අර්ජුන මහේන්ද්‍රන්ට ලොකු තනතුරක් දීලා..
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, දැනට සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්” නම් ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක් දරන බවට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ඔහු මෙම සමාගමේ ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආයතන සහ පුද්ගලයන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශන සේවා සැපයීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වන බව සමාජ මාධ්‍ය වාර්තා මගින් තහවුරු වේ.
2016 වසරේදී ස්ථාපිත කරන ලද විස්ඩම් ඕක් සමාගම, සිංගප්පූරුව සහ හොංකොං යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ. දැනට මෙම සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික ආයෝජන කළමනාකරණය කරන බව සඳහන් වේ. මහේන්ද්‍රන් මහතා මෙම සමාගමේ සේවය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
2016 දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව සිංගප්පූරුවට ගිය මහේන්ද්‍රන් මහතාව බැඳුම්කර වංචාවට අදාළ නඩු කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළද, සිංගප්පූරුව මේ දක්වා ඔහු භාරදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන්, ඔහු කිසිදු බාධාවකින් තොරව සිංගප්පූරුවේ සිය සේවය දිගටම කරගෙන යයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්