බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරු..
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක්, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ.
ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර ඇත.
සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. ප්‍රේමතිලක හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. පෙරේරා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. උදයකුමාර බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාවන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත් සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇත.
සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක බන්ධනාගාර මූලස්ථානයේ සිට හසිදි ප්‍රතිචාර උපක්‍රමික බලකායටත් , සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රදීප් වසන්ත කුමාර වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රනාන්දු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කුමාර එදිරිසිංහ මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයටත් මාරුකර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..