ඇමෙරිකා බද්ද තව අඩු නොකලොත් දුවන්න බෑ..- ඇගළුම් සංගම් සංසදය කියයි
ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැළපුම් තීරු බද්ද අඩු කර නොගතහොත් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැනුම්කරුවන් වෙත ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් යොමුවීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
එම නිසා අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ යුතු යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වෙද්දී දේශීය ඇඟලුම් අපනයන ඉපැයීම් වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොළට යොමු කෙරෙන පසුබිමක මෙබඳු ඉහළ අගයක අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්දක් පැනවීම තුළින් එක්සත් ජනපදය සඳහා ඇඟලුම් අපනයනය කරන කලාපයේ රටවල් හා ලංකාව අතර තරගකාරිත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි යැයි එම නිවේදනයේ සඳහන් වේ.
ඇමරිකානු වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකාව සමඟ තරග කරන වියට්නාමය සඳහා අන්‍යොන්‍ය ගැළපුම් තීරු බදු ප්‍රතිශතය 20%ක් වූ බවත් බංග්ලාදේශයට පැනවූ 35%ක ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එහි සඳහන් වේ.
කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා වැඩි බැවින් ඔවුන්ද මේ තත්ත්වය වෙනස් කරවා ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි පවසන එම සංගමය මේ කරුණු සැලකිල්ලට ගෙන ලංකාවද බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව පවසයි.
ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයින් සමඟ කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස 44%ක්ව තිබූ බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වීම සුබවාදී තත්ත්වයක් නමුත් අගෝස්තු 1 වැනි දිනට පෙර දැනට ප්‍රකාශයට පත්ව ඇති බදු ප්‍රතිශතයද අඩු කර ගැනීම සඳහා වන රජයේ උපරිම කැපවීම දැඩිව අපේක්ෂා කරන්නේ යැයිද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මෙරට ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත බව, වෙළෙඳපොළ කොටස පවත්වාගෙන යෑමට සහ විශ්වාසදායී ඇඟලුම් නිෂ්පාදකයකු ලෙස ශ්‍රී ලංකාව විසින් ඇඟලුම් සැපයුම් දාමයෙහි ලබා ඇති කීර්තිය තවදුරටත් රඳවා ගැනීමට අතිශය වැදගත් වනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
- බිඟුන් මේනක ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..