මානව හිමිකම් කොමසාරිස්වරු එන හැම වෙලාවකම ජිනීවාවල පිම්මක් පනිනවා.. දයාන් ජයතිලක ජිනීවාවලදී 13 දෙන්න එකඟ වුණා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ රටවල් 26ක් බෙදා වෙන්කර ඇති බවත්, එම හැම රටක්ම බෙදා වෙන්කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බල ඒකකයක් නිර්මාණය කර ඉන්පසු ජාත්‍යන්තර මැදිහත්වීම මත බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමිනි.
ලංකාවේ ඉන්දු-ලංකා ගිවිසුම අනුව 13 වැනි සංශෝධනය ගෙන එන්නේ එම බෙදන රාජ්‍යයේ දේශ සීමා සලකුණු කිරීමට බවත්, උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ ඒ නිසා බවත් ඒ මහතා පවසයි.
යුද්ධය අවසන්වී දින තුනකින් එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කි මූන් මෙරටට පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සමුළුවක් කැඳවූ බවත්, පවසන ඒ මහතා එම වාර්තාවේ යුද අපරාධ පිළිබඳව එක වචනයක්වත් සඳහන් නොවූ බවත් පෙන්වා දෙයි.
එසේ සිදුවූයේ දයාන් ජයතිලක විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට එකඟවූ නිසා බවත්, එමගින් බෙදුම්වාදීන්ට තමන්ගේ මාර්ග සිතියමේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බවත්, එහෙත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එම බෙදුම්වාදී මාර්ග සිතියමේ ඉදිරියට යාමට නොහැකි වූ බව හා එයට හේතු වූයේ මහින්ද රාජපක්ෂට උපදෙස් ලබාදුන් දේශප්‍රේමී විද්වතුන් නිසා බවද ඒ මහතා සඳහන් කරයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරු මෙරටට පැමිණි සෑම වතාවකම ජිනීවාවල පිම්මක් පනින බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙම සංවාදය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වයිස් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි