මුවාවෙන් සිදුකර ඇති සියලු වංචා දූෂණයන් හා මූල්‍ය අක්‍රමිකතා හා අයථා මූල්‍ය ගනුදෙනු පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ හා සම්බන්ධව පවතින සත්‍ය තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිකළ යුතුයි.
වංචා දූෂණ හා අක්‍රමිකතා මින් ඉදිරියට සිදු කිරීමට නොහැකි වන පසුබිමක් නිර්මාණය කිරීමත් රජයේ වගකීමක්. අනුලා ස්තූපය සහිත භූමිය ආශ්‍රිතව සිදු වන සියලු සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු මහනාහිමියන්ගේ අනුදැනුම ඇතිව විහාරස්ථානය හරහා පමණක් සිදු කිරීමටත් හැකි වන අයුරින් කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිනවා.“
(දිනමිණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්