ට්‍රම්ප්ගේ 30% බද්ද අඩු නොවුණොත් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක..
එක්සත් ජනපදය සඳහා මෙරටින් කරන අපනයනය කරන ඇඟලුම් සඳහා 30%ට වඩා අඩු තීරුබදු අනුපාතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට අර්බුදයක් වියහැකි බව එම අංශයේ කර්මාන්ත ආයතන අනතුරු අඟවා තිබේ.
ඇඟලුම් අපනයනයෙන් 40%ක් පමණ එක්සත් ජනපදය ලබා ගන්නා අතර, එමගින් පසුගිය වසරේ ඩොලර් බිලියන 1.9ක් උපයා ගැනීමට සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම විදේශ විනිමය උපයනඅංශය බවට පත් කිරීමට උපකාරී වී තිබේ.
ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව 300,000ක් පමණ සේවයේ යෙදෙන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් ය.
“මෙය අවසාන අංකය නම්, වියට්නාමය වැනි අපගේ තරඟකරුවන්ට අඩු තීරුබදු ලැබී ඇති නිසා ශ්‍රී ලංකාව කරදරයක වැටෙනවා,නමුත් අපට සාකච්ඡා දිගටම කරගෙන යා හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා.” විශාලතම ඇඟලුම් සමාගම් නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) යොහාන් ලෝරන්ස් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
ලිපියක් මගින් ට්‍රම්ප් බදාදා ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනුම් දුන්නේ වියට්නාමය මුහුණ දෙන 20% බද්දට වඩා බෙහෙවින් වැඩි අනුපාතයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි.
දකුණු ආසියාවේ තවත් ප්‍රධාන ඇඟලුම් අපනයනකරුවකු වන අසල්වැසි බංග්ලාදේශය සඳහා එක්සත් ජනපද තීරුබදු 35%ක් ලෙස නියම කරන ලද නමුත්, එක්සත් ජනපදයේ ප්‍රධාන සැපයුම්කරුවකු වන ඉන්දියාව සඳහා වන බද්ද තවමත් එළිදක්වා නොමැත.
ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර නොදැක්වූ නමුත්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම වෙළඳ හා මූල්‍ය නිලධාරීන්ගේ සහභාගීතත්වයෙන් එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි.
2025 මුල් මාස පහ තුළ එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 747ක් වූ අතර, පසුගිය වසරේ මුළු ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 4.8ක් වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ දත්ත පෙන්වා දෙයි.
ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවන්ගෙන් සාර්ව ආර්ථික හා සමාජ ස්ථාවරත්වයට සැළකිව යුතු අවදානම් තිබියදීත්, ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ධනාත්මකව පවතින බව පසුගිය සතියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැවසීය.
ඔහු අප්‍රේල් 2 වැනි දින මුලින් තම තීරුබදු එළිදැක්වූ විට, ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ සඳහා 44%ක බද්දක් පැනවීමට අනතුරු අඟවා තිබිණි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි