සභා පිහිටුවන්න බැරි පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට..
පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ඉදිරියේදී කොමසාරිස් පාලනයට යටත් කරනු ඇති බවයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතැම් පළාත් පාලන ආයතනවල කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමි නොවීය. එවැනි තත්ත්වයක් තුළ, සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ වගකීම අදාළ ප්‍රදේශවල පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත පැවරිණි.
බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති තෝරා ගැනීම රහස් ඡන්ද විමසීමක් මගින් සිදු කෙරිණි. කෙසේ වෙතත්, ඇතැම් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් රහස් ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගොස් තිබීම හේතුවෙන් තත්ත්වය තවත් සංකීර්ණ විය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය:
“ඉදිරි මාස තුන ඇතුළත අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මුලින්ම, අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන කොමසාරිස්වරුන්ගෙන් මන්ත්‍රීවරුන් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරාවි. ඉන් අනතුරුව, ආණ්ඩුකාරවරුන්ට බලය තිබෙනවා අදාළ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට. පසුව, අදාළ පළාත් පාලන ආයතනය කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීම සිදු වනවා.
ඒ අතරතුර, රජය විසින්ද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා තිබෙනවා. එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන මතයද දැනට පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල අනාගතය තීරණය කරාවි. මන්ත්‍රීවරුන්ට එපා නම් කොමසාරිස් පාලනයට ලක්කර හෝ සියලුම පළාත් පාලන ආයතන පවත්වාගෙන යා යුතු වනවා. එසේ නොවන්නේ නම් කොහොමද ගමේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ?”
මෙවර පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙරද රට පුරා සියළු පලාත් පාලන ආයතන වසර කිහිපයක් තිස්සේම පැවතියේ කොමසාරිස් පාලනයේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්