2027 සිට දේපල බද්දක් පනවන්න ශ්‍රී ලංකාව එකඟවුනා - IMF හෙළිකරයි..
2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත.
එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය.
නව දේපල බද්ධ පැනවීමට අවශ්‍ය දත්ත යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අනුමදලේ නවතම කාර්ය මණ්ඩල වාර්තාවේ සඳහන්ය.
එම වාර්තාවට අනුව දේපල තක්සේරුකරණය සඳහා විස්තීරණ ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතය.
දේපල වටිනාකම් තක්සේරුකරණය හා බදු වගකීම් ගණනයේදී අදාල දත්ත පද්ධතිය මූලික පදනම වෙයි.
වැඩ පිළිවෙලේ මුල් අදියර ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සතු අතීත තක්සේරු වාර්තා ඩිජිටල්කරණනය කෙරෙනු ඇති.
ඒ යටතේ මුලින්ම ආවරණය කෙරෙන්නේ නගර සභාවවලට අදාළ තක්සේරු වාර්තායි.
මෙම වසර අවසානය වනවිට එම ඩිජිටල් කරණනය සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.
ඊට සමගාමීව පළාත් මට්ටමෙන් විකුණුම් මිල කුලී බදු ලේඛනයක් සම්පාදනය කර රටපුරා දේපල වෙළඳ පොළෙහි වත්මන් මිල ඇස්තමේන්තු කිරීමටද රජය මුලපුරා ඇති බව ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික වාර්තාවේ සඳහන්ය.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව අතීත වාර්තා ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් පසු ඒවා පළාත් මට්ටමෙන් දේපල විකුණුම් මිල හා කුලී බදු ලේඛනය සමඟ ඒකාබද්ධ කර දේපල සඳහා අවම ඇස්තමේන්තු ගත වෙළඳ මිල සඳහන් ජාතික දත්ත පද්ධතියක් 2026 වසරේ ජූනි මාසය වනවිට නිර්මාණය කිරීම රජයේ සැලැස්ම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලික වාර්තාව අනාවරණය කර තිබේ.
2026 වසරේ සැප්තැම්බර් වන විට අදාල දත්ත පද්ධතිය අනුසාරයෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හා ඉඩම් කොමසාරිස් ජෙනරල් කාර්යාලයට මෙන්ම මහා ජනතාවටද ඉඩ ලැබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි