වත්කම් ප‍්‍රකාශ නොදුන් රජයේ සේවකයන්ගේ වැටුපෙන් දිනකට 1/30ක් අද සිට කැපෙයි..
2025 ජූලි මස 14 වන දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද දින සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අද සිට දිනකට තිහෙන් පංගුවක් බැගින් (1/30) කපා හැරීමට පියවර ගනු ඇත.
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු 31 වන විට තමන් සතු දේපළ පිළිබඳ විස්තර ජූනි මස 30 වැනිදාට පෙර අදාළ ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුය. ආයතන ප්‍රධානීන් විසින් එම ප්‍රකාශ CIABOC වෙත යොමු කරනු ලැබේ.
ජූනි 30 වැනිදා වන විට වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් රාජ්‍ය නිලධාරීන්ට එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන ලදී. මෙම සහන කාලය තුළදී ප්‍රකාශ භාරදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසම විසින් අවවාද ලිපියක් පමණක් නිකුත් කරන ලදි.
අද දින (ජූලි 14) අවසන් වූ සති දෙකක සහන කාලය තුළදී පවා වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව, අදාළ ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී CIABOC වෙත යොමු කළ යුතුය. දඩ මුදල් අය කරනු ලබන්නේ එම නිලධාරීන්ගෙනි.
මෙම නව රෙගුලාසිය ක්‍රියාත්මක වන්නේ, නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..