මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ.
ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවය.
පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්ය.
ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩද අස්ථානගත වී ඇති බවත් උප සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල් ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..