News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසය හලන්නේ ලෙඩා මරන්න ද?.. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබ්බ දේවල් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළේ - ජාතික ගුරු ව්‍යාපාරයේ ලේකම් අරුණ දේශප්‍රිය හෙළිකරයි..

Jul 22, 2025 at 05:36 PM
|

ලෙඩට තිබෙන බෙහෙත කෙතරම් නීරස වුවත් එය නියමාකාරයෙන් රෝගියාට ලබාදිය යුතු බවත්, ඉතිහාසය හා සෞන්දර්ය යන විෂයන් විවිධ හේතු මත ඔත්පලව සිටින ශ්‍රී ලාංකීය ජන සමාජය ඉන් මුදවා ගැනීම සඳහා ලබාදිය යුතු හොඳම ඖෂධයක් බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ලේකම් අරුණ දේශප්‍රිය මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් අත්‍යවශ්‍ය නොවන විෂය කාණ්ඩයට ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් පැවැත්වූ   මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ ජේ.ආර් ජයවර්ධනට හෝ රනිල් වික්‍රමසිංහට ඉතිහාසය විෂය අනිවාර්ය නොවීම පිළිබඳව පුදුම විය යුතු නැති බවත්, කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමයේ හිටපු සභාපතිවරයාගේ ආණ්ඩුව යටතේ මෙබඳු තත්ත්වයක් ඉතිහාසය පිළිබඳව මතුවනවා නම් එය කණගාටුවට කරුණක් බවත් ය.

ඉතිහාසය යනු වර්තමානය ඉගෙනීමට ඇති යතුර ලෙස විද්වතුන් හඳුන්වා දී ඇති බවත් පවසන ඒ මහතා ඕනෑම රටක ඕනෑම පුද්ගලයකුගේ මුල් අනන්‍යතාව සැකසෙන්නේ ඉතිහාසය තුළින් බවත් පැහැදිලි කරයි.

මේ රටේ පුරවැසියන්ගේ ඉතිහාසය සිංහල බෞද්ධ ඉතිහාසය පමණක් යැයි සිතා මෙම විෂය ඉවත්කර ඇත්නම් එය වරදක් බවත්, මෙරට ඉතිහාසය දීර්ඝ කාලයක් පවතින දෙයක් බවත් ඒ මහතා පවසයි.

1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් වූ බොහෝ කරුණු මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළද පවතින බවත්,  එදා එම ධවල පත්‍රිකාවට එරෙහි වූ ජනතා විමුක්ති පෙරමුණම අද මෙලෙස කටයුතු කිරීම විමතියට කරුණක් බවත් අරුණ දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසයි.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව මුලින්ම විර්ශෂයක් ආරම්භ කරන්නේ එංගලන්තය විසින් බවත්, එහි අවසාන වාර්තාවේ කිසිඳු තැනක ලංකාවේ දේශපාලනඥයකු අල්ලස් ගැනීමට සම්බන්ධවූ බවට සඳහනක් නොමැති බවත් නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.