ඉරානය යුරේනියම් බල ගැන්වීම් යළි ආරම්භ කළහොත් නැවත පහර දෙනවා - ට්‍රම්ප් කියයි
තම න්‍යෂ්ටික පහසුකම් නැවත පණගැන්වීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විසින් තවත් හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත.
හේග් හි පැවැත්වෙන නේටෝ සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායල-ඉරාන ගැටුමෙන් පසු ඇති වූ නවතම සිදුවීම් පිළිබඳව අදහස් දැක්වීය.
සුළු සටන් විරාම උල්ලංඝනය කිරීම්වලින් පසුව, දෙපාර්ශවයම දැන් සටන් විරාමය පිළිපදින බව ඔහු තහවුරු කළේය. “මගේ ඉල්ලීම පරිදි ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ආපසු පැමිණියා. ඊශ්‍රායලය යුද්ධයෙන් පසුබැසීම ධනාත්මක ලකුණක්” ඔහු පැවසීය.
ට්‍රම්ප් ඉරානය තුළ එක්සත් ජනපදයේ ප්‍රධාන ජයග්‍රහණ ප්‍රකාශ කළ අතර, ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීම අවධාරණය කළේය. “දැන් එහි ඉතිරිව ඇත්තේ සුන්බුන් පමණයි. මෙම සටන් විරාමය ඉරානයටත් ජයග්‍රහණයක් – ඔවුන්ගේ රට බේරුණා” ඔහු වැඩිදුරටත් පැවසූ අතර, ඊශ්‍රායලයට ඉරාන මිසයිල ප්‍රහාරවලින් සිදු වූ හානියද සඳහන් කළේය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉරානයට නැවත යුරේනියම් බල ගැන්වීම් කිරීමට ඉඩ නොදිය යුතු බවයි. “ඉරානය යුරේනියම් බල ගැන්වීම් නැවත ආරම්භ කළහොත්, අපි නැවත ප්‍රහාර එල්ල කරන්නෙමු” ඔහු පැවසීය.
ඔහු සමග අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ, ට්‍රම්ප්ගේ පණිවිඩය යලි අවධාරණය කළේය. ඇමරිකානු ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන්ට බරපතල ලෙස හානි සිදු කළ බවත්, තවදුරටත් තක්සේරු කිරීම් සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..