බදු අඩු කරන්න නම් චීනය සමග වෙළෙඳාම සීමා කරන්නැයි ඇමරිකාව දන්වලා..
ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
“අන්‍යෝන්‍ය බදු” ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලබා දුන් දින 90 ක සහන කාලය අවසානයේදී විශාලතම බදු අඩුකිරීම් ලබාගත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වන අතර එහිදී සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩු කර ගැනීමට මෙරටට හැකියාව ලැබිණි.
සියයට 14 ක ප්‍රතිශතයකින් තීරුබදු අඩු කිරීමේ දැනුම් දීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියක් මාර්ගයෙන් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගියදා දැනුම් දුන්නේය.
බංග්ලාදේශය, ලාඕසය, මියන්මාරය සහ කාම්බෝජය වැනි තරගකාරී රටවලට පනවා තිබෙන තීරුබදු ප්‍රතිශතවලට වඩා මෙරටට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුටු වුවත් වියට්නාමය වැනි රටවලට පනවා ඇති තීරු බද්ද අප රටට වඩා අඩුවීම හේතුවෙන් යම් කැළඹීමක් ද හටගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳාමේ දී තිබෙන අසමානතා ජනපති ට්‍රම්ප් එම ලිපිය මගින් පෙන්වා දී තිබූ අතර ශ්‍රී ලංකාවේ බදු, බදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක හේතුවෙන් වෙළෙඳාමේ දී දෙරට අතර “අන්‍යෝන්‍ය” සබඳතාවක් නොමැති බව ද පෙන්වා දී තිබිණි.
එය ඇමෙරිකාවේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් හඳුන්වා දී තිබූ අතර වෙළෙඳ හිඟය ආමන්ත්‍රණය කිරීමට සියයට 30ක තීරු බද්ද අත්‍යවශ්‍ය බව එම ලිපියේ සඳහන් විණි.
එළැඹෙන 1 වැනිදා සිට ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා සියයට 30 තීරු බද්දක් අය කරන බවත් එම බද්ද අය කරන්නේ අනෙකුත් බදුවලට අමතරව බවත් එම ලිපියේ දැක්වේ.
- කැළුම් බණ්ඩාර
ඩේලි මිරර්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි