News Category
From Date
To Date
Maximum Number of Result

විගණකාධිපති තනතුරට මිත්‍රයෙක් පත් කර​න ලක් ඉතිහාසයේ දූෂිතම ජනපති අනුරයි.. සුරා බදු කොමසාරිස්කමත් තබුත්තේගමට - ගම්මන්පිලගෙන් අනාවරණයක්..

Jul 14, 2025 at 03:14 PM
|

විගණකාධිපති තනතුරට මිත්‍රයෙක් පත් කර​න ලක් ඉතිහාසයේ දූෂිතම ජනපති අනුර දිසානායක මහතා යයි පිවිතුරු හෙළ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි. ඒ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ පලපුරුද්ද වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා. විගණන නිලධාරින්ගේ සංගමය සුදුස්සාට සුදුසු තැන දෙන්න ගම්මන්පිල මහතා පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා විතරක් නොවේ මාධ්‍ය හමුවක් තියලා රටටත් කිව්වා.

ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැළණි සගයෙක් විගණකාධිපති තනතුරට පත් කරන්න උත්සාහ කලා. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තියවේදින් තුන්දෙනා ඉතාම නිර්භීතව ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා තමන්ගේ මිත්‍රයා විගණකාධිපති තනතුරට පත් කර ගන්න බැරි වුණා. නමුත් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධූර කාලය ජනවාරි මස 3 දා අවසන් වෙනවා. ඊලඟට පත් වන තුන්දෙනාගෙන් එක් අයෙකු ආණ්ඩුවේ යෝජනාවට සහය දුන්නොත් කැළණි මිත්‍රයා විගණාකධිපති තනතුරට පත් කරන්න පුළුවන්.

ඒ නිසා තමයි ගම්මන්පිල මහතාට වැඩ බලන පත්වීම් දෙමින් ජනාධිපති කල් මරන්නේ. මුලින්ම සති දෙකකට දුන්නා. ඊට පස්සේ මාසයකට දුන්නා. දැන් මාස හයකට දුන්නා. මාස හතහමාර ඉවර වෙන කොට අළුත් ව්‍යවස්ථාදායක සභාවක්. එතකොට කැළණි සගයාට පත්වීම ලබා දෙන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න පුළුවන්.

විගණකාධිපති තනතුර විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනි කියලා මුළු ලෝකය පුරා පිලිගත් සම්මතයක් තිබෙනවා. ඒ නිසා අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු ජනාධිපතිවරු අගමැතිවරුවත් කවදාවත් තමන්ගේ යාළුවන් විගණකාධිපති තනතුරට පත් කර ගන්න උත්සාහ කරලා නෑ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙකු තමන්ගේ මිත්‍රයෙක් විගණකාධිපති කර ගන්න මෙතරම් වෑයම් කරන්නේ.

තමන්ගේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම් හොරකම් කරන්න බලාපොරොත්තුවක් නැති නම් කවුරු විගණකාධිපති වුණාම ආණ්ඩුවට මොකද? ඇයි සුදුස්සෙක් පත් වෙනවාට ජනාධිපති මෙතරම් බය වෙන්නේ? මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සිදුවුණු අත්වැරදීමක් නිසා කියලාත් නැවත කවදාවත් මේ වගේ වරදක් ජනතාව කරන්නේ නෑ කියලාත් ආණ්ඩුව දන්නවා. ඒ නිසා අද රෑට අරක්කු තහනම් කරනවා කිව්වාම මෙලෝ සිහියක් නැතිව බේබද්දෝ බොනවා වගේ ආණ්ඩුව ඉතිරි වසර කිහිපයේ සොරකම් කරලා මේ රාජ්‍යයේ සාරය උරා බොන්නයි සූදානම. එහෙම නැතිනම් තමන්ගේ හිතවතෙක් විගණකාධිපති කරන්න මෙතරම් වෙර දරන්නේ ඇයි? කියලා ආණ්ඩුවට රටට පැහැදිලි කරන්න වෙනවා

ව්‍යවස්ථාදායක සභාව වග කියන්නේ පාර්ලිමේන්තුවට. ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ගැන කතානානයකතුමාගෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ජනවාරි මාසය වන තුරු කල් මැරීමේ ජනපතිගේ කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේ මේ දක්වා කවුරුත්ම ප්‍රශ්න නොකිරීම ඉතාම කනගාටුදායක තත්වයක්.

සුරා බදු කොමසාරිස්කමත් තබුත්තේගමට

ඒ වගේ නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන් ඩි එන් ‍ඒ ‍ප්‍රේමරත්න මහතා සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා. නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීයෙක් කිව්වාම අපිට හිතා ගන්න පුලුවන්. නාවික කටයුතු පිළිබඳ ප්‍රවීනයෙක් ඒ නිසා වරාය අධිකාරියේ සභාපති වුනානම් සමුද්‍ර දුෂණ වැළැක්විමේ අධිකාරියේ සභාපති වුනානම් අපිට ඒක තේරුම් ගන්න පුලුවන්. නැව් සංස්ථාවේ සභාපති වුනානම් අපිට තේරුම් ගන්න පුලුවන්.

නාවික හමුදාවේ කොමදෝරු මහත්තයෙක් සුරා බදු ගැන මොනවාද දන්නේ එතුමා සුරාව පිළිබඳ විශේෂඥවරයෙක්ද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි බදු පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. එහෙම කෙනෙක් මෙහෙම පත් කරන්නේ ඇයි?

1912 සුරාබදු දෙපාර්තමේන්තුව පටන් ගත් දවසේ සිට පසුගිය වසර 113ටම කිසිම රාජ්‍ය නායකයෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දේශපාලනිකරණය කරන්න උත්සහ කරලා නෑ. ඇයි? ලංකා ආණ්ඩුවේ ආදායම් ත්‍රිත්වයෙන් එකක් සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ. අපේ රටේ ආදායම් ගේන්නේ දෙපාර්තමේන්තු තුනක්. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙ‍පාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව. මේවා දේශපාලනිකරණය කරලා තමන්ගේ මිත්‍රයන්ට සලකන්න ගියෝත් මේ රටේ ආදාමත් කඩා වැටිලා. ආණ්ඩුවත් වැටිලා. රටත් කඩා වැටෙනවා කියන එක මීට කලින් හිටිය අත්දැකිම් තියෙන දේශපාලකයෝ දැනන් හිටිය නිසා තමයි මේ තනතුරට කවදාවත් අත තියන්න කටයුතු නොකලේ.

මේ තනතුර ගැන එක පැත්තකින් කියනවා ප්‍රේමරත්න මහතා තබුත්තේගම උපන් කෙනෙක් කියලා. ගමට ඇදලා තියෙන්නේ. මට මතකයි අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොටට අදිනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවට අදිනවා. ජනාධිපතිවරයා පත් වන්නේ සමස්ථ ජාතියේම ඡන්දයෙන් නම් ඔහුට එක දිස්ත්‍රික්කයක් එක ගමක් වැදගත් වෙන්න බෑ ඔහු සමස්ථ රටටම එක සේ සලකන්න ඕන කියලා. ඒ කලේ පාර්ලිමේන්තුවේ මයික් පුපුරන්න කතා කරපු ලස්සන දැන් ඉතින් ජිවිතය ගොඩ යන්න නම් තබුත්තේගම තනි සිග්නල් කණුව වටේ ඉපදිලා තියෙන්න ඕන වගේ තත්ව‍යක් තමයි රටේ ඇති වෙලා තියෙන්නේ.

එක පැත්තකින් තබුත්තේගම ගමට ඇද්දා කියලා කතාව යනවා. අනිත් පැත්තෙන් මෙතුමාගේ බිරිඳ තමයි මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ වසන්තා සුබසිංහ මැතිණිය. එක පැත්තකින් කැලණියට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමට අදිනවා කියන චෝදනාවත් ‍ඔප්පු කරලා තියෙනවා. රටේ ප්‍රධාන තනතුරු මෙහෙම පක්ෂාග්‍රාහිව ලබා දුන්නොත් ඥාති සංග්‍රහයට මිත්‍ර සංග්‍රහයට ගමේකමට දෙන්න ගියොත් රට හදන්නේ කෙහොමද? මේකද? ඔබතුන්ලා රටට ‍පොරොන්දු වුන පුනරුදය කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.

ඒ වගේම මෙතුමා හමුදා සමුහිකයෙත් ඉදලා තියෙනවා කියලා තමයි ආරංචිය එක පැත්තකින් තබුත්තේගම කෙනෙක් එක පැත්තකින් හමුදා සමුහිකයේ කෙනෙක් අනිත් පැත්තේන් මාලිමාවේ අපේක්ෂිකාවක‍ගේ සැමියෙක්. වසන්තා සුබසිංහ මැතිණියට මේ වන විටත් වික්‍රමාආරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා දිලා තියෙන්නේ මහත්තයාට මේ පැත්තෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර ලබා දිලා ඒ කියන්නේ අර පවුල්වාදය නැති කරනවා කිව්වා පවුල්වාදයම තවදුරටත් තහවුරු කරමින් ඉන්නවා කියන්න මේක උදාහරණයක්.

ඒ නිසා මාලිමා‍වට ඡන්දේ දුන්නු අය වරින් වර ඇදුම් ගලවගෙන දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ. ඒ නිසා අනුකම්පා කරලා. ඒඅය නිරුවත් භාවට පත් කරන්න එපා කියලා. අපි ජනාධිපතිතුමාගේන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.