ජනපති අනුර, බොරු නොකියා අදානි කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්න..
ආණ්ඩුව අදත් මාධ්‍ය ඉදිරියේදී අදානිගේ වියපෘතියට කැමති නැහැ කිව්වට නීතිපති එවල ඒ වියාපෘතිය නවත්වාගෙන ඉන්න නඩුවට උසාවියේදී අදාල කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තේ නැහැ.
මේ දුෂිත වියප්රුතියට එරෙහිව නඩු දාපු ඒ පිලිබදව ජනමතයක් හදන්න වසර දෙකක් වැඩ කලේ අප කණ්ඩායම. නඩුව තවමත් යනවා. ඊලග නඩු දිනය සැත්තැම්බර් මාසයේ. ආණ්ඩුව දිගින් දිගටම ඔය තක්කඩි project එකේ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්න බැහැයි කිව්වා. මෙයාල කරන්නේ දැනට තියන දුෂිත වියපෘතියටත් වඩා භයානක විදිහට අදානිගේ project එකක් අලුත් නමකින් පරණ කැබිනට් පත්‍රිකාව යටතේම ගෙන්න වැඩකරන එක. එකේ දේශපාලන නාටකයේ කොටසක් තමයි ඔය වන්දි ඉල්ලන කතාව. ඇත්තටම එහෙම සත පහක් දෙන්න අවශ්‍ය නැහැ. ඔය කැබිනට් පත්‍රිකාව යටතේ ගෙනාපු වියාපෘතිය නිසා ඩොලර් බිලියනකට වඩා රටට පාඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ජාතික ආරක්ෂාව පැත්තෙන් දුර්වලම මන්නාරම පුනරින් කලාපයේ භූමියත් මුහුදත් ඔවුන් අල්ල ගන්නවා. රටේ මිනිස්සුන්ගේ පිනට හමන සුළග පාවිච්චි කරලා හදන බලශක්තියට විදේශ විනිමයෙන් ගෙවන්න වෙනවා. අපිට මේ මාසයේ පමණක් මරණ තර්ජන දෙකක් ආවා නඩුව ඉවත් කර ගන්න කියල. ලගදි මාලිමාව ගෙනාපු තක්කඩි විදුලි පනත් සංශෝදනයෙන් ඇමතිට නීතිමය බලය දීල තියනවා කිසිම තරගකාරී මිල කැදවීමකින් තොරව අවම මිලක් සලකන්නෙත් නැතුව කැමති කාලයකට කැමති ජාවාරම් කරයෙක්ගෙන් බලශක්තිය මිලට ගන්න. ආණ්ඩුව බලාගෙන ඉන්නේ අපේ නඩුවෙන් නිදහස් වුනහම ඉන්දියාවටයි එයාලට උදව් කරපු ජාවාරම් කාරයන්ටයි රටේ බලශක්ති ඒකාධිකාරයක් හදාගන්න වැඩේ කරන්න කියල අපිට පැහැදිලිව පෙන්න තියනවා. අප මේ නිසා ඔය තක්කඩි විදුලි පනත් සංශෝදනයට විරුද්ධව නඩු දාල එක ශේෂ්ඨදිකරණයේදී පරද්දුව. නමුත් ආණ්ඩුව එයාලගේ පාපිසි 159 පාවිච්චි කරලා එයාලට ඕන නිතිය තව දින 4කින් සම්මත කරනවා.
ගිය අවුරුද්දේ පෙබරවාරි මාලිමාවට සහය දෙන්න කියල අපෙන් ඉල්ලුවහම අපි කිව්වා මාලිමාව සහය දෙන්නනම් අදනිගේ හොර project එකට විරුද්ධ වෙන්න කියල. එයාල අපිට මුනටම කිව්වේ දෙමල ජන්ද ලක්ෂ 20ක් balance කරගන්න ඉන්දියාවත් එක්ක එයාල සගච්චාවක ඉන්නවා කියල. අපි කිව්වා අපිට එහෙනම් සහය දෙන්න බැහැ කියල. එක හින්දද කොහෙද අදටත් අපේ සමාජ මාධ්‍ය පිටුවලට ඇවිත් JVP මඩ බලකාය දාල දිගටම බනින campaign එකක් යනවා.
මම දැනටමත් අපේ නීති මඩුල්ලට දන්වල තියනවා රජයේ නිලදාරීන් වන්දි දෙන්න හරි, මුදල් ගෙවන්න හරි ලෑස්ති වුනොත් අභියාචනාධිකරණයේදී නඩු පවරන්න කියල. දෙවනුව ඔය මරණ තර්ජන වලට යටවෙලා අපි අදානිට රට අල්ල ගන්න දෙන්නෙත් නැහැ.
- සංඛ චන්දිම අහයවර්ධන
(සංඛ චන්දිම අහයවර්ධනගේ මුහුණු පොතෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා