News Category
From Date
To Date
Maximum Number of Result

කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා දැයි සැකයි - උදය ගම්මන්පිල

Jul 22, 2025 at 03:09 PM
|

‘කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

සිය පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවදී ඔහු මෙසේ පැවසුවේය.

ලංකාව 1971 සිටම විවිධ ත්‍රස්ත ප්‍රහාර සිය ගණනකට ලක් වුණු රටක්. දෙපාරක් දළදා මාලිගාවට පහර දුන්නා. ගහන තුරු දන්නේ නෑ. ශ්‍රී මහ බෝධියට පහර දුන්නා. ගහන තුරු දන්නේ නෑ. මහ බැංකුවට පහර දුන්නා. ගහලා යනතුරුම දන්නේ නෑ. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ බුද්ධි අංශ විසින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ඉතාම කලින් ලබා දෙනවා. ඒ පාස්කු ප්‍රහාරය. ප්‍රහාරයට දින 12කට කලින් සිටම අනතුරු ඇඟවීම කරනවා. අපේ බුද්ධි අංශ ලබා දුන්නු තොරතුරු වල ගහන්නේ කවුද? ගහන්නේ කොහොමද? ගහන්නේ කොහාටද? ගහන්නේ කවදාද? ප්‍රහාරකයන්ගේ නම්, ලිපිනයන්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංක, පවුලේ විස්තර, ගෙදරට එන වෙලාව සහ යන වෙලාව, සැඟවී සිටින තැන්. ත්‍රස්තවාදි ප්‍රහාරය නවත්වා ගන්නට තවත් මොනවාද ඕනේ?

ලංකාවේ නොවේ මම දන්නා තරමින් ලෝකයේ කිසිම රටකවත් බුද්ධි අංශ විසින් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මෙතරම් තොරතුරු ලබා දීලා නෑ. අපේ බුද්ධි අංශ සහරාන්ගේ ත්‍රස්තවාදි ක්‍රියා පිළිබඳ 2013 සිට බුද්ධි වාර්තා 340ක් පොලිසියට ලබා දීලාත් ප්‍රහාරය පිළිබඳ තොරතුරු සියල්ලම ලබා දීලාත් ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වෙනවා. බුද්ධි අංශවල වගකීම තොරතුරු ලබා දීම. ඒක පාස්කු ප්‍රහාරයේ දී ඉහටත් උඩින් සිදු වෙනවා. ඒ තොරතුරු මත ක්‍රියාත්මක වෙන්න ඕනි පොලිසිය. පොලිසියයි මෙතැන දී අසමත් වෙන්නේ. මේ තොරතුරු ලබා දුන්නු බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් නෙරපා හරිනවා. තොරතුරු සියල්ලම ලැබිලා ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වුණු රවි සෙනෙවිරත්න මහතාට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා දෙනවා. ප්‍රහාරය වලක්වන්න උත්සාහ කළ නිලන්ත ජයවර්ධන මහතාව ඉවත් කරන්නෙත් කාදිනල්තුමාගේ ඉල්ලීමට. ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරිය රවි සෙනෙවිරත්න මහතාට උසස්වීම ලබා දෙන්නෙත් කාදිනල්තුමාගේ ඉල්ලීමට. මේක සැක කටයුතු නැද්ද?

නිලන්ත මහතාට විනය පරීක්ෂණයක් පවත්වන්න පත් කළ කමිටුව ඔහු තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කරලා තිබෙනවා කියලා තීරණය කලා. ඊට පස්සේ ඒ වාර්තාව කුණු කූඩයට දාලා නැවත කමිටුවක් පත් කලා. ඒකෙන් තමයි නිලන්ත මහතා වැරදිකරු කලේ. ඒකෙන් බැරි වෙලාවත් නිවැරදිකරු කලා නම් තවත් කමිටුවක් පත් කරනවා. එසේ අසාධාරණ විධියට වැරදිකරු කිරීම පිළිබඳ ජූඩ් ප්‍රනාන්දු පියතුමා ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වුණා. ස්වාධීන පොලිස් කොමිසම කරපු එකකට ජනාධිපතිතුමාට ස්තූති කරන්නේ මොකටද? මේක ස්වාධීන පොලිස් කොමිසම ගත් තීන්දුවක් නොවේ, ජනාධිපති විසින් කොමිසමට බලපෑමක් කරලා ගත්තු තීන්දුවක් කියන එකනෙ මේ කියන්නේ.

ජූඩ් ප්‍රනාන්දු පියතුමා නිලන්ත මහතාව එල්ලා මරා දැමිය යුතුයි කියා ප්‍රකාශ කලාම සිරිල් ගාමිණි පියතුමා ඒක පල්ලියේ මතය නොවේ එතුමාගේ පෞද්ගලික මතය කියා ප්‍රකාශ කරනවා. ජූඩ් ප්‍රනාන්දු පියතුමා පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරලා තිබෙන්නේ පල්ලියේ මතය කියන්න මිස පෞද්ගලික මතය කියන්න නොවේ.

එතුමා මීට කලින් පිල්ලෙයාන් සම්බන්ධව බොරු වැලක් කිව්වාම මම කිව්වා දස පනතේ අටවන නියමය තමයි “බොරු නොකියව” කියන එක. දස පනත නොදන්නා බයිබලය නොදන්නා ජූඩ් ප්‍රනාන්දු පියතුමා පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් නෙරපා දමන්න කියා. නමුත් ඒක එදා නොකළ නිසා දස පනතේ පස්වන නියමය වන “මිනී නොමරව” කියන එකත් උල්ලංඝණය කලා. දෙවියන් වහන්සේ කෙනෙකුට ලබා දුන් ජීවිතය උදුරා ගත හැක්කේ දෙවියන් වහන්සේට ම මිස තවත් මිනිසෙකුට නොවේ කියන එකයි ඒ නියමයේ පදනම. ඒ නිසා තමයි 2018 දී පාප්තුමා විසින් පල්ලිය මරණ දඬුවමට විරුද්ධයි කියලා නිල වශයෙන්ම ප්‍රකාශ කලේ.

පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක දස පනතත් කඩමින් බොරු කියනවා නම් පල්ලිය කළ යුත්තේ එතුමාව වහාම මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීමයි. එසේ ඉවත් කරන්නේ නෑ කියන්නේ ඔහු කියන දේට පල්ලිය වග කියන බව අපි ඉතාම ගෞරවයෙන් කාදිනල්තුමන්ට සිහිපත් කරනවා.

තොරතුරු දුන්නු කෙනාව එල්ලා මරන්න යෝජනා කරමින් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වෙන්න ඉඩ දීලා බලා හිටිය රවි සෙනෙවිරත්න මහත්තයාව වර්ණනා කරමින් වරින් වර බොරු තොරතුරු සමාජගත කරලා විමර්ශන කටයුතු වලට බාධා කරමින් කටයුතු කරන විධියට කාදිනල්තුමා සොයන මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව මුලින්ම විර්ශෂයක් ආරම්භ කරන්නේ එංගලන්තය විසින් බවත්, එහි අවසාන වාර්තාවේ කිසිඳු තැනක ලංකාවේ දේශපාලනඥයකු අල්ලස් ගැනීමට සම්බන්ධවූ බවට සඳහනක් නොමැති බවත් නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය වසර 75ක කාලය තුළ වාර්තා වූ ඉතා ප්‍රබලතම එල් නිනෝ කාලගුණික තත්ත්වය ඉදිරි මාසවලදී ඇතිවීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට තාවකාලිකව නතර වී ඇති චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික ලේකම් විසින් නගර සභාවේ ඇති බුද්ධ ප්‍රතිමාව සහ මාසික ධර්ම දේශනය නතර කරන බවට මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමුකර ඇති බවත්, මෙම ලිපිය යොමුකර ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි බවත් රූපවාහිනී නාලිකාවක සංවාදයකදී අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් කරුණු විමසීමක් සිදුකර ඇත.
විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව කටාන නගරයේදී සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.