පෙන්ටගනය සහ එක්සත් ජනපද ජාතික බුද්ධි ප්‍රධානීන් පසෙකට දමා ඉරාන-ඊශ්‍රායල් සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් සාකච්ඡා පවත්වනවා!- ජාත්‍යන්තර මාධ්‍ය පවසයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ්, ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් බැහැර කර ඇති බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් උපුටා දක්වමින් එන්බීසී ප්‍රවෘත්ති සේවයේ සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් වාර්තා කර පවසයි.
එන්බීසී පුවත් සේවයට අනුව, ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් පසෙකට දැමීම, ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට නිල එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රකාශයන්ට එරෙහිව ඇය ප්‍රසිද්ධියේ සහ අභ්‍යන්තරික වශයෙන් එල්ල කරන පීඩනය හේතුවෙන් පැන නගින බව විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්වද මෙහෙයුම් සාකච්ඡාවලින් ද ඉවත් කර ඇති අතර, මැද පෙරදිග අතිරේක එක්සත් ජනපද හමුදා මෙහෙයුම් අධීක්ෂණය කරන තරු හතරේ ජෙනරාල්වරුන් දෙදෙනෙකු සාකච්ඡා වල පෙරමුණ ගෙන ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා පවසයි.
ට්‍රම්ප් දැන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ ඒකාබද්ධ ප්‍රධානීන්ගේ උප සභාපති ජෙනරාල් ඩෑන් කේන් යන අයගෙන් සමන්විත කුඩා එහෙත් වඩා පළපුරුදු 'පළමු පෙළ' උපදේශක කණ්ඩායමක් මත විශ්වාසය තබන බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතය වී තිබේ. එම පිරිස සාම්ප්‍රදායික සිවිල් ආරක්ෂක සහ බුද්ධි නායකත්වයට වඩා ඉරානය පිළිබඳ එක්සත් ජනපද ප්‍රතිපත්තිය සකස් කරමින් සිටින බවද විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර, හෙග්සෙත් "දිනකට කිහිප වතාවක් ජනාධිපතිවරයා සමඟ කතා කරන බවත්, මේ සතියේ ජනාධිපතිවරයා සමඟ "සන්නිවේශ කාමරයේ" සිට ඇති බවත්" අවධාරණය කරයි. ගැබාර්ඩ් වාර්තාකරුවන්ට පැවසුවේ ඇය සහ ජනාධිපතිවරයා "එකම ස්ථාවරයක" සිටින බවයි.
ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ආසන්න බව පවසමින් ඊශ්‍රායලය පසුගිය සතියේ ඉරානයට එරෙහිව මහා පරිමාණ බෝම්බ ප්‍රහාරයක් දියත් කළේය. ට්‍රම්ප් "ඉදිරි සති දෙක තුළ" ඊශ්‍රායල ප්‍රහාරවලට සහයෝගය දක්වන්නේද යන්න තීරණය කරනු ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අද(19) පැවසීය.
කෙසේ වෙතත්,සෙනෙට් බුද්ධි කමිටුවේ ඉහළම ඩිමොක්‍රටික් මන්ත්‍රී සෙනෙට් සභික මාර්ක් වෝනර් පැවසුවේ එක්සත් ජනපද බුද්ධි අංශ තවමත් තක්සේරු කරන්නේ ඉරානය බලගැන්වූ යුරේනියම් තොගයක් ආරක්ෂා කර තබා ඇති නමුත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම සඳහා ස්ථිර පියවර ගෙන නොමැති බවයි. මෙම මතය පසුගිය මාර්තු මාසයේදී ගැබාර්ඩ් එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවට "ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන බව විශ්වාස නොකරයි" යනුවෙන් කොන්ග්‍රසයට පැවසූදා සිටම නොවෙනස්ව පවතී.
ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා(17) මෙම තක්සේරුවට පටහැනිව, ඉරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීමට "සති කිහිපයක් ගතවී ඇති" බව පැවසූ අතර ගැබාර්ඩ්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, "ඇය පැවසූ දේ මට ප්‍රශ්නයක් නොවේ" යනුවෙන්ද පැවසීය.
හිටපු ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් කාන්තාවක් මෙන්ම ඉරාක යුද්ධයේ ප්‍රවීණයෙකුද වන ගැබාර්ඩ් , එන්එස්ඒ තොරතුරු හෙළි කරන්නෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධ නිලධාරිනියක් මෙන්ම දිගු කලක් තිස්සේ ඇය අධීක්ෂණය කරන එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව විවේචනය කිරීමටද පෙළඹී ඇත.ඇය හිරෝෂිමාවේ කළ සංචාරයකින් පසු න්‍යෂ්ටික යුද්ධයේ භීෂණය පිළිබඳ අනතුරු ඇඟවීමේ වීඩියෝවක් නිකුත් කිරීම ට්‍රම්ප්ගේ උපදේශකයින් කෝපයට පත් කර ඇති බව වාර්තා වේ. පසුගිය ජුනි 8 වන දින කැම්ප් ඩේවිඩ් හි ඉරාන ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන ප්‍රධාන රැස්වීමකට ඇගේ නොපැමිණීම ඇගේ අඩු වූ බලපෑම පිළිබඳ අනුමානයන්ට හේතු වී ඇති අතර, මෑත කාලීන උපායමාර්ගික සාකච්ඡාවලට ඇය සහභාගී වී නොමැති බව එන්බීසී වෙත තොරතුරු ලැබෙන විවිධ පුවත් මූලාශ්‍ර පවසයි.
Pentagon and US national intelligence chiefs sidelined from Iran‑Israel discussions – media
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්