‘ඇවන්ගාඩ්’ වැඩේ කරන්න නාවික හමුදාවට දෙයි..
ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒන් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 ර්වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් කර ඇත.
එම තර්ජනයන්ට පිළියමක් ලෙස අධි අවදානම් කලාපයට ඇතුළුවන වෙළෙඳ නෞකා විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් මඟින් ගිනි අවි රැගත් සමුද්‍රීය ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනු ලබයි.
2023-01-01 වන දින සිට එම අධි අවදානම් කලාපය ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නමුත්, වාණිජ නෞකා විසින් තවදුරටත් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.
එම සාගර කලාපයට ඇතුළුවන නෞකා සඳහා ගිනි අවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් නංවා ගැනීමත්, පිටවන නෞකාවන්හි ආරක්ෂාවට යොදවා සිටි ගිනි අවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් ගොඩ බැස්වීම සඳහාත් ප්‍රධාන වශයෙන් ගාල්ල සහ කොළඹ වරායන් යොදා ගන්නා අතර, ඇතැම් අවස්ථාවන්හි දී හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව ද එවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.
එම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත. එබැවින්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු වලට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද අනුමැතිය ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි