රවීගේ රිය අනතුරේ නඩුවට වෙනත් විනිසුරුවරයෙක් ඉල්ලලා..
2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීම සඳහා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය වෙනුවට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හෝ වෙනත් මහේස්ත්‍රාත්වරියක පත් කරන ලෙසට රවී සෙනෙවිරත්න මහතාගේ නීතිඥවරයා පෙරේදා(25) අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
අනතුර සිදු කිරීමට අදාල පළමු චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම මත පමණක්ව නඩුව පවත්වාගෙන යා යුතු බව නීතිපතිවරයා සිය මතය ලෙස ඉදිරිපත් කර තිබුණා.
අමතරව දෙවැනි හා තුන්වැනි චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කළ යුතු බව නීතිපතිවරයා සිය මතය ලෙස ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව චෝදනා පත්‍රය සංශෝධනය කර තිබුණත්, අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, පෙර තිබූ චෝදනා තුනම යටතේ නඩුව ඉදිරියට ගෙන යා යුතු බවයි.
එම අවස්ථාවේදී රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරා මහතා ඊට තම සේවාදායකයා වන රවී සෙනවිරත්ත හා තමා විරෝධතාවය දක්වන බවත් ඉන් තම සේවාදායකයාට සාධාරණ හා යුක්ති සහගත නඩු තීන්දුවක් නොලැබෙන බවත් අධිකරණය හමුවේ කියා සිටියා.
මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපතිතුමා විසින් එවා ඇති ලිපිය මගින් දක්වා ඇති නීතිපතිතුමාගේ මතය ලෙස දක්වා ඇති කොටස උපදෙස් ලෙස තමන්ට සැලකිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරිය පවසනවා.
ඒ අනුව, ලිපිය මගින් ලබා දී ඇත්තේ නීතිපති උපදෙස් ද නැත්නම් නීතිපතිවරයාගේ මතය ද යන්න පැහැදිලි කිරීමට තීරණය කරමින් අධිකරණ රෙජිස්ටාර්වරිය මාර්ගයෙන් ගරු නීතිපතිතුමාගේ නමින් ලිපියක් සකසා නීතිපති නිල මැදිරියට අද (26) අතින් භාර දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඒ අනුව නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සුදුසු ලෙස ක්‍රියා කිරීමට නැවත මෙම නඩුව සැප්තැම්බර් මස 10 වන දිනට කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
ඉකුත් 2023 ඔක්තෝම්බර් 28 වන දින අලුයම 1.20ට පමණ බම්බලපිටිය සිට දෙහිවල දෙසට රිය පැදවමින් සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ මෝටර් රථය වැල්ලවත්ත මුහුදු මාර්ගයේ නවතා තිබූ වැගන් ආර් වර්ගයේ කාර් රථයක හා බස් රථයක ගැටී දැඩි අලාභ හානියක් සිදු කර තිබුණා.
එම අනතුරෙන් පසු වැල්ලවත්ත පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම අනතුර සම්බන්ධයෙන් එකල නිකුත් කළ වීඩියෝවක් පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..