News Category
From Date
To Date
Maximum Number of Result

'පිළිකාවක් වැනි' ඊශ්‍රායලය මැද පෙරදිග සාමයට තර්ජනයක්! උතුරු කොරියාව ඉරානයට සහයෝගය දක්වනවා- උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය

Jun 20, 2025 at 09:12 AM
|

1973 වර්ෂය දක්වා දිවෙන රාජ්‍යය තාන්ත්‍රික සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ පවා සමීප සබඳතා ගොඩනඟා ගෙන තිබේ.

ඉරානය ඊශ්‍රායලය සමඟ ගැටුම මධ්‍යයේ උතුරු කොරියාව ඊයේ(19) ඉරානයට සහාය දැක්වූ අතර, ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා උතුරු කොරියාවේ "බරපතල කනස්සල්ල" ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු රාජ්‍යයේ නිල පුවත් සේවය වන KCNA ට අනුව, උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊශ්‍රායලය "මැද පෙරදිග සම්පූර්ණ යුද්ධයක" අන්තරායන් මතු කරන බවට තවදුරටත් චෝදනා කළේය.

"සමස්ථ ලෝකය මේ මොහොතේ අත්විඳින බරපතල තත්ත්වය පැහැදිලිවම ඔප්පු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල සහාය සහ අනුග්‍රහය ලබන ඊශ්‍රායලය මැද පෙරදිග සාමය සඳහා පිළිකාවක් වැනි ආයතනයක් බවයි. එලෙසම ගෝලීය සාමය සහ ආරක්ෂාව විනාශ කිරීමේ ප්‍රධාන වැරදිකරුවෙකු බවට ඊශ්‍රායලය පත්වී තිබෙනවා." KCNA පුවත් සේවය  ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා උපුටා දක්වමින් පැවසීය.

ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට ඊශ්‍රායලය තමන්ට ආවේණික "බිහිසුණු ආක්‍රමණශීලී ක්‍රියාව" අනුගමනය කිරීම ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා දැඩිව හෙලා ද්ක්කේය. 

"මැද පෙරදිගට නව යුද්ධයක් ගෙන ආ සියොන්වාදීන් සහ ඔවුන්ට දැඩි අභිලාශයකින් අනුග්‍රහය දක්වන සහ සහාය දෙන තිරය පිටුපස බලවේග ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව විනාශ කිරීම සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි." නිලධාරියා ප්යොංයැංහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය.

ඊශ්‍රායලයට එරෙහි උතුරු කොරියාව කළ ප්‍රකාශය ඉරානය සමඟ උතුරු කොරියාවේ සමීප සබඳතා පිළිබිඹු කරන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. 1973 දක්වා දිවෙන දෙරට අතර සබඳතා සමඟ, ටෙහෙරානය සහ ප්යොංයැං යන දෙරටම හොඳ විශ්වාසයක් ගොඩනඟා ගෙන ඇති අතර ඔවුන්ගේ ආයුධ සහ න්‍යෂ්ටික වැඩසටහන් සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල දැඩි සම්බාධක පනවා තිබේ.


--------

උතුරු කොරියානු KCNA පුවත් සේවය උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය

කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ජුනි 19 වන දින "මැදපෙරදිගට නව යුද්ධයක් ගෙන ආ ආක්‍රමණශීලී බලවේග ගෝලීය සාමය විනාශ කිරීමේ වගකීමෙන් කිසි විටෙකත් වැළකී නොසිටිනු ඇත" යන මාතෘකාව යටතේ පහත මාධ්‍ය ප්‍රකාශය නිකුත් කළේය.

ජූනි 13 වන දින අලුයම ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව නොසැලකිලිමත් මහා පරිමාණ මිලිටරි ප්‍රහාරයක් දියත් කළ ඊශ්‍රායලය විසින් රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදයේ නීති විරෝධී ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස හෙලාදකින අතර ප්‍රජාව තුළ මහත් කනස්සල්ලක් ඇති කර තිබේ. ඉශ්‍රායලයේ මෙම ක්‍රියා පිළිවෙත මගින් මැදපෙරදිග කලාපයේ නව සම්පූර්ණ යුද්ධයක අනතුර මතු කරනු ලබයි.

ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මය හිතාමතාම උල්ලංඝනය කරමින් සිවිල් වැසියන්ට එරෙහිව දිනපතා උත්සන්න වන ඊශ්‍රායලයේ නොසැලකිලිමත් මිලිටරි ප්‍රහාරය ස්වෛරී රාජ්‍යයක ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ඕනෑකමකින් උල්ලංඝනය කරන බිහිසුණු ආක්‍රමණශීලී ක්‍රියාවක් වන අතර මනුෂ්‍යත්වයට එරෙහි සමාව දිය නොහැකි අපරාධයක් බව අවධාරණය කරමු.

ඒ අනුව උතුරු කොරියාව ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කළ මිලිටරි ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ල පළ කරන අතර එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකී.

ලෝකය අත් විඳින වර්තමාන බරපතල තත්ත්වය මගින් පැහැදිලිවම ඔප්පු කරන්නේ, එක්සත් ජනපදය සහ බටහිර රටවල සහයෝගය සහ අනුග්‍රහය ලබන ඊශ්‍රායලය, මැද පෙරදිග සාමය සඳහා පිළිකාවක් වැනි ආයතනයක් බවත්, ගෝලීය සාමය සහ ආරක්ෂාව විනාශ කිරීමේ ප්‍රධාන වැරදිකරුවෙකු බවත්ය.

ඊශ්‍රායලය අතීතයේ මැද පෙරදිග යුද්ධ හතරක් සහ හමුදා ආක්‍රමණ දුසිම් ගණනක් හරහා තම භූමිය ක්‍රමයෙන් පුළුල් කරගෙන තිබේ. මෑත වසරවලදී පමණක්, එය පලස්තීනයේ ගාසා තීරයට, ජෝර්දාන් ගඟේ බටහිර ඉවුරට, ලෙබනනයට, සිරියාවට සහ අනෙකුත් කලාපීය රටවලට පියවරෙන් පියවර හමුදා ප්‍රහාර උත්සන්න කර ඇති අතර, එමඟින් දස දහස් ගණනක් සිවිල් වැසියන් සමූලඝාතනය කර බරපතල මානුෂීය අර්බුදයක් නිර්මාණය කර තිබේ.

ඉරානයේ නීත්‍යානුකූල ස්වෛරී අයිතිය සහ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, එක්සත් ජනපදය සහ බටහිර බලවේග යුද ගිනිදැල් අවුළුවන ආකාරය ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින අතර, ඊශ්‍රායලයේ භෞමික ව්‍යාප්තිය දියත් කරන ආකාරය සම්බන්ධයෙන් කෝපයට පත් වී මැදපෙරදිග තත්ත්වය පාලනය කළ නොහැකි ව්‍යසනකාරී අවධියකට තල්ලු කිරීමට ඊශ්‍රායලය ගන්නා උදමය ක්‍රියාමාර්ග හෙළා දකින්නට කටයුතු කරති.

මැදපෙරදිගට නව යුද්ධයක් ගෙන ආ සියොන්වාදීන් සහ ඔවුන්ට දැඩි අභිලාශයකින් අනුග්‍රහය දක්වන සහ සහාය දෙන තිරය පිටුපස බලවේග ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව විනාශ කිරීම සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

Spokesperson for DPRK Foreign Ministry Issues Press Statement



සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.