ඉරානය යුරේනියම් බල ගැන්වීම් යළි ආරම්භ කළහොත් නැවත පහර දෙනවා - ට්‍රම්ප් කියයි
තම න්‍යෂ්ටික පහසුකම් නැවත පණගැන්වීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විසින් තවත් හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත.
හේග් හි පැවැත්වෙන නේටෝ සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායල-ඉරාන ගැටුමෙන් පසු ඇති වූ නවතම සිදුවීම් පිළිබඳව අදහස් දැක්වීය.
සුළු සටන් විරාම උල්ලංඝනය කිරීම්වලින් පසුව, දෙපාර්ශවයම දැන් සටන් විරාමය පිළිපදින බව ඔහු තහවුරු කළේය. “මගේ ඉල්ලීම පරිදි ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ආපසු පැමිණියා. ඊශ්‍රායලය යුද්ධයෙන් පසුබැසීම ධනාත්මක ලකුණක්” ඔහු පැවසීය.
ට්‍රම්ප් ඉරානය තුළ එක්සත් ජනපදයේ ප්‍රධාන ජයග්‍රහණ ප්‍රකාශ කළ අතර, ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීම අවධාරණය කළේය. “දැන් එහි ඉතිරිව ඇත්තේ සුන්බුන් පමණයි. මෙම සටන් විරාමය ඉරානයටත් ජයග්‍රහණයක් – ඔවුන්ගේ රට බේරුණා” ඔහු වැඩිදුරටත් පැවසූ අතර, ඊශ්‍රායලයට ඉරාන මිසයිල ප්‍රහාරවලින් සිදු වූ හානියද සඳහන් කළේය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉරානයට නැවත යුරේනියම් බල ගැන්වීම් කිරීමට ඉඩ නොදිය යුතු බවයි. “ඉරානය යුරේනියම් බල ගැන්වීම් නැවත ආරම්භ කළහොත්, අපි නැවත ප්‍රහාර එල්ල කරන්නෙමු” ඔහු පැවසීය.
ඔහු සමග අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ, ට්‍රම්ප්ගේ පණිවිඩය යලි අවධාරණය කළේය. ඇමරිකානු ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන්ට බරපතල ලෙස හානි සිදු කළ බවත්, තවදුරටත් තක්සේරු කිරීම් සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්