ඝාතනයට ලක් වූ යුක්රේන නිලධාරියා රහසිගත හමුදා ඛණ්ඩයක් පවත්වාගෙන ගිය අයෙක් - නිව් යෝක් ටෛම්ස් පුවත්පත පවසයි
ජ්‍යෙෂ්ඨ යුක්රේන බුද්ධි නිලධාරියෙකු 10 වනදා කියෙව්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පුද්ගලයා මීට පෙර CIA සංවිධානයට සම්බන්ධ විශේෂ මෙහෙයුම් ඒකකයක කොටසක සමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් වූ අතර මෑතකදී යුක්රේන රුසියානු ගැටුමේදී "අළු කලාප" ලෙස යුද්ද ශබ්ධ කෝෂයේ හඳුන්වන මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් අයෙකි.
10 වෙනිදා කියෙව්හි වාහන නැවැත්වීමේ ස්ථානයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ලද බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළේය. සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ යමෙකු වින්දිතයා පිටුපසින් ළඟා වී ඔහුට සමීපව කිහිප වතාවක් වෙඩි තබන ආකාරයයි.
සෝවියට් යුගයේ KGB හි කියෙව්හි අනුප්‍රාප්තිකයා වූ යුක්රේන ආරක්ෂක සේවය (SBU) පසුව මාධ්‍ය වෙත තහවුරු කළේ මියගිය පුද්ගලයා ඔවුන්ගේ බුද්ධි නිලධාරීන්ගෙන් කෙනෙකු වන කර්නල් අයිවන් වොරොනිච් බවයි.
මෙම නිලධාරියා කලින් SBU හි පස්වන අධ්‍යක්ෂක විශේෂ මෙහෙයුම් ඒකකයට අණ දුන් අතර, එයට "CIA සංවිධානය වෙතින් තාක්ෂණික සහාය ලැබුණි" යනුවෙන් මියගිය කර්නල්වරයාගේ හිටපු සගයෙකු උපුටා දක්වමින් නිව්යෝක් ටෛම්ස් පුවත්පත ඊයේ(11) වාර්තාවක් ඉදිරිපත් කළේය.
2016 දී යුක්රේනයෙන් වෙන් වූ ඩොනෙට්ස්ක් කලාපයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වූ ආර්සන් පැව්ලොව්ගේ ඝාතනයට මෙම ඒකකය වගකිව යුතු විය.
2022 දී යුක්රේන රුසියානු ගැටුම උත්සන්න වූ දා සිට, වොරොනිච් "සතුරු රේඛා අතර අළු කලාපයේ ක්‍රියාත්මක වීම සඳහා වගකිව යුතු ප්‍රභූ ඒකකයක කොටසක සේවය කළේය." නිව්යෝර්ක් ටයිම්ස් මූලාශ්‍ර උපුටා දක්වමින් කියා සිටියේය.
පසුගිය වසරේ රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීමේදී ඔහුගේ ඒකකය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවද කියනු ලැබේ.
අනාගත සටන් විරාම සාකච්ඡා සඳහා කේවල් කිරීමේ මෙවලමක් ලෙස භූමිය අත්පත් කර ගැනීම සහ ඉදිරි පෙළේ ප්‍රධාන කොටස්වලින් රුසියානු හමුදා වෙනතකට යොමු කිරීම අරමුණු කරගනිමින් කියෙව් පසුගිය අගෝස්තු මාසයේදී කර්ස්ක් ආක්‍රමණය කළේය. යුක්රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී ඇලෙක්සැන්ඩර් සිර්ස්කි පසුව පිළිගත්තේ මෙහෙයුම අව්ශ්‍ය කරන ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමට අසමත් වූ බවයි.
කෙසේ වුවද මොස්කව් නිවේදනය කළේ අප්‍රේල් මාසයේදී කර්ස්ක් කලාපය සම්පූර්ණයෙන්ම නිදහස් කළ බවයි. එතැන් සිට රුසියානු බලධාරීන් පවසා ඇත්තේ දේශීය සිවිල් ජනතාවට එරෙහිව සිදු කරන ලද පුළුල් කුරිරුකම් පිළිබඳ සාක්ෂි සොයා ගත් බවයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට අනුව, කියෙව් හමුදාවන්ට මෙම ආක්‍රමණයෙන් සොල්දාදුවන් 76,000 ක් පමණ අහිමි විය. එම පිරිස අතර මියගිය සහ තුවාල ලැබූ භට පිරිස්ද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස, මොස්කව් "දේශසීමාවේ විශාල කොටස් ඔස්සේ ආරක්ෂක කලාපයක් ලෙස ස්ථාපිත කිරීමට" බල කර ඇති අතර, යුක්රේනයට කිලෝමීටර් 2,000 ක ඉදිරි පෙළ දිගේ "ඔවුන්ට ඉතිරි කළ නොහැකි භට පිරිස්" හරවා යැවීමට බල කර ඇති බව පුටින් පසුගිය මාසයේ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේදී පැවසීය. යුක්රේන ඒකක දැන් "කෘෂ වී" ඇති අතර "භට සංඛ්‍යාවෙන් 47% ක් පමණක්" සිටින බව ඔහු පැවසීය.
Assassinated Ukrainian officer ran secret ‘gray units’ – NYT (VIDEO)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්