කහවත්ත OIC යාපනේට මාරු කරයි..
කහවත්තේ, යාඉන්න ප්‍රදේශයේදී පසුගිය සඳුදා (ජුනි 30) සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු මියයාම සහ තවත් අයෙකු බරපතල තුවාල ලැබීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කඩිනම් කිරීමේ අරමුණින්, කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙම තීරණය ගත් බවයි. මියගිය තරුණයාගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පසුගිය සඳුදා (ජුනි 30) රාත්‍රී කාලයේදී වන අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිසිය සඳහන් කරන්නේ, මෙය පුද්ගලික ආරවුලක් මත සිදුවූවක්ද, නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
කහවත්ත පොලිසිය සහ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් සාක්ෂි විශ්ලේෂණය කිරීම මේ වන විට සිදු කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි