News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල සංචාරක හෝටල් වැසී යයි.. ලාංකිකයන්ට රැකියා අර්බුදයක්..

Jun 23, 2025 at 12:46 PM
|

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් එරට වෙසෙන ලාංකියන් සදහා නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඊශ්‍රායිල් වත්මන් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් –

  1. ඊශ්‍රායිල්- ඉරාන් යුද්ධයේ 11 වන දිනය වන විට පසුගිය පැය 24 ඇතුළත දෙවතාවක් ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල විය. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශවී ඇතත් ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත හානි වාර්තා නොවේ. එල්ල කරන ලද මිසයිල 26 න් 23 ක් විනාශ කරන ලද අතර 3ක් භූමියට පතිත විය. ශ්‍රී ලාංකිකයන් අතුළු විදේශ සේවකයන්ට සිදු වූ අනතුරු පිළිබඳව වාර්තා නොවේ.
  2. අද අළුයම 3.00 පමණ රටපුරා අනතුරු ඇඟවීමේ සයිරන් හඬ පැතුරුණු අතර තවත් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් ඇත. මිසයිල කඩා වැටීමක් වාර්තා නොවේ.
  3. හෙට දිනයේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ගොස් TABA දේශසීමාව හරහා ගොස් කයිරෝ ගුවන් තොටුපලට පැමිණ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ඔවුන්ගේ කටයුතු ඊජිප්තුවේ පිසිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධීකරණය සිදු කෙරේ. මේ අතර ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තවත් 12 දෙනෙකු ඊයේ තානාපති කාර්යාලය පැමිණි අතර ඉදිරි දිනවල ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.
  4. ටෙල් අවිව් සිට ඊශ්‍රායලයේ එලාට් නගරය වෙත ගොස් TABA දේශසීමාව හරහා ගොස් කයිරෝ ගුවන් තොටුපලට ළඟා වීම ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ සිදු කළ යුතුය. කිලෝමීටර් 450 ක් පමණ වන මෙම මාර්ගය ඊශ්‍රායලයේ හා ඊජිප්තුවේ කාන්තාර හරහා වැටී තිබේ. දැනට පවතින ගිම්හාන කාලය තුළ මෙම කලාපවල සෙල්සියස් අංශක 45 දක්වා උෂ්ණත්වයක් පවතී. ඊජිප්තු දේශසීමාවට ඇතුල්වීමෙන් පසු එම ගමන් මාර්ගය හරහා ආරක්‍ෂිත මුරපොළවල් ගණනාවක් ඇති අතර ඒ සියල්ලේ දීම වාහනවල ගමන් කරන්නන් පරික්ෂා කෙරේ. එම හිසා මේ මාර්ගය හරහා ගොස් කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන්නට අපේක්ෂා කරන අපිරිස තම ගමනට දිනකට කලින් එහි ගමන් ආරම්භ කරන මෙන් දන්වයි.
  5. මේ අතර ඉන්දියන් රජය විසින් තම විදේශ සේවකයන් රැගෙන යාමට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපලේ සිට නව දිල්ලි ගුවන් තොටුපල දක්වා ගුවන් යානා කීපයක් ක්‍රියාත්මක කරන අතර එම යානාවල ශ්‍රී ලාංකිකයන් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තනාපති කාර්යාලය දන්වන ලදී.
  6. මෙම යානාවලන් ගමන් වාර ලබා ගැනීම විදේශ අමාත්යංශය විසින් අනුමත කොට තිබේ. ඒ අනුව නොමිලේ සපයන මෙම ගුවන් යානාවලින් ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂිත පිරිස අද හා හෙට තානාපති කාර්යාලයේ දී ලියාපදිංචි කෙරේ. මෙම ගමන්වාරවල කටයුතු හඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සහාය වනු ඇත.
  7. පවතින යුධමය තත්වය හේතුවෙන් හෝටල් සඳහා සංචාරකයන් නොපැමිණීමෙන් ඒවායේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ගැටළු ඇතිවේ තිබේ. Dead Sea ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වසා දැමීම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට වෙනත් හෝටලයක් සේවයට යාමට සිදුවී තිබේ. මෙවැනි අසීරුකම් ඇති පිරිස එවැනි විස්තර තානාපති කාර්යාලයට වාරතා කරන මෙන් දන්වයි.
  8. දැනට ශ්‍රී ලංකාවට ගොස් සිටින නැවත පැමිණීමට අපේක්ෂා කරන පිරිස නිරන්තරයෙන් තම දුක්ගැනවිලි අප වෙත ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකා රජය විසින්, පවතින යුධ තත්ත්වය සමනය වනතුර ඔවුන් ඊශ්‍රායලයට නොඑවිමට තීරණයක් ගෙන ඇති බැවින් ඒ අනුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි.
  9. ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශවල ජනජීවිතය සාමාන්‍ය පරිදි සිදුවන අතර බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. එහෙත් මිසයිල ප්‍රහාර එල්ලවන් අවස්ථාවල් බස් රථයක හෝ වාහනයක ගමන් කරන පිරිස් අදාළ වාහනවලින් බැස ආසන්න ස්ථානවල ඇති ආරක්‍ෂිත ස්ථානයක් හෝ ආවරණයක් යට ආරක්ෂාව සලසා ගන්නා මෙන් දන්වමි. මිසයිලවලට පහරදීමේදී කඩා වැටෙන ගිනියම් වූ කොටස් වාහන මතට වැටී ගිනිගෙන ඇති නිසා වාහනවලින් ඉවත්වීමට උපදෙස් ලබා දී ඇත.
  10. ආහාර හිගයක් හෝ ජලය හා විදුලිය සැපයීම ආදලවීමක් වාර්තා නොවේ. කෙසේ වෙතත් තම දුරකථනය නිරන්තරයෙන් ආරෝපණය කර ගන්න ලෙසත් අමතර් ජංගම ආරෝපණ බැටරියක් තබා ගන්න ලෙසත් ඉල්ලා සිටිමි. ඊශ්‍රායලයේ සිටින තම පවුලේ අයගෙන් දිනකට වරක් හෝ දුරකථන පණිවුඩයක් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ පවුල් වල පිරිස් නිරන්තරයෙන් කලබලයට පත්වීම හේතුවෙන් ඔවුනට ඔබගේ තත්ත්වය දන්වා ඇමතුම ලබා දෙන්න.
  11. මෙම අසීරු වාතාවරණය යටතේ වුව ද තානාපති කාර්යාලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂිත පිරිසට පහසුකම් සැලසීමට කාර්යය මණ්ඩලය සුදානමින් සිටිති.

නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති.

සම්බන්ධිත පුවත් | Related News

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.