ඇමති විජිත හේරත් සහ චීන විදේශ ඇමතිය වැන්ග් යී අතර හමුවක්.. දෙරටේ උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා..
මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබේ.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාරිගික සහයෝගීතාව තවදුරටත් තර ගැනීම මෙම සාකච්ඡාවේදී සිදුව ඇත.
විදේශ අමාත්‍යවරු දෙදනො අතර පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී චිනය දක්වන සහයෝගය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දක්වන සහාය සහ මෑත කාලීන ආර්ථික අභියෝගවලදී චීනය ලබා දුන් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කෘතවේදය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය.
චීනයේ එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුව නැවත තහවුරු කළ අමාත්‍යවරයා වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම ද දැන්වූවේ ය.
දෙරටේ නායකයින් අතර පැවති සාර්ථක සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින්, එකඟවන පොදු දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි