දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව සිදුකළ ව්‍යාපාරිකයාට ලබාදුන් වසර 20ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි..
දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැළකෙන රුපියල් බිලියන 3.9 ‘වැට් බදු’ මුදල් වංචාව සිදුකළ විත්තිකාර ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහවුරු කළේය.
දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත්දා ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙන් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත්කළේ ය.
අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ලබාදුන්නේ ය.
ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම මින් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සළකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාදිකරණය හමුවේ ගොනුකර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව පෙන්වාදුන්නේ ය.
වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු අභියාචනාධිකරණයට ගොනුකර තිබූ අභියාචනාවල තීන්දුව අභියාචනාදීකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත්, ඒ තුළින් විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම අනුමත කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබිණි.
එහෙත් අදාළ නඩු තීන්දුව නැවත සළකාබලන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයකු වන මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යළි පෙත්සමක් ගොනුකර ඇති අතර, එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීම අභියාචනාධිකරණය විසින් කල්තබා ඇති බවත්, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත් නඩු දිනයේ පෙන්වා දී තිබිණි.
අභියාචනාදීකරණය හමුවේ අදාළ පෙත්සම ගොනුකර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පළාගොස් සිටි අයකු බවත්, ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තර්ක කර තිබිණි.
එබැවින් විත්තිකරු විසින් අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම කරුණු සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සළකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේය.
එය අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක්කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමිනොවන බවත් සඳහන් කළේය.
ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිරදඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කරන තීන්දුව තහවුරු කරන බවත්, මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සළකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
2002 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැළකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබිණි.
මෙසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් තුන්දෙනාම අධිකරණය මගහැර පළාගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත්, අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි