News Category
From Date
To Date
Maximum Number of Result

මොණරාගල සීනි තිත්ත වෙයිද ?

Jul 15, 2025 at 10:54 AM
|

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කලේ  ජාතික ජන බලවේගයයි .එයිනුත් වැඩිම ඡන්ද ලබාගත්තේ දොඹගහවෙල කොට්ඨාශය නියෝජනය කරන අජිත් පුෂ්පනන්දන මහතායි.(මුළුමනින්ම ගොවි ජනතාව සිටින මොණරාගල දිස්ත්‍රික්කය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 6 න් 5ක් ආණ්ඩු පක්ෂයට ලබාදෙන ලදී.).අජිත් මහතාගේ කොට්ඨාශයේ  ප්‍රධාන ආර්ථික භෝග  හතරකි .උක්,බඩඉරිගු , මයියොක්කා සහ කොමඩු එයින් ප්‍රධාන වේ. කොමඩු සහ  මයියොක්කා මිල උස පහත්වෙමින් වුවද අලෙවියක් පවතී. එහෙත් උක් සහ බඩඉරිගු වැඩිම ඡන්ද ලබාගත් කොට්ඨාශයේ නායකයාටද දේශපාලන ප්‍රශ්ණයක් ඇති කරමින් පවතී. උක් ප්‍රවාහන ට්‍රැක්ටර් කරුවන් 600ක් ඔහු මා සමග කතාකරන මොහොතටත් උද්ඝෝෂණයකට සුදානම් බව ඔහුට දුරකතනයෙන් දන්වන ලදී.මහජනතාවට අවහිරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලීම හැර අජිත් මහතාටද කළහැකි දෙයක් නොපෙනේ.

දොඹගහවෙල කොට්ඨාශයට ප්‍රාග්ධනය ගලායෑමට ඇත්තේ කර්මාන්ත 3 කි.එයින් කුළුබඩු නිෂ්පාදන සහ මයියොක්කා බයිට් නිෂ්පාදන  කර්මාන්ත දෙක සේවකයින් 50 කට පමණ රැකියා සපයමින් ක්‍රියාත්මක වෙමින් පවතී.අනෙක් කර්මාන්තය  ජාතික මට්ටමේ ප්‍රධාන තාක්ෂණික කර්මාන්තශාලාවකි . එනම් උසස් තාක්ෂණයද හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වන ලංකාවේ ප්‍රධාන උක් හකුරු  කර්මාන්තය වන මහින්ද වීරසිංහ මහතාගේ ඌව මහජන හකුරු නිෂ්පාදන සමාගමයි.එය ලංකාවේ උක් ගොවීන්ට ඉහලම මිල එනම් ටොන් 1 කට රු 13000 ක්  ගෙවන ආයතනයකි.  .රටේ ප්‍රධාන සීනි කර්මාන්තශාලා ගෙවන්නේද ටොන් 1 කට රු 10000 ක් වැනි අගයකි. එය  උක් අඹරන යන්ත්‍ර කීපයක් සහ ටොන් 3 බොයිලේරුවක් සහිත සේවකයින් 45 ක් රැකියා කරන දිනකට හකුරු කිලෝග්‍රෑම් 2000-2500 ක් පමණ අලෙවි කරන රටේ උපායමාර්ගිකව වැදගත්ම උක් හකුරු  කර්මාන්තශාලාවයි .එයින් මසකට රුපියල් මිලියන 5 ක් කොට්ඨාශයේ උක් ගොවීන්ට  මුදා හරී . දර සහ ප්‍රවාහනය වෙනුවෙන් රු මිලියනයකට වඩා ප්‍රදේශයට මුදාහරී.සේවක වැටුප් සහ ප්‍රදේශයේ වැල්ඩින් කරුවන්, විදුලි කාර්මිකයන් ඇතුළු සහාය සේවා සදහා රු මිලියන 3කට වඩා මසකට මුදාහරී.කොටින්ම සියනෑ කෝරළයේ මීරිගම සිට සියඹලාණ්ඩුවට පැමිණ ආයොජනය කළ මහින්ද වීරසිංහ මහතා දොඹගහවෙල කොට්ඨාශයට මසකට රු කෝටියක මුදල් නිදහස් කරයි.

 කොට්ඨාශයේ දේශපාලන නායකයා වන ජාතික ජන බලවේගයේ අජිත් පුෂ්පනන්දන මහතා අපට මුණගැසුනේ එම කර්මාන්ත භූමියේදීය.ජනාධිපතිතුමාද සහභාගී වන රජරට උපසම්පදා උත්සවයකට ඌව මහජන කර්මාන්ත ආයතනයේ මහින්ද  වීරසිංහ මහතා විසින් ප්‍රධානය කෙරුණු උක් දඩු ප්‍රමාණයක් රැගෙන එහි යෑමට සුදානම්ව පැමිණි ඔහු කර්මාන්ත ශාලාවට රැගෙන එන උක් තොග ප්‍රමිති ගැටලුව මත ප්‍රතික්ෂේප වන ස්වභාවය නිසා මහත් කනස්සල්ලෙන් පසුවේ . ප්‍රමිතිය බාල වී ඇත්තේ අස්වැන්න නෙලීම ප්‍රමාදවීමෙනි.ප්‍රමාද වී ඇත්තේ ප්‍රධාන සීනි කර්මාන්තශාලාවලින් උක් මිලදී ගැනීම ප්‍රමාද වීමෙනි . එසේ වන්නේ සීනි කර්මාන්තය පාඩුවී ඇති බැවැනි .පාඩුවී ඇත්තේ 2015 සිට වරින්  ඉවත් කරන ලද සීනි ආනයන බදු සහ එතනෝල් ආනයන බදු විනිමය අනුපාතයේ මෑත කාලීන වෙනස්වීමට සාපේක්ෂව  පැනවීම වෙනුවට අඩු අගයකින් පැනවීම සහ සීනි කර්මාන්තය සදහා වැට් බදු පනවා ඇති නිසාවෙනි.අජිත් නන්දන මහතාට අනුව පවතින තත්වය දේශපාලන ප්‍රශ්නයක ආරම්භයකි .එනම් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 6 න් 5ක් ලබාදුන් මොණරාගල ගොවීන්ගේ දිනෙන් දින උත්සන්නවන අප්‍රසාදයයි .තත්වය මෙලෙස පැවතුනහොත් ලබන කන්නයේ උක් වගාව අර්බුදයට යනු ඇත .එය  ඔහුගේ පළාතේ ප්‍රධාන තාක්ෂණික, සහ ගමට මුදල් රැගෙන එන ,උක් ගොවීන්ට වැඩිම මුදල් ලබා දෙන ඌව මහජන උක්  කර්මාන්තශාලාවට තර්ජනයකි.

ඌව මහජන උක් කර්මාන්තශාලාව දොඹගහවෙල කොට්ඨාශයේ ආරම්භ කර වසර 7 කි. එහි නිර්මාතෘ මහින්ද වීරසිංහ මහතා වසර 30 ක උක් කර්මාන්තයේ පළපුරුදු කර්මන්තකරුවෙකි.ඔහු පවසන පරිදි දැන් වැඩිම ඉල්ලීමක් ඇත්තේ සීනිද මිශ්‍ර කර සාදන හකුරු නිෂ්පාදනය කර දෙන ලෙස ඉල්ලන ගැනුම් කරුවන්ගෙන් බවය .එයට හේතුව වී ඇත්තේ සීනි මිල අඩු බැවින් එය සමග තරග කිරීමට හකුරුවල මිල අඩු කර දෙන ලෙස ගැනුම් කරුවන් ඉල්ලන බැවිනි.දැනට නිෂ්පාදනය වන සියලුම හකුරු ප්‍රමිති තත්වයෙන් ඉතා අඩු හකුරු සමග තරග කරමින්    අඩුමිලට හෝ අලෙවි වුවත් උක් වගා  බිමේ තත්වය ඉතා අයහපත් වෙමින් පවතින බව ඔහු පෙන්වාදෙයි. කලාපය පුරාම අස්වනු නෙලීමට නොහැකිවූ වගා බිම්ය. ප්‍රමාදවන විට ගස් සුළගට පෙරලී මුල් ඇදීමට පටන් ගනී . එවිට සීනි ප්‍රතිශතය පහල යයි. එය මිලදී ගතහොත් උක් හකුරු කර්මාන්තය අවදනමේය . මිලදී  නොගතහොත් ගොවියා අමනාපවේය.එලෙසම ගොවියා හාමතේය.ලබන කන්නයේ උක් වගා නොවුනහොත් තවත් මිල ඉහල යන්නේය. මුළු කර්මාන්තයම අවදානමේ බව ඔහු පෙන්වා දෙයි . එහෙත් ඔහුට අතිරික්ත ධාරිතාවයක් පවතී . එම නිසාම ප්‍රබල සන්නාමයක් සහිත  බෙදාහැරීමේ හවුල් කරුවෙක් හෝ ආයෝජකයෙක් සොයාගැනීම මේ මොහොතේ යහපත් බව ඔහු පෙන්වා දෙයි.එවිට ඔහුට තවත් නිෂ්පාදන ගණනාවක් හදුන්වාදිය හැකි බව ඔහු පෙන්වාදෙයි.ඔහු නිපදවන දුඹුරු සීනි ඉස්තරම් සුවදකින්ද යුක්තය.වයින් ස්ප්‍රීතු නිපදවීම තවම සිදු නොකලත් උක් ගොවීන්ට වැඩිම මිලක් ලබා හැක්කේ උක් හකුරු කර්මාන්තයෙන් බව ඔහු ප්‍රයෝගිකවම පෙන්වාදෙයි . මහින්ද වීරසිංහ මහතා මේ මොහොතේ රටට උපදේශන සේවයක් ලබාදිය හැකි උක් හකුරු කර්මාන්තයේ  මෙරට සිටින අත්දැකීම් බහුලම මිනිසාය.ඔහු නොමැතිව මොණරාගල දිස්ත්‍රික්කයේ දොඹගහවෙලට තාක්ෂණික ප්‍රතිරූපයක් නොමැත.

නැගී එන ගොවි අර්බුදය පිලිබදව කණස්සල්ල පළකරන තවත් ක්ෂේත්‍රයේ ඉතා පරිණත මිනිසෙක් මහින්ද වීරසිංහ මහතාගේ කර්මාන්තශාලාවේදී ප්‍රකට උක් ගොවීන් දෙදෙනකුද සමග පැමිණ සිටියේය . ඔහු උක් පර්යේෂණ ආයතනයේ වසර 30 ක් සේවය කල වර්තමානයේ උක් ගොවියකු සහ ව්‍යවසායකයෙකු වන තිස්ස පියරත්න දිසානායක මහතාය.ඔහු මොණරාගල  උක් හකුරු කර්මාන්ත 400 ක් තිබු සමයේ උක් කර්මාන්ත සංගමයේ සභාපතිවරයාද වේ.එකල කර්මාන්ත බදුල්ල,හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර ,මඩොල්සිම දක්වාද පැතිර තිබුණු බව ඔහු සිහිපත් කරයි.උක් හකුරු කර්මාන්තය තරම් ගොවීන්ට ඉහල මිලක් ගෙවමින් පළාතේ ධනවතුන් බිහිකළ හැකි කර්මාන්ත මොඩලයක්  උවේ නැති බව ඔහු පෙන්වාදෙයි .ඔහුට අනුව වත්මන් සීනි කර්මාන්තය  උක් ගසේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් නැති එතනෝල් මත ක්‍රියාත්මක කර්මාන්තයක් බවට පත්ව ඇති බවයි.එම නිසාම සාර්ථක උක් ගොවීන් බිහි වීම වෙනුවට කුමක් හෝ නිපදවා සීනි ෆැක්ටෙරියට විකිණිමට  ගොවීන් පෙළඹී ඇති බවය. සීනි ප්‍රතිශතය ඉහල උක් වගාවන් පෙර මෙන් බිහි නොවෙමින් ඇත.පස දියුණු කිරීම පිලිබදව කතාබහක් වත් නැති බැවින් අක්කරයකට ලැබෙන උක් අස්වැන්න ප්‍රමාණවත් නොමැති බව ඔහු පවසයි. රසායනික පොහොර කොතරම් යෙදුවත් පස නිසි පරිදි ප්‍රතිචාර නොදක්වන බැවින් පස දියුණු කිරීමේ ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔහු පෙන්වාදෙයි. උක් ගස කිසිදු අයුරකින් පොල් ගසට දෙවෙනි නොවන්නේ කිසිදු අපද්‍රව්‍යක් ඉතිරි නොවන බැවිණි. ඌව  මහජන උක් කර්මාන්ත භුමියේද ඇති තරම් කාබනික පොහොර ගොඩගැසී ඇත්තේ බොයිලේරුව දහනය කරවන උක් රොඩු අළුද සමගද එක් වීමෙනි.ගොවියන් ඉහල අස්වැන්නක් සහ ඉහල සීනි ප්‍රතිශතයක් ඇති උක් නිෂ්පාදනයකට යොමු කිරීමට නම් පැරණි වල ක්‍රමය යලි භාවිතා කිරීමට හැකි කුඩා යන්ත්‍ර ගොවීන්ට හදුන්වාදිය යුතු බවත් යාන්ත්‍රීකරණය වඩාත් සාර්ථක ගොවීන් බිහිකිරීමට මේ මොහොතේ තීරණාත්මක බවත් ඔහු පෙන්වාදෙයි.පරිණත මිනිසෙකු වන ඔහු පවසන්නේ සියල්ලටම පෙර ආනයනික සීනි සදහා පෙර පවතී මිලට කඩිනමින් සමපාත වන ලෙසට බදු නොපනවන්නේ  නම් කිසිවක් ආරම්භ කිරීමට නොහැකි බවය.මහින්ද වීරසිංහ මහතාගේ තාක්ෂණය සමග බද්ධවූ උක් හකුරු කර්මාන්තයේ ජාතික වශයෙන් මේ මොහොතේ වැදගත්කම තීරණාත්මක බව ඔහු අවධාරණය කරයි.රටේ ඕනෑම ප්‍රදේශයක වැවිය හැකි උක් ප්‍රභේද තවමත් සුරක්ෂිත බැවින් අප තවමත් ප්‍රමාද නොමැති බව ඔහු පෙන්වා දුන්නේ උක් පර්යේෂණ ආයතනයේ සියඹලාණ්ඩුවේ භූමියට අපව කැදවාගෙන ගොස් පෙන්වීමෙනි .

අපට හමුවුණු ගැමුණු සහ මහින්ද යන ගොවි මහතුන් පෙන්වාදෙන්නේ අලුත්ම උක්  වගාවකට අක්කරයකට රුපියල් ලක්ෂ 2 ක් පමණ වැය වෙන බවත් ඉන්පසුව වියදම අඩුවන බවත් එහෙත් නිරන්තර වගාවෙන් පස දුර්වල වීම නිසා සම්ප්‍රදායික පොහොර වලට පොලොව යහපත් ප්‍රතිචාර නොදක්වන බවත්ය.අතීතයේ වාරි ජලයෙන් තොරව වුවත් මසකට පුරුක් කීපයක් දන්වන ලදී බිම නොපෙරෙලෙන වර්ග තිබු නමුත් දැන් එවැනි වගාවකට යෑමට තරම් ගොවීන්ට වෙලාවක් නැති බවය .එනම් තවත් භෝග කීපයක් නොමැතිව අවිනිශ්චිත භාවයෙන් මිදීමට නොහැකි බැවින් සමාගම් සමග එතනෝල් ඉලක්ක කර කෙරෙන වගාවන් සමග ඔවුන්ට ජීවත් වීමට සිදුව ඇති බවත් ඇතැම් අවස්ථාවල අස්වැන්න වාරිජලය නොමැති වගාවක අක්කරයකට ටොන්  45 සිට 25 වැනි අගයක් දක්වා පහත වැටෙන බවත් සීනි ප්‍රතිශතය 20% සිට 13% දක්වා පහතට වැටෙන බවත්ය .ඔවුන් කියන්නේ සියල්ල දැන් පුරුද්දට කරගෙන යන වගාවන් බවට පත්වී ඇති බැවින් ගොවි ජීවිතවල දියුණුවක් නොමැති බවයි.

ජනවසමට අයත් උලපනේ මාවතුර කනපතිවත්තේ එකල තිබුනේ   උඩරට තිබුණු ප්‍රකට උක් හකුරු කර්මාන්ත ශාලාවකි.එහි  තිබුනේ අක්කර 150ක පමණ උක් වගාවක් බව ආසන්නයේ ජීවත් වන මේජර් ප්‍රියන්ත මෑතගම විසින් මාවෙත තොරතුරු සොයා දන්වන ලදී. යුරෝපයේ චීස් සහ බිස්කට් හදන්නේද ග්‍රාමීය කර්මාන්ත මොඩලයකිනි.දියුණු රටවල මොඩලය අපේ පණ්ඩිතයන්ට දියුණු ලෙස නොපෙනේ.අපේ ආනයනික සීනි මත ග්‍රාමීය ආර්ථිකයකට පණ දිය හැකි ලෙසට සමානුපාතික බදු පැනවීමට ඇමතිවරුන් බියවී සිටින්නේ බිස්කට් මිල ඉහල යන බැවින් බව ඔවුන්ම කියති.බිස්කට් සමාගම් පාන්පිටි සමාගම් සමග එක්ව වී ගොවීන්ගේ අදායම මසකට රු 6000 කට අඩුකර සතුටින් සිටීමේ ප්‍රතිඵල මැතිවරණයකදී ආණ්ඩුවකට භයානක වී යහපාලන ආණ්ඩුවේ ඉරණම යලි අත්පත්කරදීමට ඉඩ ඇත.දොඹගහවෙල මහින්ද වීරසිංහ මහතා උක් කර්මාන්තය රැකගෙන ඔසවාගෙන සිටීමේ වැදගත්කම ගමට මුදල් යැවීමේ මුල් පියවරගැන කොළඹ සිට සැලසුම් ප්‍රචාරය කරන නායකයින්ගේ අවධානයට යොමු විය යුතුය. . ගමට මුදල් යන්නේ නම් අනාගතයේදී කාර්මීකරණයවී අඩු ගොවීන් පිරිසක් විසින් වැඩි නිෂ්පාදනයක් සිදුකරන ග්‍රාමීය ධනවතුන් බිහිකරන ජයග්‍රාහී ආර්ථික මොඩලයට අවතීර්ණ වීමකි. අවශ්‍ය වනුයේ මහින්ද මහතා වැනි දහස් ගණනක් බිහිකර ගැනීමේ විභවය ආරක්ෂාකරමින් ඩොලර් ඉතිරි කර ගැනීමයි.එය ආණ්ඩුවේ ආරක්ෂාව වසර 5කට නොව 20කටම තහවුරු කරනු ඇත. දොඹගහවෙල ජාතික ජනබලවේගයේ අජිත් පුෂ්ප නන්දන මහජන නියෝජිතයාගේ දේශපාලන උභාතෝටිකය විසදෙන්නේ එලෙසය.එක පුරවැසියෙකුට දිනකට රු 3 කින් වියදම ඉහල යන ලෙස ආනයනික සීනි මත රු 60කින් බදු පැනවීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ අදායම, මුදල් සංසරණය ,ආර්ථික ක්‍රියාකාරිත්වය යන තුනම ඉහල යන පියවරක් බව එඩිතරව කීමට උපායමාර්ගිකයෙකු රටේ නොමැතිනම් සියල්ල අවසානයේ දේශපාලන ඛේදවාචකයකින් අවසන් වනු ඇත. නැත්නම් රට එකවර "පොෂ්" කිරීමට සිතාගෙන සිටින "බ්‍රොයිලර් චිකන් " විප්ලවවාදී නව විධායකයින් ග්‍රාමීය දරිද්‍රතාවයෙන් සහ පසුගාමීභාවයෙන් පවුල් ලක්ෂ 16 ක ගොවීන් මුදාගැනීමට පොම්පකරන්නේ කොහේ තිබෙන මුදල්දැයි කිව යුතුය.

- අරුණ කාන්ත බණ්ඩාර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
යම් සංවිධානයක් විසින් තමන්ට වෙනම රටක් අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් කළ හොත් අලුතෙන් ගෙනවිත් ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විසින් පවසන කතාවක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.