සමුපකාරයේ ඩොලර් කෝටි 280ක දේපළකට රජය අත තැබීමට සූදානම් වෙයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ අනුව යමින් ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් සමුපකාර 16,000ක් සතු ඇමෙරිකන් ඩොලර් කෝටි 280කට අධික දේපළ හා අනෙකුත් වත්කම්වලට අත තැබීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
පැවති ආණ්ඩුව ඉදිරිපත් කළ විරෝධතා හමුවේ අකුලාගත් සමුපකාරය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙනයමින් ආණ්ඩුව මෙම වෑයම ගන්නේ යැයි එහි සභාපති උපාලි චන්ද්‍රසිරි ‘ඉරිදා මව්බිම’ට පැවසීය.
මෙය මුළුමනින් ම ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාව සන්තක ප්‍රබලතම ව්‍යාපාරය බවට සමුපකාරය පත්කිරීමේ අපේක්ෂාව උඩු යටිකුරු කිරීමක් යැයි ද සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම වෑයම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නේ යැයිද උපාලි චන්ද්‍රසිරි කීවේය.
යුරෝපා සංගම් වාර්තා අනුව අසූ එක් ලක්ෂයක සාමාජිකත්වය ඉක්මවූ ඇමෙරිකන් ඩොලර් ඩොලර් කෝටි 280 අධික දේපළ හා අනෙකුත් වත්කම් හිමි සමුපකාර 16,000ක් ලංකාවේ ඇතැයි කී හෙතෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණ්ඩු ඉව අල්ලන්නේ එකී දේපළවලට යැයි අවධාරණය කළේ ය.
ඒ අනුව, මෙම සමුපකාර දූෂිත බව කියමින් 2023දී පැවති ආණ්ඩුවේ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍යවරයා සමූපකාරය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ නමුත් සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය මැදිහත් වීමෙන් එය පරාජයට පත්වී යැයි ද උපාලි චන්ද්‍රසිරි කීවේය.
වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍යාංශයේ නිලධාරීන් දැන් උත්සාහ කරන්නේ පැවති ආණ්ඩුව අකුළා ගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතය ම ‘සමුපකාර ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ යෝජනා කෙටුම්පත 2025’ මැයෙන් වෙනත් මුහුණුවරකින් ගෙන එන්නට යැයිද එවක විපක්ෂයේ සිටිද්දී ඊට එරෙහි සටනට සහභාගී වූ වසන්ත සමරසිංහ වැනි සමිති නායකයන් ඇමතිවරුන් වී වර්තමානයේ ක්‍රියා කරන පිළිකුල් සහගත යැයි ඔහු පැවසීය.
මෙම ක්‍රියාවලියේදී දින 14ක් තුළ සමුපකාරිකයන්ගේත් මහජනතාවගේත් අදහස් ලබාගෙන ඉතා හදිසියේ සමුපකාරිකයන් සඳහා නව පනතක් සම්පාදනය කිරීමට නිලධාරීන් මුලදී උත්සාහ කළේ යැයි කී හෙතෙම සිය විරෝධතාවලින් පසුව සමුපකාරිකයන්ට රැස්වී පනතක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තවත් කාලය ලබාගත්තේ යැයිද සමුපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
නව රජයේ කැබිනට් මණ්ඩලය 2023/19 දරන පැරණි ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව අවලංගු කළ බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජුනි මස 4 වන දා අධිකරණය වෙත මෝසමක් මගින් කරුණු සැල කළ පසුබිමක නැවත වටයකින් වෙනත් මුහුණුවරකින් එම උත්සාහය ම ගැනීම අධිකරණයට ද කරුණු වසන් කිරීමක් යැයි උපාලි චන්ද්‍රසිරි වැඩිදුරටත් සඳහන් කළේ ය.
- mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි