ආණ්ඩුවෙන් බොරු අන්තරයක් හදලා.. ඇත්ත අන්තරෙන් චෝදනා..
ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම අවභාවිතා කරමින් නිල ලාංඡන හා ලිපි ශීර්ෂද යොදා ගනිමින් ඇතැයි අන්තර් ශිෂ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ චෝදනා කරයි.
එම බල මණ්ඩලය නමින් ව්‍යාජ සමාජ ජාල ගිණුමක් හා නව නිලධාරීන් හඳුන්වා දෙමින් සමාජ ජාලාවල පළ කර ඇති සටහන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් මේ බව කියා සිටියි.
මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි!
සිසුන් හා ජනතාව ව්‍යාකූල කරන ආණ්ඩුවේ අතකොළුවල බොරු ප්‍රචාරවලට නොරැවටෙමු!
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිවත්, රටේ පොදු ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහාත්, නිශ්චිත ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් මත කටයුතු කරන සංවිධානයකි. එය දශක හතරකට වැඩි කාලයක් තුළ අඛණ්ඩව සටන් වදිමින් සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු කිසිඳු ආණ්ඩුවක් ඉදිරියේ දණ නොනැමූ, ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනු ඉතිහාසයක් ඇති සංවිධානයකි.
1981 ගෙන ආ ධවල පත්‍රිකාව පරාජය කිරීමේ අරගලයේ සිට මෙරට නිදහස් අධ්‍යාපනය වැනසීමට ගෙන ආ සියළු යෝජනා අ.වි.ශි.බ.ම ඉදිරියේ හකුළා ගැනීමට පාලකයන්ට සිදු විය. මෑත කාලය තුළදීත් SAITM උපාධි කඩය, කොතලාවල පනත පරාජය කිරීම මෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පලවාහැරීමේ 2022 අරගලය තුළ ද අ.වි.ශි.බ.ම තම සළකුණ නොමැකෙන ලෙස තබා ඇත.
වර්තමාන ආණ්ඩුව සිය ඉතිහාසයට ද පිටුපාමින්, ඉතිහාසය තුළ පැවති සියළු ආන්ඩු ද ඉක්මවා යමින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ සැලසුම දිගහරිමින් සිටී. එම සැලසුම තුළ කොතලාවල හරහා වෛද්‍ය උපාධිය ලක්ෂ 175 කට විකිණීමත්, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධාපනය කප්පාදුවත්, පාසල් වසා දැමීමට ගෙන යන සැලසුමත්, නිදහස් අධ්‍යාපනයෙන් සුදුසුකම් ලැබූ සමසෞඛ්‍ය උපාධිය කුණු කූඩයට තල්ලු කිරීමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෞද්ගලික උපාධි කඩ සඳහා මුද්‍රා තනන ආයතනයක් දක්වා පටු කීරීමත් ඇතුළු යෝජනා රැසක් ඇත.
මෙම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රධානම අභියෝගය වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇත. ඒ සඳහා සරසවි ශිෂ්‍ය නායකයෙන් යැයි කියාගත් තම රූකඩ යොදා ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බව පෙනේ. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කීර්තිමත් නාමයත්, නිළ ලාංඡන සහ ලිපි ශීර්ෂ ද යොදා ගනිමින් ඇත.
එනිසා මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් වලට නොරැවටී වත්මන් ආණ්ඩුව ගෙනයන තිරස්චීන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස මෙරට සියළු විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.
මදුෂාන් චන්ද්‍රජිත්
කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..