News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව, ඉන්දියානු සහ IMF න්‍යායපත්‍රයට යට වෙලා.. ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගය හමුවේ නිහඬයි.. මැදපෙරදිග පුපුරා යන්නේ අධිරාජ්‍යවාදී බල කඳවුරු අතර බලු පොරයයි - කුමාර් ගුණරත්නම්

Jun 26, 2025 at 07:25 PM
|

මැදපෙරදිග අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි දේශපාලනය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2025 ජුනි 26 දින පස්වරු 1.00ට නුගේගොඩ දී පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්.

” මේ වෙද්දී ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රමුඛ කරගෙන යුද උන්මාදයක් පැතිරෙමින් යනවා. පහුගිය කාලෙම ඊශ්‍රායලය ජන සංහාරක යුද්ධයක් පලස්තීනයට විරුද්ධව ක්‍රියාත්මක කරමින් යනවා. ඒ මෙලෙච්ඡ යුද්ධය පිටුපස ඇමරිකානු හස්තය ක්‍රියාත්මක වුණ බව පැහැදිලියි. මේක කාලයක් තිස්සේ පැවති ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගයේම බල වුවමානාවන් විදිහට තමයි අපිට පැහැදිලි කරගන්න වෙන්නේ. අපි දන්නවා ට්‍රම්ප් ජනාධිපති වීමත් එක්ක චීනයට එරෙහි වෙළඳ යුද්ධයක් ආරම්භ කළා. ඒක එළියට ආවේ තීරු බදු ප්‍රතිපත්තියක් විදිහට. චීනය විතරක් නෙවෙයි රටවල් ගණනාවකට එරෙහිව තමයි මේ අසාධාරණ තීරුබදු පණවන්න පටන් ගත්තේ. ඒ නිසා මේක තීරුබදු ප්‍රතිපත්තියකට වඩා ඔවුන්ගේ බිඳ වැටෙමින් යන ආර්ථික බලය පවත්වාගෙන යාමේ අරමුණක් බව පැහැදිලියි. බිඳ වැටෙමින් යන ඇමරිකානු ආර්ථික බලය සහ ඩොලරයේ ආධිපත්‍යය පවත්වාගෙන යාම තමයි මේක පිටුපස තියෙන කතාව.

අපි දන්නවා ඇමරිකානු ආර්ථිකය අද වෙද්දි බිඳ වැටෙමින් යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ අතර චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් යනවා. බිඳ වැටෙමින් යන තමන්ගේ ආර්ථික බලය පවත්වාගෙන යාමටත් චීනයේ ආර්ථික බලය දුර්වල කිරීමත් මේ වෙලාවේ ඇමරිකානු න්‍යායපත්‍රයේ කොටසක්. මේ චීනයට එරෙහිව වෙළඳ යුද්ධයේදී ඇමරිකාවට මැදපෙරදිග කලාපයේ බලය අත්‍යාවශ්‍යයි. මොකද ආර්ථික වර්ධනයේදී ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍යය සාධකයක් වගේම තමයි මැදපෙරදිග කලාපය කියන්නේ විශාල වෙළඳපොලක්. මෙන්න මේ කතාවත් එක්ක තමයි ඇමරිකාවේ ඇහැ මැදපෙරදි කලාපයට යොමු කරමින් ඉන්නේ. මීට පෙරත් මේ විදිහටම ඇෆ්ගනිස්තානයට වගේම සිරියාව වගේ රටවලත් ඇමරිකානු මැදිහත්වීම් වුණා. අන්තිමට යුද්ධය එක්ක ඒ රටවල් බිමටම සමතලා කරලා ඒවගේ ඇමරිකානු රූකඩ රාජ්‍යන් ඇති කරලා තමයි ඒ යුද උන්මාදය නැවත්තුවේ. මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්ම වෙන ඇමරිකානු බලල් අත නෙතන්යාහු ප්‍රමුඛ ඊශ්‍රායලය අරහා පලස්තීනයට සහ ඉරානයට එරෙහිව දියත් වෙන්නෙත් ඒ වැඩපිළිවෙළේම දිගුවක්. නමුත් ඒ මැදිහත් වීමෙන් එහාට ගිහිල්ලා මේ වෙද්දි ඇමරිකාව ඉරානය ඍජු ප්‍රහාර එල්ලකිරීමට පවා කටයුතු කරමින් ඉන්නවා. මේ තත්වය ඉතාම භයානකයි. අපි කියන්නේ නෑ මේ ඉරානය පලස්තීනය ප්‍රමුඛ මැදපෙරදිග රටවල ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ පාලනයන් ක්‍රියාත්මක වුණා කියලා. ඒ රටවල පවා ඒකාධිපති අන්තගාමී ලක්ෂණ අපි දැක්කා. නමුත් මේ වෙලාවේ ඇමරිකානු වැඩපිළිවෙළ ඒ අන්තගාමීත්වයට දූෂිත පාලනයට එරෙහි ඇත්ත වුවමානවකින් කෙරෙන මැදිහත් වීමක් නෙවෙයි.

මෙතනදි අපි මතු කරන ඊලග වැදගත් කාරණය තමයි මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවේ මැදිහත් වීම. ලංකාවෙ ආණ්ඩුව කරන ජාතික ජන බලවේග ආණ්ඩුව මේ යුද්ධයට එරෙහිව තීරණාත්මක ප්‍රකාශයක් කිරීමට පවා අපොහොසත් වෙමින් ඉන්නවා. අඩුම තරමින් මිනීමැරු ඊශ්‍රායලේ නම පවා නොකියා ඉන්න ඔවුන් පරිස්සම් වෙනවා. මේක ඉතාම කණගාටුදායක තත්වයක්. මොකද ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහ ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සඨන් කළ ඉතිහාසයක්. නමුත් අද ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති වෙලා ඉන්න තත්වයක් ඇතුලෙත් පලස්තීනයේ ඊශ්‍රායලය සහ ඇමරිකාව කරමින් යන මෙලෙච්ඡ යුද්ධය හෙළා දකින්න එක වචනයක් කියන්නෑ. අද වෙද්දි ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් සමූල ඝාතනය වෙලා ඉවරයි. නමුත් ආණ්ඩුව අද ඉන්දියානු සහ IMF න්‍යායපත්‍රයට යට වෙලා මේ යන ගමන ඇතුළේ අපිට පේනවා ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදී උපායමාර්ගය හමුවේ නිහඬ වෙමින් ඉන්නවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි හිතන්නේ අද මැදපෙරදිග පුපුරා යන  අධිරාජ්‍යවාදී බල කඳවුරු අතර බල පොරය නැවත්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ජනතා මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද මේ ධනේශ්වර පාලන තන්ත්‍රය කිසිඳු අයුරකින් මේ යුද උන්මාදය නතර කරන්නේ නෑ. අද වෙද්දි ඇමරිකාව ක්‍රියාත්මක කරන චීනය වටලෑමේ එහෙම නැත්තං ආර්ථික අතින් චීනය දුර්වල කිරීමේ උපායමාර්ගයේ අරමුණ සම්බන්ධ වෙන්නේ ඔවුන්ගේ ප්‍රාග්ධන කතාවත් එක්ක. ඒ අතරම තමයි රුසියාව යුක්‍රේනයට එරෙහිව ක්‍රියාත්මක කරන මෙලෙච්ඡ යුද්ධයත් අඩුවෙන් තක්සේරු කල යුතු නෑ. මේ සියලු මෙලෙච්ඡ යුද්ධයන්ට එරෙහිව ජනතා මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ ජනතා බලය ගොඩ නැගීමට එකතුවෙන්න කියලා අපි සියලුම රටවල්වල පීඩිත ජනතාවට සහ ප්‍රගතිශීලි බලවේගවලට ආරාධනා කරනවා. "

සම්බන්ධිත පුවත් | Related News

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

ප්‍රධාන පුවත්

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.