මහනුවර දළදා පෙරහැර නරඹන්න ආසනයක් ලක්‍ෂයයි.. බිම් කඩක් කෝටියයි..
මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් ඇතැම් පුද්ගලයන් රුපියල් 50000ත් රුපියල් 65000ත් අතර මිලකට අලෙවි කරන බවට අනාවරණය වේ. පෙරහර සමයේ ආසන මිල ගණන් නියාමනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් අවසන් රන්දෝලි පෙරහර සඳහා ආසනයක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පැවසීය.
මහනුවර නගර සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී නගරාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
“මහනුවර රැජින හෝටලය කොරිඩෝවේ පෙරහර නැරඹුම් ආසන කොටසක් පමණක් මහ නගර සභාවෙන් අලෙවි කරනවා. ඒ රුපියල් 12000, 15000 හා 18000ක් වැනි මුදලකට. අපි මේවා අලෙවි කරන්නේ අන්තර්ජාලය හරහා. මේ ටිකට් අලෙවිය අන්තර්ජාලය හරහා ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයෝ ටිකට්පත් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීම් අපි සීමා කරලා නෑ. එහෙම කරන්නත් බෑ. ඉන්පසු මේ අය පෙරහර සමයේදී මේ ටිකට් ඉතා අධික මිලකට විකුණනවා. මේ ටිකට් අලෙවි කිරීම සම්බන්ධයෙන් මිල තීරණයක් නෑ. මිල පාලනයක් නෑ. නියාමනයක් නෑ.
පෙරහර සමයේ මහනුවර නගරයේ ව්‍යාපාරික ආයතනවල බොහෝ ස්ථාන මේ ආසන පනවන්නන් හට යම් මුදලකට බදු දීම පෙර සිටම සිදුවෙනවා. ඇතැම් අය මේ ව්‍යාපාර ස්ථානවල අදාළ පරිශ්‍ර ලබාගන්නේ රුපියල් ලක්ෂ 50ත් 100 අතර මුදලකට බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඉන්පසු ඒ අය පෙරහර නැරඹීමේ ටිකට් තමන්ට සිතූ සිතු ගණන්වලට අලෙවි කරනවා. වැඩි මිලට විකුණලා තැරැව්කරුවන් කීපදෙනෙක් අතරේ ඉතිරි මුදල බෙදිලා යනවා. කීපදෙනෙක් මේ පෙරහර ආසන මාෆියාව හැමදාම ක්‍රියාත්මක කරනවා” යැයිද ඔහු කීය.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..