ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි..
ඇමෙරිකානු ප්‍රහාරක හමුදා ජෙට් යානා 30ක් යුරෝපයට යවා ඇති අතර ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකානු මැදිහත්වීමක් සිදුවනු ඇති බවට වාර්තා පළවී තිබේ. ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව සීබීඑස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
ඇමරිකාවට පහර දිය හැකි එක් ඉලක්කයක් වන්නේ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික බලාගාරයයි. එය භූගත ගැඹුරු පරිශ්‍රයක පිහිටා ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමෙරිකානුවන් සතුව පමණකි. එහෙත් ඉරානයට පහර දීමට එක්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපදේශකයින් අතර පැහැදිලි එකඟතාවක් නැත. යුද විශේෂඥයින් පවසන්නේ ඇමෙරිකාව මීට සම්බන්ධ වීම මගින් ගැටුම ‘සම්පූර්ණයෙන්ම’ වෙනසකට ලක්වනු ඇති බවයි.
ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ හෙළන ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිත කරන ඇමෙරිකානු හමුදාවට අයත් ටැංකි ගුවන් යානා ඇතුළු යානා 30 ක් පසුගිය දින තුන තුළ යුරෝපයට යවා තිබේ. මේ යානා ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ එංගලන්තයේ ඇති ඇමෙරිකානු ගුවන් කඳවුරුවල නතර කර තිබේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් ‘කොන්දේසි විරහිතව යටත් වන’ ලෙස ඉල්ලා සිටින අතර මේ අවස්ථාවේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මරා නොදමන බව ද පවසයි. එහෙත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එක්ස් හි සටහන් තබමින් ‘කිසි විටෙකත් සියොන්වාදීන් සමග සම්මුතියක් ඇති කර නොගන්නා’ බව පවසා තිබේ.
“අපි සියොන්වාදීන්ට කිසිදු අනුකම්පාවක් නැහැ” යනුවෙන් ඔහු තැබූ සටහනේ පරිවර්තනයක දැක්වේ. තවත් සටහනක ඔහු ‘සටන ආරම්භ වනවා’ යනුවෙන් දක්වා ඇත.
ඊයේ එනම් හයවන දිනටත් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිසයිල හුවමාරු වෙමින් තිබිණි. ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 ‘හයිපර්සොනික්’ මිසයිලයක් එල්ල කර තිබේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..