News Category
From Date
To Date
Maximum Number of Result

'පිළිකාවක් වැනි' ඊශ්‍රායලය මැද පෙරදිග සාමයට තර්ජනයක්! උතුරු කොරියාව ඉරානයට සහයෝගය දක්වනවා- උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය

Jun 20, 2025 at 09:12 AM
|

1973 වර්ෂය දක්වා දිවෙන රාජ්‍යය තාන්ත්‍රික සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ පවා සමීප සබඳතා ගොඩනඟා ගෙන තිබේ.

ඉරානය ඊශ්‍රායලය සමඟ ගැටුම මධ්‍යයේ උතුරු කොරියාව ඊයේ(19) ඉරානයට සහාය දැක්වූ අතර, ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා උතුරු කොරියාවේ "බරපතල කනස්සල්ල" ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු රාජ්‍යයේ නිල පුවත් සේවය වන KCNA ට අනුව, උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊශ්‍රායලය "මැද පෙරදිග සම්පූර්ණ යුද්ධයක" අන්තරායන් මතු කරන බවට තවදුරටත් චෝදනා කළේය.

"සමස්ථ ලෝකය මේ මොහොතේ අත්විඳින බරපතල තත්ත්වය පැහැදිලිවම ඔප්පු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල සහාය සහ අනුග්‍රහය ලබන ඊශ්‍රායලය මැද පෙරදිග සාමය සඳහා පිළිකාවක් වැනි ආයතනයක් බවයි. එලෙසම ගෝලීය සාමය සහ ආරක්ෂාව විනාශ කිරීමේ ප්‍රධාන වැරදිකරුවෙකු බවට ඊශ්‍රායලය පත්වී තිබෙනවා." KCNA පුවත් සේවය  ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා උපුටා දක්වමින් පැවසීය.

ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට ඊශ්‍රායලය තමන්ට ආවේණික "බිහිසුණු ආක්‍රමණශීලී ක්‍රියාව" අනුගමනය කිරීම ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා දැඩිව හෙලා ද්ක්කේය. 

"මැද පෙරදිගට නව යුද්ධයක් ගෙන ආ සියොන්වාදීන් සහ ඔවුන්ට දැඩි අභිලාශයකින් අනුග්‍රහය දක්වන සහ සහාය දෙන තිරය පිටුපස බලවේග ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව විනාශ කිරීම සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි." නිලධාරියා ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය.

ඊශ්‍රායලයට එරෙහි උතුරු කොරියාව කළ ප්‍රකාශය ඉරානය සමඟ උතුරු කොරියාවේ සමීප සබඳතා පිළිබිඹු කරන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. 1973 දක්වා දිවෙන දෙරට අතර සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං යන දෙරටම හොඳ විශ්වාසයක් ගොඩනඟා ගෙන ඇති අතර ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල දැඩි සම්බාධක පනවා තිබේ.


--------

උතුරු කොරියානු KCNA පුවත් සේවය උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය

කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ජුනි 19 වන දින "මැදපෙරදිගට නව යුද්ධයක් ගෙන ආ ආක්‍රමණශීලී බලවේග ගෝලීය සාමය විනාශ කිරීමේ වගකීමෙන් කිසි විටෙකත් වැළකී නොසිටිනු ඇත" යන මාතෘකාව යටතේ පහත මාධ්‍ය ප්‍රකාශය නිකුත් කළේය.

ජූනි 13 වන දින අලුයම ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව නොසැලකිලිමත් මහා පරිමාණ මිලිටරි ප්‍රහාරයක් දියත් කළ ඊශ්‍රායලය විසින් රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදයේ නීති විරෝධී ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස හෙලාදකින අතර ප්‍රජාව තුළ මහත් කනස්සල්ලක් ඇති කර තිබේ. ඉශ්‍රායලයේ මෙම ක්‍රියා පිළිවෙත මගින් මැදපෙරදිග කලාපයේ නව සම්පූර්ණ යුද්ධයක අනතුර මතු කරනු ලබයි.

ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මය හිතාමතාම උල්ලංඝනය කරමින් සිවිල් වැසියන්ට එරෙහිව දිනපතා උත්සන්න වන ඊශ්‍රායලයේ නොසැලකිලිමත් මිලිටරි ප්‍රහාරය ස්වෛරී රාජ්‍යයක ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ඕනෑකමකින් උල්ලංඝනය කරන බිහිසුණු ආක්‍රමණශීලී ක්‍රියාවක් වන අතර මනුෂ්‍යත්වයට එරෙහි සමාව දිය නොහැකි අපරාධයක් බව අවධාරණය කරමු.

ඒ අනුව උතුරු කොරියාව ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කළ මිලිටරි ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ල පළ කරන අතර එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකී.

ලෝකය අත් විඳින වර්තමාන බරපතල තත්ත්වය මගින් පැහැදිලිවම ඔප්පු කරන්නේ, එක්සත් ජනපදය සහ බටහිර රටවල සහයෝගය සහ අනුග්‍රහය ලබන ඊශ්‍රායලය, මැද පෙරදිග සාමය සඳහා පිළිකාවක් වැනි ආයතනයක් බවත්, ගෝලීය සාමය සහ ආරක්ෂාව විනාශ කිරීමේ ප්‍රධාන වැරදිකරුවෙකු බවත්ය.

ඊශ්‍රායලය අතීතයේ මැද පෙරදිග යුද්ධ හතරක් සහ හමුදා ආක්‍රමණ දුසිම් ගණනක් හරහා තම භූමිය ක්‍රමයෙන් පුළුල් කරගෙන තිබේ. මෑත වසරවලදී පමණක්, එය පලස්තීනයේ ගාසා තීරයට, ජෝර්දාන් ගඟේ බටහිර ඉවුරට, ලෙබනනයට, සිරියාවට සහ අනෙකුත් කලාපීය රටවලට පියවරෙන් පියවර හමුදා ප්‍රහාර උත්සන්න කර ඇති අතර, එමඟින් දස දහස් ගණනක් සිවිල් වැසියන් සමූලඝාතනය කර බරපතල මානුෂීය අර්බුදයක් නිර්මාණය කර තිබේ.

ඉරානයේ නීත්‍යානුකූල ස්වෛරී අයිතිය සහ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, එක්සත් ජනපදය සහ බටහිර බලවේග යුද ගිනිදැල් අවුළුවන ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින අතර, ඊශ්‍රායලයේ භෞමික ව්‍යාප්තිය දියත් කරන ආකාරය සම්බන්ධයෙන් කෝපයට පත් වී මැදපෙරදිග තත්ත්වය පාලනය කළ නොහැකි ව්‍යසනකාරී අවධියකට තල්ලු කිරීමට ඊශ්‍රායලය ගන්නා උදමය ක්‍රියාමාර්ග හෙළා දකින්නට කටයුතු කරති.

මැදපෙරදිගට නව යුද්ධයක් ගෙන ආ සියොන්වාදීන් සහ ඔවුන්ට දැඩි අභිලාශයකින් අනුග්‍රහය දක්වන සහ සහාය දෙන තිරය පිටුපස බලවේග ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව විනාශ කිරීම සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

Spokesperson for DPRK Foreign Ministry Issues Press Statement



සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.