හරක් කටාට සීඅයිඩිය උදව් කළා - දේශබන්දු හෙළිකරයි..
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධ පරීක්ෂණ වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිතඅරමුණ ඉටු නොවන බවත් එහි ඇතැම් නිලධාරීන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට නොගන්නා බවත් අවබෝධ වූ හෙයින් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව ඊයේ 9 වැනි දිනටත් පාර්ලිමේන්තුවේදී රැස්විය.
කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්න කෝන් මහතා පළමුවෙන්ම සාක්ෂි දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. වීර වික්‍රම මහතා තෙන්න කෝන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
වීරවික්‍රම මහතා:
ඔබ පොලිස්පතිවරයා ලෙස සිටි සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම කාගේ තීරණයක්ද?
දේශබන්දු තෙන්නකොන් මහතා:
"ස්වාමීනි, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මට කැඳවීමක් කළා. කැඳවලා ඔහු මගෙන් ඇහුවා ඔබට පොලිස්පති ධුරය දුන්නොත් කුඩු නැති කරන්න මොකක්ද කරන්නෙ කියලා. මම මගෙ අදහස කිව්වා. ඒ සාකච්ඡාවට එවක හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් සහභාගී වෙලා සිටියා. ස්වාමීනි, එවක හරක් කටා කියන්නේ නම ගියපු අපරාධකාරයෙක්. මොහු පෞද්ගලික ජෙට් යානා භාවිත කර රටින් රටටත් යනවා. ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසක් මෙරට තුළත් ඉන්නවා. ඒ අනුගාමිකයින් යොදවලා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාව තුළ කරගෙන යනවා. ස්වාමීනි, අපි හරක් කටා අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙන එද්දී අපිට විශාල බලපෑමක් ආවා ඔහු මෙරටට ගේන්න එපා කියලා. ඔහු විශාල ලෙස ගුවන් යානය තුළ කලබල කළා. ඔහු ගුවන් යානයෙන් පනින්නත් ගියා. ඒක නිසා ඔහුගේ ඒ හැසිරීම නිසා අපිට ඔහු ගෙන එද්දී ඉන්දියාවෙත් යානය ගොඩ බස්සවන්නත් සිද්ධ වුණා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියා. හැබැයි ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කිසිදු අඩුපාඩුවක් නැතුව එලෙසම ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණු බව පෙනී ගියා."
නීතිඥ වීර වික්‍රම මහතා
2023 වසරේ නොවැම්බර් 30 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ පසු හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන කළාද
දේශබන්දු තෙන්නකෝන් මහතා :
රාජකාරී වේලාව තුළ කැඳ වූ නීත්‍යානුකූල සාකච්ඡාවක් එම සාකච්ඡාවේදී තමාට 149 දෙනෙකුගේ නම් සහ දුරකථන අංක ඇතුළත් ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ලබා දුන්නා
නීතීඥ වීරවික්‍රම මහතා :
අදාළ නම් ඇතුළත් ලැයිස්තුවට කුමක් කළේ ද
දේශබන්දු තෙන්නකෝන් මහතා :
" ස්වාමීනි, මම එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වාචිකව උපදෙස් දුන්නා. මෙම ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරලා නීතිමය කටයුතු කරන්න කියලා.
නීතීඥ වීරවික්‍රම මහතා
ඇයි එය අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට භාර දෙන්නේ නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ?
දේශබන්දු තෙන්නකෝන් මහතා :
"ස්වාමීනි, එවකට සීඅයිඩ් එකේ හිටපු ලොකු ලොකු අයට හරක් කටාගේ මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගත්තෙ නැහැ. ඔවුන්ට අත්අඩංගුවට ගන්න බැරිවුණා. සී අයිඩ් එකට දීලා අපේක්ෂිත කාරණාව ඉටු වෙන්නෙ නැහැ කියලා දැනගත්තු නිසා මම කොළඹ අපරාධ කොට්ඨාසයට එය භාර දුන්නා.
සභාපති විනිසුරු ප්‍රති පද්මන් සුරසේන මහතා
කොළඹ අපරාධ කොට්ඨාසයට අදාළ බල ප්‍රදේශය කුමක්ද?
දේශබන්දු තෙන්නකෝන් මහතා
ස්වාමීනි, ඔවුන් වැඩ කරන්නේ කොළඹ ප්‍රදේශයේ, හැබැයි පොලිස් ස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් පුළුවන්. ඒ හැකියාව ඔවුන්ට තියෙනවා.
නීතීඥ වීරවික්‍රම මහතා
දුරකථන අංක ඇතුළත් ලියුම වැඩබලන අධ්‍යක්ෂවරයාට දීලා පැවසුවේ කුමක්ද
දේශබන්දු තෙන්නකෝන් මහතා :
" ස්වාමීනි, එම දුරකථන අංකවලට අදාළ පුද්ගලයින් හරක් කටා සමග කතා කර තිබෙන්නේ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ සම්බන්ධයෙන් නම්, ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ 149 දෙනාගේම වාර්තාවක් ලබා දෙන ලෙසට උපදෙස් දුන්නා.
නීතීඥ එස්. වීරවික්‍රම මහතා
එම ලැයිස්තුවේ ඇතුළත් පුද්ගලයින් වැඩි වශයෙන් සිටියේ කුමන ප්‍රදේශවලද?
දේශබන්දු තෙන්නකෝන් මහතා :
"ඔවුන් මාතර, වැලිගම, පැළෑන, මිරිස්ස යන ප්‍රදේශ වල සිටියේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය සම්පත් ලබා ගන්න කියලා මම ඔහුට වාචිකව අනුමැතියක් පවා ලබා දීලා තිබුණා.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි